දාර්ශණික කාරණාවක් ???
FROM : FB Charmi Sam
මේක මම ගොඩක් කල්පනා කරලා මතුකරගත්තු යම් දාර්ශණික කාරණාවක්. හැමෝටම තේරෙන එකකුත් නෑ සමහරවිට.
අපි හැමෝම භාෂාව පාවිච්චි කරනවනේ. බොහෝ විට භාෂා කිහිපයක්ම. මේ භාෂා වල ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වලින් වචන හැදෙනවා. ඒ වචන සටහන් කරගන්න අක්ෂර තියෙනවා. ඊට අමතරව රූපසටහන්, වර්ණ, සංගීතය... වගේ මහ ගොඩක් දේවල් අපි භාෂාව හැටියට භාවිතා කරනවා.
ඊළඟට භාෂාවේ ව්‍යාකරණ තියෙනවා. රීති තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා... කොටින්ම මනුස්සයෙකුට මුළු ජීවිත කාලෙම අධ්‍යයනය කරලවත් ඉවර කරන්න බැරි තරම් විශාල දැනුම් සම්භාරයක් මේ භාෂාව කියන විෂය ඇතුලේ තියෙනවා. ඒ මදිවට මේවා එන්න එන්නම සංකීර්ණ වෙනවා. ඉතින් අපිට ජීවත්වෙන්න තමයි මේ සේරම.
නමුත් ඔබ දන්නවද? මේ ලෝකෙ තියෙනවා අපිට හිතාගන්නවත් බැරි තරම් සරළ සහ 100% ක්ම පරිපූර්ණ භාෂාවක්. කොච්චර සරළද කියනවනං මේ භාෂාවේ අකුරු සංඥා සංකේත මොකුත්ම නැහැ. එතකොට වචන? තියෙනවා. හැබැයි මුළු භාෂාවටම තියෙන්නේ එකම එක වචනයක් විතරයි.
.
.
ඥාව්...!!
ඒ තමයි පූස් භාෂාව. මිහිමත තිබෙන සරළම සහ පරිපූර්ණම භාෂාව. ඔබ විශ්වාස කරන එකක් නැහැ. පූසෙකුට තමුන්ගේ මුළු ජීවිත කාලයම සාර්ථකව ගත කරන්න මේ තනි වචනයේ භාෂාව හොඳටම ප්‍රමාණවත්. ඒ නිසාම අවුරුදු ලක්ෂ ගානක් ගියත් මේ භාෂාවට අළුතෙන් ඉස්පිල්ලක් පාපිල්ලක් වත් එකතු වෙලා නැහැ. මොකද එහෙම අවශ්‍යතාවක් ඇතිවුනේ නැති නිසා. තනි වචනේ නිසා මේකෙ අධ්‍යයනය කරන්නයි කියලා ඇති දේකුත් නැහැ. සංරක්ෂණේ කරන්න අවශ්‍යතාවෙකුත් නැහැ. නීති රීති....ව්‍යාකරණ සම්ප්‍රදායන් නණ-ලළ භේද වගේ සමයං මොකුත්ම නැහැ. ඒ නිසාම පූස් භාෂා පඬියන් කියලා කොට්ඨාසෙකුත් නෑ. .
දැන් ඇතැමෙකුට හිතෙන්න පුළුවන් 'ඒ පූසොනේ... මිනිස්සුන්ට පුළුවන්ද ඔහොම තනි වචනෙකින් ජීවත් වෙන්න' කියලා. ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි. නිකමට හිතමු අපි ඔය පාවිච්චි කරන ලක්ෂ ගාණක් වචන වලින් තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා. උත්තරේ - මිනිසුන් අතර සන්නිවේදනය පවත්වාගෙන යන්න... දැනුම සම්ප්‍රේෂණය කරගන්න.... නෙහ්? ඒ මොකටද? මිහි මත මිනිස් ජීවය සාර්ථක කරගන්න. සොබාදහමේ අභියෝග ජයගන්න. සුවපහසුව සහ වින්දනය ලබන්න...
(කොටින්ම ඉන්න ටිකේ ආතල් එකේ ජීවත්වෙන්න)
ඉතිං යකෝ පූසොත් කරන්නෙ ඔය ටිකමනේ. තනි වචනේ කියලා උං අඩු මාසෙන් මැරෙනවද? උංගෙ ජීවිතෙ ගන්න තියෙන ආතල් ටික උන් ගන්නෙ නැද්ද? තනි වචනෙයි කියලා පූසො ලෝකෙන් වඳවෙලා ගියාද?
මේක ටිකක් සංකීර්ණ නිසා තේරුම්ගන්න අමාරු වුනු කෙනෙක් ඉන්නවනම් මෙහෙම හිතහන්කෝ.
අද දවසේ පෙරවරු 6.00 ඉඳන් පස්වරු 6.00 අතර කාලය තුල වැඩියෙන්ම ආතල් එකේ හිටියේ වචන 50000 ක් කතාකරන තමුසෙද? නැත්තං තමුසෙගෙ ගෙදර තනි වචනේ පූසද?