දානයක් දෙන්ට උදව්

gepa

Well-known member
  • දානයක් දෙන්ට උදව්

    මචන්ලා මාගේ උපන්දිනය නිමිත්තෙන් දානයක් දෙන්ට හිතිලා තියනවා.. වැඩිය ලොකු සීන් නෑ.. හාමුදුරුවෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් ගෙදරට ගෙන්නලා දානේ දෙන්න හිතුවේ..වැඩිය කස්ටියට කියන්නේත් නෑ.ගෙදර කට්ටිය විතරයි දානේ.. පිං චුට්ටක් එන වැඩක්.. මට මේකේ කරන්න තියන ඒවා ස්ටෙප් බයි ස්ටෙප් කියන්න කාට හරි පුලුවන්ද.. ඹොනවද මේකට සෙට් කරගන්න ඕනි ඒවා එහෙම පොඩ්ඩක් කියනවද??
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    හීල් දානයද දවල් දනයද?
    ගමේ පන්සලේ හාමුදුරුවන්ටද, නැත්නම් භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලාටද ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    salli tamai pute

    daaneta dena dewal hadana dewal gedara katiya ekka tirane karapan ekata salli lasti kara ganin

    kalin pansalata gihin hamudurwonta aradana karapan dawasa kiyala

    ita passe kalin dawase pansalata gihin daane badu tika aran enna
     

    gepa

    Well-known member
  • salli tamai pute

    daaneta dena dewal hadana dewal gedara katiya ekka tirane karapan ekata salli lasti kara ganin

    kalin pansalata gihin hamudurwonta aradana karapan dawasa kiyala

    ita passe kalin dawase pansalata gihin daane badu tika aran enna

    ලොකු ගානක් යයිද බං.. හාමුදුරුවෝ දෙනමයිනේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hoda wadak machan.. mulinma pansalata gihin hamuduruwanta aradhana karapan dahath wattiyak piligannala.. daneta ithin bath, elawalu, malu denawanam ewai hadaganin, thawa athuru pasata palathuru, ice cream, jelly owa thama... ata pirikarak ganin... thawa pirikara hamuduruwo wadammana hatiyata...
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    හාමුදුරුවො දෙනමක් නම් එච්චර වියදමක් යන්නෙ නෑ. හදන කෑම සහ දෙන පිරිකර අනුව තමයි වියදම. අපි දානෙ දෙනව කියන්නෙ හාමුදුරුවන්ට් විතරක් නෙමෙයිනෙ. ගෙදර කට්ටිය සහ සහභාගි වෙන කට්ටියත් ඉන්නවනෙ. ගෙදර කට්ටියත් එක්ක 20 ඉන්නව කියල හිතුවොත් රුපියල් 5000-6000 න් ගොඩ දාන්න පුලුවන් වෙයි. කෑම කිව්වම, කැවිලි, පලතුරු ඔක්කොමත් එනවනෙ.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හාමුදුරුවෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් ගෙදරට ගෙන්නලා දානේ දෙන්න හිතුවේ.

    වඩම්මවලා...

    මචන් බොහෝම හොද දෙයක් කරන්න හදන්නේ.නමුත් කියන්න ඕනි අද කාලේ උදවියට හාමුදුරුවන්ට කතා කරන භාෂාව අමතකයි.ගරු කරන්න අමතකයි.වැඩිය ඒ ගැන හිතන්නේ නෑ.නමුත් හොදට හොයලා හොදට මේ පින්කම කරන්න. මම යාලුවෙක්ගේ ගෙදර ගියා මේ වගේ පින්කමකට. හමුදුරුවෝ කියපු දේවල් ටිකක් තමයි මම ඔය කිව්වේ. තෙරුවන් සරණයි.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    ගමේ පංසලේ හාමුදුරුවන්ට දවල් දානයක්

    පන්සලට ගිහින් ඔයාටත් ලේසි හාමුදුරුවන්ටත් වඩින්න පුළුවන් දවසක් බලල ආරාධනා කරන්න. දන්නවනේ දැහැත් වට්ටියක් එහෙම පුජා කරලා...

    හාමුදුරුවෝ හිතවත්නම් අහන්න වලදන්න කැමති විශේෂ දෙයක් තියනවද කියල. සමහරු ආස කෑම තියනවා. බෙහෙත් ගුණ තියන කෑම වර්ග තියනවා. ඒවගේ දේවල් ඕනනම් අහල හදල පිළිගන්වන්න.

    Ex. සුදුළුනු මාළුවක්,කුරක්කන් කැඳ,අඟුණ කොළ මැල්ලුම්, මුං ඇට හොදි,

    පිරිකරටත් ඕන කරන බෙහෙත් හේත් තියනවනම් අහල අරන් පුජාකරන්න. හැමෝම දෙන අඳන, කිරිපිටි පැකට් දෙන්න එපා.