දළදා වතුර ගැලූ ඓතිහාසික දළදා පෙරහර

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දළදා වතුර ගැලූ ඓතිහාසික දළදා පෙරහර

    දළදා වතුර ගැලූ ඓතිහාසික දළදා පෙරහර

    දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය
    image_b9c7371a35.jpg

    එදා ඒ එක්දහස් අටසිය පහළොවේ ඉංග්‍රීසින්ට රට යටත් වූ අලුත්ම වාගේ මහත් නියං සායකින් රට දැවෙන්නට විය. සිංහල රජ දවස අසිරිමත්ව පැවැත්වූ දළදා පෙරහර සිරිත් ප්‍රකාරව නොපවත්වා අවුරුදු දහ පහළොවක් ගත වූ විට ඇතිවූ මේ දැඩි නියඟයට හේතු සාධක වශයෙන් බෞද්ධයන් විසින් ඉංග්‍රීසින්ට කළ අවලාදය වූයේ පාරම්පරිකව පැවැත්වූ දළදා පුද සිරිත්වලට රාජානුග්‍රහය නොදැක්වීමේ චෝදනාවය.

    අැති වී තිබෙන නියඟය දුරුකර ගැනීමට අවශ්‍යව සිටි ඉංග්‍රීසීහුද ඒ සඳහා අවසරය ලබා දුන්හ. ඒ 1828 මැයි 29 දාට යෙදුණ වෙසක් පො​හෝ දිනයෙහි එම පූජෝත්සවය පවත්වන ලෙසය.

    1828 මැයි 29 බ්‍රහස්පතින්දා එම අසිරිමත් දන්ත ධාතුන් වහන්සේ මාලිගාවෙන් පිටතට වඩම්මවා මහනුවර වීදි ඔස්සේ පෙරහර ගොස් පසුව රාජ රාජ්‍ය මහාමාත්‍යාදීන් ප්‍රමුඛ මහජනතාවට පැවැත්වූ එම ඓතිහාසික දළදා ප්‍රදර්ශනයෙන් පසු ලංකාවට එතෙක් තිබුණු දැඩි නියඟය තුරන් වී මහා ගංවතුරක් පවා ගැලුයේය. අද මෙන් ගංගාශ්‍රිතව නිවාස මන්දිර පැල්පත් නොතිබූ එසමයෙහි ගංවතුර නිසා සිදුවූ ජීවිත හානි ගැන වාර්තාවක් දක්නට නැතත් ඒ පෙරහර බැලීමට පැමිණි මහජනතාව මහනුවරදී වැස්සට කොටුවීම නිසා සිත් සේ විවේක පාඩු පිට දළදා ප්‍රදර්ශනයද නරඹා නිවී සැනහිල්ලේ ගම්බිම් බලා ගිය බව නම් වාර්තා වී තිබේ. ​

    මේ දළදා පෙරහර සංවිධානය පිළිබඳ ලේකම් මිටිය භාරව සිටි නිලමේතුමා විසින් ඇසින් දුටු පරිදි එම දිනවලම ලියා තැබූ ලේකම් මිටියකින් තමා වෙත ලැබුණු පත්ඉරු කීපයක සඳහන්ව තිබූ කරුණු ගළපා එම ප්‍රලේඛනය ස්වකීය ‘පුරාවෘත’ නමැති ග්‍රන්ථයට ඇතුළත් කොට 1928 අගෝස්තු 31 දින එනම් ඊට සියවසකට පසුව දිවංගත ඩී.ඩී. රණසිංහ පාඨශාලාචාර්යතුමන් කළ උදාර මෙහෙයට පින් සිදු වන්නට අද අපට එම වටිනා ලියවිල්ල ඔබ හමුවට පැමිණවීමට හැකියාව ලැබුණි.

    එහි සඳහන් පරිදි ඉංග්‍රීසි ආණ්‍ඩුකාර “නෛකශ්‍රීයෙන් විරාජමාන සර් ඇඩ්වඩ් බාන්ස් ගරුතර උතුමාණන් වහන්සේ සහ බිසවුන් වහන්සේ පෙරහරට දළදාව වැඩමවීම සඳහා කැඳවාගෙන ආවේ ‘කූනම්’වලිනි. එතුමාට තිබී ඇත්තේද ‘ශ්‍රී හස්තයකි.”

    ප්‍රකාශිත ලියවිල්ලට අනුව මෙම පෙරහරෙහි විශේෂාංග 32ක් තිබී ඇති අතර එහි 11 සිට 19 දක්වා ද අංක 23 සහ අංක 25 ද රණසිංහ මහතාට ලැබී නැත. අදාළ පුස්කොළ පොතෙහි එම අංක සඳහන් පත්ඉරු හැලී ඇති නිසා එසේ වූවා විය හැකිය.

    කෙසේ වෙතත් අංග 32කින් සමන්විත පෙරහරක් එකල පැවැති කල්‍යාණවීදිය, යටිනුවර වීදිය, නාගහවීදිය, උඩුනුවර වීදිය දිගේ පැවැති පෙරහර කෙතරම් දිග ද අලි ඇතුන් සහිත පෙරහරෙහි විස්තර ලිපිය පුරා සටහන් වී ඇත.

    එකල රාජකාරි වශයෙන්ම පත්වීම් ලැබ තිබූ සියලුම නිලමේවරු පෙරහරෙහි ගමන් කර ඇත. ඒ ඇතුන් පිට දෙන්නා තුන්දෙනා බැගිනි. එකල තනතුරු දැරූ නිලමේවරුන් සියලු දෙනාගේම නම් තනතුරු සමගම මෙහි සටහන් ඇත. එකල දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දරා ඇත්තේ දෙහිගම නව රත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමිය.

    එකල සෑම නිලමේ කෙනෙකුගේම නමට ‘මුදියන්සේ රාලහාමි’ යන අභිධානය ද එකතු කර භාවිත කර ඇතත් මෙකල එම පරම්පරාවල කිසිවෙකුත් ස්වකීය නමට ‘මුදියන්සේ’ යන අභිධානය නැතහොත් නම්බු නාමය වහරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් භාවිත කරන්නේ ‘ගමේ’ හෝ වාසගමේ සඳහන් පෙළපත් නාමය පමණි.

    පෙරහරෙහි අණදෙන නිලධාරියා වශයෙන් සිට ඇත්තේ පල්ලේ ගම්පහේ මහ නිලමේය. දළදා කරඬුව වැඩමවා ඇත්තේ ‘හතළිස්පහේ ඇත්නාම්බා’ පිටය.

    එකල ප්‍රසිද්ධව සිටි ඇතුන් අතර යහලේතැන්න ඇත්නාම්බා ද ඇතුළු කෙන්ගල්ලේ, රජවැල්ලේ, කිරිඔරුවේ, වල්ලියා, බුලත්ගමයා, ගෝමරයා, නැලිගමයා, ඇම්බැක්කේ යන ඇත් නාම්බෝ පෙරහරෙහි සියලු හස්ත්‍යාභරණවලින් සැරසී ගමන් කර ඇත.

    රජ කාලේ පැවැති දළදා පෙරහර පවත්වා පළපුරුදු අත්දැකීම් ඇති සංවිධායකවරුන් ඒ අත්දැකීම් හා දැනුම ඇතිව සිටිමින්ම ඒ සමාසන්න කාලයක පැවැත්වූ මෙම ඓතිහාසික දළදා පෙරහර රාජ කාලේ සිටම පැවැත්වූ පෙරහරේ සැබෑ අනුරුවක් ලෙසින්ම සැලකිය හැකි බැවින් අද පෙරහර පවත්වන අයට ඉන් ලබාගත හැකි පූර්වාදර්ශය මෙහිදී ඉතා වැදගත්ය. එකල දළදා පෙරහරට, දේවාල පෙරහරට කාවඩි හෝ එල්ලුම්ගස් යන අංග හෝ එකතු නොවූ හුදු වචනාර්ථයෙන්ම පැවැති දළදා පෙරහරක් බව මෙයින් පැහැදිලි වේ. එසේම එම දළදා පෙරහරේ මහා සංඝරත්නය 12 නමක් ද වැඩම කර ඇති බව පෙනේ.

    එසේම නුවර යුගයේ පැවැති භාෂා ව්‍යවහාරයන් හඳුනා ගැනීමට ද පෙරහර අංග පිළිබඳව ද අලි ඇතුන්ගේ ඇඳුම් ආයිත්තම්වල නම් පිළිබඳව ද මෙහිදී හඳුනා ගැනීමට ලැබෙන බැවින් මේ ලියවිල්ල ඉතා වැදගත් විය හැකි බැවින් මෙතැන් සිට එම ලියවිල්ල ඉදිරිපත් කරමි.

    ඉංග්‍රීසින් යටතේ පළමු දළදා පෙරහර

    ශ්‍රී ලංකාදීපය ඉංග්‍රීසි කිරීටයට යටත්වීමෙන් පසු පළමුවෙනි වරට පැවැත්වූ සෙංකඩගල දළදා පෙරහරෙහි විස්තර මෙසේ ය.

    “නෛකතේජො බලමහිමයෙන් විරාජමාන වූ ඉංග්‍රීසීන් ලංකා රාජ්‍යය ලැබ දස අවුරුද්දක් ගතවූ පසු බුද්ධශාසනයෙහි ශ්‍රද්ධා ඇත්තා වූ උඩරට රදලවරුන් ඇතුළු වූ අනිකුදු මහජනයා විසින් එවකට ලක්දිව් ආණ්ඩුකාරධුරය ඉසිලූ නෛකශ්‍රීන් විරාජමාන සර් ඇඩ්වර්ඩ් බාන්ස් ගරුතර උතුමාණන් වහන්සේගෙන් දළදා පූජා කිරීමට අවසර ඉල්වන ලදින් ඊට අවසර දීම සුදුසු බව එතුමාගේ කරුණාවට ඒත්තු ගෙන බුද්ධ වර්ෂ දෙදහස් තුන්සිය දෙසැත්තෑ වැන්නෙහි වෙසක් මස පුරපසළොස්වක ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1828 මැයි මස 29 වෙනි බ්‍රහස්පතින්දා දළදා පින්කම කරන සැටියට අවසර දුන්නේය.

    ඉක්බිති දළදා වහන්සේ වඩා හිඳුවන පිණිස ද එම දළදා වහන්සේ පිරිවරා මහාසංඝයාට වැඩ හිඳීම පිණිස ද දිගින් අඩි දෙසිය විසි නවයක් හා පුළුලින් අඩි සැටක් ද ඇති මණ්ඩපයක් තනා එහි ධාතුන්වහන්සේ වැඩමවීමට නියම කළ ස්ථානය රන් රිදී වැඩ කළ නොයෙක් අනගි පටරෙදිවලින් සරසා ඊ මැද රිදියෙන් කළ ආසනයක් පණවා ඊ පිට රන්සිවි ගෙයක් තබා එහි තුළ ධාතුන් වහන්සේ වඩා හිඳුවීම පිණිස ඝනරනින් කළ පාලා පෙත්තක් ලම්භාකාරව සරසා තබා ඊට දකුණු පැත්තෙන් අනගි මැණික් බැඳි මහ රන් කරඬුව ද තබා වම්පැත්තෙන් අනගි මැණික් බැඳි කුඩා රන් කරඬුව ද තබා ඒ ඉදිරිපිට පූජා තැබීමට අනගි වූ ආසනයක් රම්‍යවූ පේශවස්ත්‍රවලින් සරසා තබා ඊටත් ඉදිරියෙන් රන් රිදී වැඩ කළ නානාප්‍රකාර වස්ත්‍රවලින් තිර නවයක් හා වඟුරැළි පන්තිවලින්ද සැරසිලිකර මේ මණ්‍ඩපයේ මහා සංඝයාට වැඩහිදීමට තිබුණු කොටස ද සුදු රෙදිවලින් හා ගොප්කොළ ආදියෙනුත් සැරසූහ.

    ගරුතර ආණ්‍ඩුකාර උතුමාණන්වහන්සේ ඇතුළු ඉංග්‍රීසි මහත්වරුන්ට පොරොත්තුවීමට දිගින් අඩි තිහක් හා පුළුලින් අඩි අටක් ද ඇති මණ්‍ඩපයක් තනා එය ද ඉතා අනගි ලෙස පිළියෙළ කළ වඟුරැළි පන්තිවලින් හා ගොප්කොළ ආදියෙන් ද නොයෙක් වර්ගයේ මල් පලතුරු ආදියෙන් ද සැරසූහ.

    උඩපාත දෙරට රදලවරුන්ට පොරොත්තුවීමට දිගින් අඩි සියයක් සහ පුළුලින් අඩි තිසක්ද ඇති මණ්‍ඩපයක් තනා සුදු රෙදි, ගොප්කොළ, වලුමල් ආදියෙන් සැරසූහ. මහමළුවේ පත්තිරිප්පුව ළඟ මෙසේ සරසා නිමවන ලද මණ්‍ඩප තුන වටේ තොරන් පනස් තුනක් බැඳ නොයෙක් සැරසිලිවලින් සැරසූහ.

    මහමළුවේ සතර කෝරළේ දිසාවෙන් කොඩි කුඹයක් ද සත් කෝරළේ දිසාවෙන් කොඩි කුඹයක් ද මාතලේ දිසාවෙන් කොඩි කුඹයක් ද දළදා මාලිගාව වෙනුවෙන් කොඩි කුඹයක් ද යන මේ කොඩි කුඹවල රතු සුදු ආදී පැහැයෙන් යුත් ධජපතාක නංවා මළුව හාත්පසින්ම සුදු වැලි ඉස සැරසූහ. ආණ්‍ඩුව විසින් මහනුවර වීථි සරසන මෙන් අණබෙර ප්‍රසිද්ධ කරවන ලදින් කෙනෙකුට කෙනෙක් නොපරදින පරිද්දෙන් ඉතා අලංකාර ලෙස සරසා සියල්ලෝම මහත් වූ ශ්‍රද්ධ්‍යාශ්‍රයෙන් බලාපොරොත්තුව සිටියෝය.

    මෙසේ සියල්ල නිම වූ පසු යට කී පසළොස්වක් පොහෝ දින උදයම කොමදන් උන්නාන්සේ විසින් ඉංග්‍රීසි හේවාපන්නකාරයෝ වීථි සන්ධිවල ද අනෙකුත් හේවාපන්නකාරයෝ සෑම මුරපළවල ද ආයුධ සහිතව ආරක්ෂා පිණිස සිටුවන ලද්දාහ. දළදා වහන්සේ වැඩහිඳවීමට තැනූ මණ්‍ඩපය ඇතුළු වූ අනෙක් මණ්ඩපවලද ආරක්ෂාව පිණිස ජාහේවා පන්නකාර කොමන්දයක් ඉංග්‍රීසි හේවා පන්නකාර මුලාදෑනියෙක් භාරේ මෙකී මණ්‍ඩප හාත්පස රෑ දාවල් මුරකරමින් සිටියේය. මේ ධාතු පූජෝත්සව දිනයෙහි පෙරවරු දස පෑ සමාරට සිංහලේ රටවල දිසාවල ආදායමේ කොමසාරිස් තනතුරට පත් ජෝර්ජ් ටර්නර් උන්නාන්සේ ද පේස පිළියෙන් හා රන්මාලාවලින් සැරසුණු මහරදලවරුන් හා දිසාපතිවරුන්ද වෙනත් පයිණ්‍ඩකාරයෝද, ගරුතර ආණ්‍ඩුකාර උතුමාණන්වහන්සේ පොරොත්තුව සිටින ගමන් මාලිගාවට පැමිණ එහිදී උතුමාණන් වහන්සේ විසින් රදලවරුන් දක්වා ගත් පසු උතුමාණන් වහන්සේ මහපෙරහරින් දළදා මන්දිරයට කැඳවාගෙන ගියෝය.

    ඒ ගිය අන්දම නම්:- පළමුවෙනුව ගජනායක නිලමේගේ සහ ලේකම්වල දිසාවල කොඩිපිළිද, ඊළඟට සිංගාරක්කාරයෝද, ඊළඟට බෙර සහිත නැට්ටුවෝද, ඊළඟට රන්කම් කළ හෝල් වැලක් අතින් ගත් කටුපුල්ලේ පල්ලේ ගම්පහේ නිලමේ ද රිදී පටිස්ථානයක් අතින් ගත් මාතලේ දිසා මහත්මයාද, රිදී පටිස්ථානයක් අතින්ගත් මහගබඩා නිලමේද යන මේ තුන්පල පෙරමුණේටද, ඊළඟට තම්බෝරු පුරම්පේත්තු සහ සක් පිඹින්නෝද, ඊළඟට උතුමාණන්වහන්සේ සහ බිසවුන්වහන්සේ කූනම්වලින්ද, ඒ කුණම්වලින් දෙපැත්තේ කවිකාරමඩුවේ ඇත්තෝ කවි කියමින්ද ඊළඟට උතුමාණන් වහන්සේගේ කියමින්ද, ඊළඟට උතුමාණන්වහන්සේගේ අමාත්‍යවරුන්ද මේ සඳහා කොළඹින් ඇවිත් සිටිය පමණ ඉංග්‍රීසි මුලාදෑනිවරුද, අනිකුත් රදලවරු ඇතුළු වූ එවකට මහනුවර සිටි රජවාසල සිංහල මුලාදෑනීහුද පිටත්ව ගමන්කළෝය.


    උතුමාණන්වහන්සේ ගමන් මාලිගාවට යන තැන වාහල්කඩගාවා සිට මාලිගාවේ වාහල්කඩගාවා පාලම ළඟට දිසාවල සහ රටවලද පයින්ඩකාරයෝ පටිස්ථාන අරන් දෙපෙළ සෑදී සිටියහ. මාලිගාවේ වහල්කඩ ළඟට මෙසේ ගමන් කරන්නා වූ උතුමාණන් වහන්සේ පෙරමගට බෝර්තු උසාවියේ මහත්වරු ඇවිත් සිටියෝය. මේ පාලම දෙපැත්තේ සිංහලේ සිටින ඉංග්‍රීසි මහත්වරු සහ මුදලි මුහන්දිරම්වරුත් ඔවුනොවුන්ගේ නියම ඇඳුම්වලින් සැරසී දෙපෙළ සැදී සිටියෝය.


    මතු සම්බන්ධයි...

    සටහන යූ.ජී. විජේසූරිය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Dan niyagene. Ithin daladawahanse holawala wassa denna ai bari?


    Mewa boru newe ban. Hama niyagayakma iwara karala wassa wassannath ba. Me niyaga godak athi wela thiyenne minissunge waradi walin. Ewa minissunta gewanna wenawa. Eth ehema hethuwak nathi ewa puluwan. Ekata charithra ehema karala hariyata pey wela karanna oone. Mewa deviyoth ekka wena dewal.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Mewa boru newe ban. Hama niyagayakma iwara karala wassa wassannath ba. Me niyaga godak athi wela thiyenne minissunge waradi walin. Ewa minissunta gewanna wenawa. Eth ehema hethuwak nathi ewa puluwan. Ekata charithra ehema karala hariyata pey wela karanna oone. Mewa deviyoth ekka wena dewal.

    :yes: sahathika eththa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    :yes: sahathika eththa


    Dalada hamuduruwo gana godak Dena danne na ban. Anagatha paramparawa mukuthma danne nathi wei. Api mewa gana thawa thawath liyanna one ban. Dalada hamuduruwange guna nodena baudhdha wela wadak na.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Dalada hamuduruwo gana godak Dena danne na ban. Anagatha paramparawa mukuthma danne nathi wei. Api mewa gana thawa thawath liyanna one ban. Dalada hamuduruwange guna nodena baudhdha wela wadak na.

    Mehemai bawuddakama thiyenne ona prathihara wala nemei.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Mehemai bawuddakama thiyenne ona prathihara wala nemei.


    Api sinhala baudhdhayone ban. Ape muthun miththo jiwithe paraduwata thiyala rakapu dewal ban. Sri maha bodiya, sri paadaya, dalada hamuduruwo mewa gana api danagena inna oone. Mewata api garu karanna one. Magic balanna newe. Dan balapan kochchara denek innawada mewa wadak naha kiyana radical baudhdhayo? Ewage posh un kiyana katha uba ahala athine? E wage un bihi wenne me wage dewal gana danuma nathi unamai.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඉන්ග්‍රීසි අපේ රටේ තිබ්බ වටිනා පුරාවස්තු එන්ගලන්තෙට පන්නගත්ත බව සදහන්, තාමත් බොහෝමයක් එහේ කෞතුකාගාර වල. ඇයි දන්නේ නෑ දන්ත ධාතුවට අත තිබ්බේ නැත්තේ?
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඉන්ග්‍රීසි අපේ රටේ තිබ්බ වටිනා පුරාවස්තු එන්ගලන්තෙට පන්නගත්ත බව සදහන්, තාමත් බොහෝමයක් එහේ කෞතුකාගාර වල. ඇයි දන්නේ නෑ දන්ත ධාතුවට අත තිබ්බේ නැත්තේ?

    Atha thibbe naha nemei atha thiyanna dunne naha neda? Ingreesin danagena hitiya dantha dhaathuwata atha thibboth me mulu lankaawama maraagena marenna unath laasthi kiyala.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Atha thibbe naha nemei atha thiyanna dunne naha neda? Ingreesin danagena hitiya dantha dhaathuwata atha thibboth me mulu lankaawama maraagena marenna unath laasthi kiyala.

    එහෙම්ම අත තියන්ඩ උත්සහ කරලා ෆෙල් වෙච්ච කතාවක් ලියවිලා නෑ නේද? රජා අල්ල ගත්තට පස්සේ මුලු රටේම පලනය උන් අතේ, අනික එහෙම කරන්ඩ ඔනිනන් ඒක රහසෙම කරන්ඩත් තිබ්බා, නිව්ස් එක රට පුරා පැතිරෙන එකත් අඩුයි

    අනික මාලිගාවට බොම්බ ගැහුවා, රටෙම උන් යුද්දෙට බැදුනද? නිකන් නුවර තිබ්බ දෙමල කඩ දෙක තුනක් කුඩු කරා විතරයි