දැං ගෙදර ඇවිල්ලා උණු කිරි එකක් බිව්වා විතරයි .
වතුර බෝතල් දුන්නා.
එතනම චූ කරන්න වෙන්ඩිං චූ මැෂින් හයි කරලා තිබ්බා.
පොලීසියෙන් මාරි දුන්නා.
ඊට පස්සෙ සිංහලු පැශන් බීම දුන්නා.
ඊලඟට කොත්මලේ කිරි පැකට් දුන්නා.
මුස්ලිම්වරුන් බනිස් දුන්නා.
පොලෝසියෙ තේ හදන්න පටන් ගත්තා දුන්නෙ නෑ.
ආයි වෙන්ඩින් චූ මැෂින්
සම්පත් බැංකුවෙන් මයිලෝ දුන්නා.
දැං පොලීසිට ඇති වෙලා අපිව දැක්කුවා. පාර ක්‍රොසින්.
ආයි පොලෝසියෙන් බෙලිමල් විත් හකුරු දුන්නා.
ආයිත් බනිස් පොලෝසියෙන්.
ඊට පස්සෙ අන්තිමට වීවා එකෙන් තේ එක්ක බනිස් දුන්නා.
අනිතිමට පොලිස් කාරයො අපිව මැරුවෙ නැති ටික විතරයි.
CECOT ජේල් එකේ වගේ සැල්වදෝරේ.
යකඩ පොලු අස්සෙන් හරක් ටික වගේ දැක්කුවා. fk
කොහොම හරි වන්දනා චාරිකාව හවස තුනයි විස්සට ආරම්භ කරලා රෑ තුනයි විස්සට අවසාන කරලා ගෙදරට සම්ප්‍රාප්ත උනා.
හිතුවට වඩා වෙලාවක් ගියා.
පැයම දොලහක්.
ඔහොමයි තොරණෙ විස්තරේ.