දානය දීම හා කතොලික ධර්මය අතර සම්බන්දය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දානය දීම හා කතොලික ධර්මය අතර සම්බන්දය

    පවුලත් එක්ක ඊයේ ගියා එයලගේ නැදැ කෙනෙකුගේ අවුරුද්දේ දානෙට. දානේ ජයට තිබුනා, මගුල් ගෙදර වගේ නැති දෙයක් නැ. කොහොමහරි දුප්පත් පවුලකට ගෙදරට එන්න කියලා මොනවද වතාවත් වගයකුත් කරලා දවල්ට කැම දුන්නා, ඇදුම් වගයකුත් අරන් ගිහින් තිබිලා ලමයින්ට එවත් දුන්නා. ඒ දීලා ඒ පවුලව පිටත් කරලා යැව්වට පස්සේ තමා නියම දානේ තිබුනේ.. සැර ජාතිත් එක්ක මගුල් ගෙදර වගේ කැම පවුලේ කට්ටියට. අර දුප්පත් පවුලට දුන්නට වඩා 10 ගුනයක් විතර කැම නැදැ පවුල්වල සනුහරේ කැවා. ඒක දානයක් වෙන්නේ කොහොමද කියන එක එක අතකින් ප්‍රශ්නයක්. ඒ කොහොම වෙතත් මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි, මම දන්න විදියට කතොලික අයට ඊලග බවයක් ආත්මයක් නැවත් ඉපදීමක් නැ. එයාලට් තියෙන්නේ ස්වර්ගය හා සම්බන්ද සිද්දියක්නේ. එහෙනම් ඇයි දානයක් දීලා පින් පමුනුවන්නේ. ඒක එක ප්‍රශ්නයක්. අනික තමා එහෙම පින් පමුනුවන්නේ ලන්කාවේ අය විතරයි නේද? කතොලික අනික් රටවල මම දැකලා නැ මෙහෙම මල ගිය අයට දානේ දෙනවා. එහෙම දෙනවනම් කතොලික සහොදරයෙක් මේක පැහැදිලි කරලා දෙන්න මේවගේ දානේ දීමෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ පින් පැමිනිවීමද? එහෙම නැතිනම් වෙනයක් දෙයක්ද කියලා. (මේ ප්‍රශ්නේ පවිලගෙන් ඊයේ ඇහුවානම් සතියක් යනකන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ, ඒකයි උබලගෙන් ඇහුවේ )
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඒක මචන් මම හිතන විදියට මෙහෙමයි, ආගම එක උනත්, ජාතිය හෝ සංස්කෘතිය නිසා රටින් රටට වෙනස් වෙනවා. ඒක ක්‍රිස්තියානි කතෝලික නෙමේ බවුද්ද අපේ උනත් එහෙම වෙනස් වීම් තියනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    katholika agame malagiya ayata dane denda kiyala kothanakawath mamanam dakala ne, mama hithanne oka boudda charithra pilipadimak wenda athi

    ඒක මචන් මම හිතන විදියට මෙහෙමයි, ආගම එක උනත්, ජාතිය හෝ සංස්කෘතිය නිසා රටින් රටට වෙනස් වෙනවා. ඒක ක්‍රිස්තියානි කතෝලික නෙමේ බවුද්ද අපේ උනත් එහෙම වෙනස් වීම් තියනවා
    ඔව් බන්, මාත් හිතුවේ එහෙම තමා. මේ අය දානේ දීම ආගමිකව නෙමෙයි සන්ස්කෘතිකවයි කරන්නේ. සින්හල බෞද්ද ආබාශය ක්‍රිස්තියානි ලන්කාවේ අයට මුලින්ම ගිය එක තැනක් තමා මේක.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    බුද්ධාගමේ ආභාෂය නිසා වෙන්න ඇති..:) දැන් අපේ එවුන් කරන්නේ වෙන ආගාම් වල තියෙන දේවල්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුද්ධාගමේ ආභාෂය නිසා වෙන්න ඇති..:) දැන් අපේ එවුන් කරන්නේ වෙන ආගාම් වල තියෙන දේවල්
    ඔව් බන්. ඒ අතින් කතොලික උන් යම් දෙයක් අපෙන් ඉගෙන ගෙන තියනවා. ගොඩක් ක්‍රිස්තියානි උන් තම තමන්ගේ සන්ස්කෘතීන්වල උප සන්ස්කෘති හදාගෙන ඉන්නවා. දන් ඉන්න අය නම් පරම්පරාවෙන් කල නිසා කරනවා ඒක ආගමේ කොටසක් කියලා හිතාගෙන, ඒත් මුලට ගිහින් බැලුවහම ඒක කොහේ හරි සන්ස්කෘතියක කොටසක්. ගොඩක් එයාලගේ දේව ප්‍රතිමාවල ලන්කාවේ දකින ප්‍රතිමාවම ඉතාලියේ තව විදියක්, ඉන්දියාවේ තව විදියක්. ඒවටත් අර සන්ස්කෘතික බලපැම තියනවා.
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    මුල සංස්කෘතියේ ආභාෂය,ලංකාවේ සියලු දෙනා ජිවත් වෙන්නෙ බෞද්ධ සංස්කෘතියක් මැද,අනික් සංස්කෘතින් තියෙන්නෙ බෞද්ධ සංස්කෘතිය අතරේ,එහෙම උනාම මහා සංස්කෘතියේ තියන දෙවල් අවශෝෂණය වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇට මිදුළු වල රැදිල තියන දේ එළියට එනව කොහොමත්...........
    ඔය අය බෞද්ධයො කලින්. ඉතිං අර ආත්මවලට කාවැදිච්ච දේ එනව එළියට.
    මම දන්න හුගක් කතෝලික අය දාන මාන දෙනවා.............
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    ඔතන ඌරු මස් හරක් මස් කුකුල් මස් මාළු එහෙම තිබ්බද ? එහෙනන් ඔක දානයක් නෙමෙයි මල ගෙයක්...දුන්නු දානෙන් වැඩක් වෙන්නෙ නැහැ එහෙම උනා නම්,මොකද ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේත් වදාලේ "දව් ශැල් අයි නොට් කිල්" කියලානේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇට මිදුළු වල රැදිල තියන දේ එළියට එනව කොහොමත්...........
    ඔය අය බෞද්ධයො කලින්. ඉතිං අර ආත්මවලට කාවැදිච්ච දේ එනව එළියට.
    මම දන්න හුගක් කතෝලික අය දාන මාන දෙනවා.............
    :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන ඌරු මස් හරක් මස් කුකුල් මස් මාළු එහෙම තිබ්බද ? එහෙනන් ඔක දානයක් නෙමෙයි මල ගෙයක්...දුන්නු දානෙන් වැඩක් වෙන්නෙ නැහැ එහෙම උනා නම්,මොකද ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේත් වදාලේ "දව් ශැල් අයි නොට් කිල්" කියලානේ.
    උබ මගුලක් අහනවා, මස් කඩේම ඇතිලියේ.. හැබැයි හරක් මස් නම් තිබ්බේ නැ. අනික්වා තිබ්බා.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හැබැයි මචන් ඔය නෑදා සීන් එකනම් හැම ආගමකටම පොදුයි :lol::lol:
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    උබ මගුලක් අහනවා, මස් කඩේම ඇතිලියේ.. හැබැයි හරක් මස් නම් තිබ්බේ නැ. අනික්වා තිබ්බා.

    එහෙනන් එක අහෝසියි,නිසි බලධාරිය විසින් එ පිං ටික කපා හැරලා ඇති දැන්...ඔය සත්තු හැම එකාටම තියෙන්නෙ එකම පණයි,පණට තියෙනෙ වටිනාකම සතාගෙන් සතාට වෙනස් කරන්න බැ,හරකටත් එකයි හාල්මැස්සටත් එකයි,ඔය සත්තුන්ව මරණ එකාගේ ඉඳන් කන එකා දක්වා කරන්නෙ අපරාධයක්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්ධාගමේ ආභාෂය නිසා වෙන්න ඇති..:) දැන් අපේ එවුන් කරන්නේ වෙන ආගාම් වල තියෙන දේවල්

    ow ehema seen ekak thama ban thiyenne.... wena wishesha deyak naa......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන ඌරු මස් හරක් මස් කුකුල් මස් මාළු එහෙම තිබ්බද ? එහෙනන් ඔක දානයක් නෙමෙයි මල ගෙයක්...දුන්නු දානෙන් වැඩක් වෙන්නෙ නැහැ එහෙම උනා නම්,මොකද ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේත් වදාලේ "දව් ශැල් අයි නොට් කිල්" කියලානේ.

    kill kiyanne minissu withrayi... saththu awlak naa.. marana eka/ kana eka anuwa thama theerane wenne! :P
     
    දවස් 40න් ද කොහෙද දානයක් දෙනවා. දන්න කියන හැම සතෙක්ම ඉතින් එක එක විදිහට උයල. මාළු ත් එහෙමයි. දෙවියන්ටත් මොන මොනවද කියනවා. මම හිතන විදිහට අර මිනිහ මලාට දෙවියන්ට ස්තුති කරලා ගන්න පාටියක්.:rofl: