මෙහෙමයි බන්.
වැඩිපුර හම්බ කරන එකා වැඩිපුර කොහොමත් බදු ගෙවනවා.
උදාහරණයකට මෝටර් සයිකල් එකක් පාවිච්චි කරන එකා මාසෙකට 1000ක පෙට්‍රල් ගහනවා කියලා හිතපංකෝ.
ඔන්න හිතපන් ඒකෙන් 200 ටැක්ස් කියලා
(මේක මේ උදාහරණයක් පමණයි, එක්සෑක්ට් නම්බර්ස් කියනවා නෙමෙයි හොදේ)
එතකොට මධ්‍යම ආදායම් තියෙන එකා ඇක්වා එකක් පැදලා මාසෙකට 30000 තෙල් ගහනවා
එතකොට ඌ 6000ක ටැක්ස් ගෙවනවා.
දැන් v8 එකක් ටවුන් එකේ තෙල් කරන්නේ 4, අවුට්ස්ටේශන් 6.
ඌ මාසෙට ලක්ශයක තෙල් ගහනවා කියලා හිතපන්කෝ.
එතකොට ඌ 20000ක ටැක්ස් එකක් ගෙවනවා.
එතකොට පල්ලෙහාම මට්ටමේ ඉන්න එකාට වඩා ඉහල මට්ටමේ ඉන්න එකා 100 ගුණයක් අරූට වඩා ටැක්ස් ගෙවනවා.
එතකොට වාහනේ ගනිද්දි.
බයික් එක ගන්න එකා ලක්ශ 2ක් ටැක්ස් ගෙවනවා, v8 එක ගන්න එකා ලක්ශ 200 ටැක්ස් එක ගෙවනවා.
හැබැයි එහෙම වෙලත් ඌ ගවර්මන්ට් සර්විසස් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්.
සල්ලි තියෙන එකා පානදුර ඉස්පිරිතාලෙන් බේත් ගන්නේ නෑ, කෝච්චියේ බස් එකේ යන්නෙ නෑ,
සමහර උන්ගේ ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. නොමිලෙ රජයෙන් දෙන අධ්‍යාපනය සහ ඊට අන්තර්ගත නොමිලේ දෙන ඇදුම්, නොමිලේ දෙන පොත් පත්, නොමිලේ දෙන කෑම වගේ කිසි දෙයක් උන් ගන්නෙත් නෑ.
ඒ සේරටම අමතරව උන් කරන ව්‍යාපාර වලිනුත් බදු ගෙවනවා, තව වෙනමම ආදායම් බදුත් ගෙවනවා.
දුප්පත් එකා පුංචි ගෙයක් හදනකොට අරූ කෝටි 3ක ගෙයක් හදනවා.
එතන ඉඩමට ගෙවන මුද්දර ගාස්තුවේ ඉදලා, ගේ හදන්න ගන්න සිමෙන්ති කොට්ටේ ටයිල් කැටේ ඉදලා දුප්පත් එකට වඩා 100 ගුණයක් සල්ලි තියෙන එකා කොහොමත් රජයට ගෙවනවා
නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)
උබ අහන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔතනම තියෙනවා.
රජයෙට 100 ගුණයක් වැඩියෙන් ටැක්ස් ගෙවන එකා පාවිච්චි කරන්නේ රජයේ සේවාවලින් 50% -80% ක් වගේ.
හැබැයි 100 ගුණයක් අඩුවෙන් ටැක්ස් ගෙවන එකා රජයේ සේවාවලින් 100%ම යූස් කරනවා සමෘද්ධියේ ඉදලම.
ඉහල මට්ටමේ ඉන්න එකා දැනටමත් පහල මට්ටමේ ඉන්න එකාට උදව් කරනවා.
100 ගුණයක් වැඩිපුර ටැක්ස් ගෙවන්නෙ ඒකට තමයි.