මේකෙ යම්කිසි ඇත්තකුත් තියෙනවා. මේකට පදනම මේකයි. මුස්ලිම් ජනතාවට සහජයෙන් උරුම වෙච්ච කපටිකමක් තියෙනවා. ඒක අතීතයේ ඉඳලම වෙළඳාම කරලා ජාන වලින්ම අරන් ආපු දෙයක් වගේ මට පෙන්නේ.මගේ අත්දැකීමේ හැටියට මුස්ලිම් කඩවල මිනිස්සුගේ සේවය ගොඩක් හොදයි ,පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඇදුම් කඩයකට.. මම ජාතිවාදයක් ගැන කියනවා නෙවෙයි. තමන් හරියට තමන්ගේ කඩේ සේවය පාරිභෝගිකයාට දෙනවා නම් ඕනෙම කෙනෙක් එතනට එනවා. සිංහල කියලා කිසිම මිනිසෙක්ට බෑ තමන්ට හරියට සලකන්නේ නැති, බාල සේවයක් දෙන තැනකට යන්න..
ඉතින් සේවාදායකයා අද්දවාගන්න වගේම යම්කිසි විදිහකින් රවට්ටගන්නත් පුලුවන් කම තියෙනවා. අද සිංහල සමාජේ පැතිරිලා තියෙන මතයක් තමයි මුස්ලිම් කඩ හොඳයි සිංහලයාට බිස්නස් කරන්න බෑ වගේ දේවල්. නමුත් ඒක අර සමාජයේ මුල්බැසගත්ත දෙයක් මිසක් සම්පූර්ණයෙන්ම සෑම කඩයකටම පොදු කාරණයක් නෙවෙයි. සේවාදායකයාට සලකන්නේ නැති මුස්ලිම් කඩ ඕනතරම් තියෙනවා. සමහර කඩවලින් සලකන්නේ හරියට ඒ අය නිකන් දෙනවා වගේ.
අලුතින් සිංහල අය කඩයක් දැම්මත් ඒකේ සේවාව මදියි කියලා හංවඩු ගැහෙන්නෙත් ඒ නිසා. මුස්ලිම් කඩ වගේම හොඳට විශ්වාසවන්තව සේවය සලසන සිංහල තැන් ගොඩාක් තියෙනවා. ඒ නිසා අපිට කෙලින්ම සිංහල කඩ වලට ඇඟිල්ල දික්කරන්න හෝ සිංහල කඩ වලට වඩා මුස්ලිම් කඩ හොඳයි කියන්න බෑ. හැබැයි මම අත්දැකපු දේවල් කීපයක් තියෙනවා. මුස්ලිම් ව්යාපාරික ප්රජාව රැවටීම් වලට නම් හරිම දක්ෂයි කියන එක. සේවාදායකයින්ගෙන් කුට්ටිය අසාධාරණව කඩාගන්න ඒ අය දක්ෂයි.
අද හැම කඩයක්ම දුවන්නේ සේවාදායකයාට හොඳ සේවයක් සැලසීමෙන් කියන එක සිංහල, මුස්ලිම් හැම දෙනාම පිළිගත් දෙයක්. ඒක නිසා සිංහල නොවන අය වගේම හොඳින් සේවා සපයන්න සිංහල ව්යාපාරිකයුනුත් ලෑස්තියි කියන එක කියන්න ඕන


keep it up..!!