එදා අපේ ගෙවත්තේ මිරිස් ගහක් දෙකක්, පැපොල් ගසක් නොතිබු ගෙවත්තක් තැති තරමිය. ගේ පිටිපස නොගැඹුරු වලක (බොහෝවිට කාලයකට පෙර එම නිවස සෑදීමට මැටිගත් වලක් විය හැක.) කිරි හබරල වැල් අල කීඩාරං බතල වැනි අල වර්ගද ඒ අවට තලන බටු, කන්තිරික්කා බටු, තිත් බටු හා කොච්චි ගස් කීපයක් සමග මිරිස් ගස් කීපයක්ද සුලබය. මේ එකක්වත් ක‍්‍රමාණුකූල සිටවු ගස් වැල් නොවුහ. ගෙදරින් ඉවතලන කොස්කටු, පොල් මුඩු, ලෙලි හා ලිප් බොක්කේ අළුද සමග කුස්සියේ උයන පිහන දෑ සුද්ධ පවිත‍්‍රකර ඉතිරි ද්‍රව්‍යද විසිකරන්නේ ඒ කුණු වලටය. එම නිසා මෙම විසිකරන බොහෝ දේ අල ඉහරි, බතල කරටි, මිරිස්, තක්කාලි, බටු ආදී ඇට වර්ගද ඉබේ පැල වෙන අතර ගෘහණිය විසින් ඒවා රුකබලා ගනී. මේ එළබටු පඳුරු වලත් මිරිස්, තිත්බටු හා අනෙක් වර්ගවල දේශිය කොච්චි වලත් පල නොරන දවසක් නැත. එය වර්ශය පුරාම ඵල ගෙනදෙයි. වර්ෂයකට සැරයක් ගලවන අල වැල්ද, දෙතුන් සැරේකට ගලවන කිරි අලද හැරුණු කොට ඒ අසලම ඇති පැපොල් ගසේ ගෙඩිද යහමින් දැකිය හැක. මෙහි ගෙඩි මෙන්ම ශාකයන්ද නිරෝගීය. පැපොල් ගස්වල දළු කොඩ වන්නේ නැත. මිරිස් ගස්වල කොලද නිරෝගීය. තම කොරටුව මගින් ලබාදෙන එළවළු හැරුණු කොට ගමේ ගේ පිටුපස ඇති කුණු විසිකරන තැනින් හා කල ගෙඩි පොල ලග ඇති කොච්චි මිරිස් ගස්වලින් ලැබෙන ඵල ගෙදර අවහ්‍යතාවයන් බොහෝ කොටසක් පිරිමැසුහ.
අද වියලි කලාපයේ හැරුණු කොට තෙත් කලාපයේ පැපොල් ගසක් හදාගන්නට බැරිය. දින ගණනක් පරණ රසෙන් හීන තෙල් පොහොර වලින් පමණක් යැපෙන විදේශිය වර්ගයේ පැපොල් පමණක් අද අපට කන්නට වී ඇත. ආසාවකට ගෙදරක මිරිස් පැලයක් සාදා ගැනීමට නොහැකිය. එය අඟල් 6 ක් වන්නට මතත්තෙන් කොළ කොඩ වී යන්නේය. එසේ නැත්නම් පිටි මකුණු උවදුරට මේ ශාක සියල්ල ගොදුරු වන්නේය. මේවා මර්දනයට යයි කියමින් පලිභොධ නාශක නහුතයක් වෙළඳ පොලේ ඇත. වගාවක් කිරිමට නම් ගස් කොලන් හා වැල් මේවායින් නාවා තිබිය යුතුය. නැතහොත් ඵලයක් ගැනීමට නොහැකි තරම්ය. මේ අපට හඳුන්වා දුන් පැපොල් හා මිරිස් වර්ග වේ. මේ හඳුන්වා දුන් ප‍්‍රභේද වලට වැළදෙන ලෙඩ රෝගද තෙල් බෙහෙත් විකිණිම සඳහාම හඳුන්වා දුන් දේවල්ම වේ. ඉතිහාසයේ මේවා තිබුණේ නැත. අපේ කෘෂිකර්ම ඔස්තාර්ලා මේවා අපිට හඳුන්වා දුන් ඒවාය. සපයන්නේ බහු ජාතික සමාගම්ය. අද අපේ යයි කියු දේශිය මිරිස් වර්ග තැත්තටම නැති තරමිය. එදා රවුම් ගෙඩි ඇති හේ්න් මිරිස් තිබුනේය. එක්ගසක ග‍්‍රැම් 500කට වඩා එකවර ඵල හටගත්තේය. සියළු රෝග වලට ඔරොත්තු දුන්නේය. එහෙත් අද එවැනි මිරිස් ගහක් බෙහෙතකටවත්් සොයාගැනීමට නොහැකිය. පැපොල්ද එසේමය. එදි රතු, කහ, දිග රවුම් හා විවිධ ප‍්‍රමාණයෙන් යුත් පැපොල් වර්ග විශාල ප‍්‍රමාණයක් අප ගෙවතු වල වැවුනි. එහෙත් අද ඇත්තේ එකම වර්යේ පැපොල් පමණකි. මිරිස් හා පැපොල් මේ වින්නැහියේ එක් උදාහරණයක් පමණි.
වෙළඳ පොලේ පැනි කොමඩු දෙතුන් වර්ගයක් ඇත. ඒත් ඒවාද අපේ තිබු දේශිය කොමඩු නොවන්නේය. අද ඇති කොමඩු වල ඇට පැලවන්නේ නැත. පැලවුවත් ඵල හටගන්නේ නැති තරම්ය. අද ඇත්තේ මැලේසියන් වර්ග පමණී. බෝංචි, තක්කාලි, පතෝල, වට්ටක්කා, පමණක් නොව මෑ කරල් ඇටද එන්නේ පිටරටින්ය. එදා අපේ ගොවියාට අවශ්‍ය බීජ ඔහුම නිපදවා ගත්තේය. එය බෙදා හදා ගත්තේය. එහෙත් අද කෘෂි උපකරණ, කෘෂිරසායන මෙන්ම බීජද බහු ජාතික සමාගම් විසින් නිපවා බෙදා හරින ඒජන්තයන්ගෙන්ම ගතයුුතු වී ඇත. තක්කාලි වර්ග කොපමණ තිබුණේද? අද ඇත්තේ වර්ග දෙක තුනක් පමණී. අවුරුදු දහස් ගණනක් අඛණ්ඩව අප විසින් රුකගෙන ආ අපේ බීජ සම්පත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා ආචාර්්‍ය මහාචාරිගෙන් සමන්විත බහු ජාතික සමාගම්වල සේල්ස් රෙප්ලා විසින් මේවා අපට අහිමි කර ඇත. ඒ සඳහා අද අපි කාටත් වන්දි ගෙවීමට සිදුවී ඇත.
රාත්තල් විස්සක් විසිපහක් වන වට්ටක්කා ගෙඩියක් යනු එදා සාමාන්‍ය වට්ටක්කා ගෙඩියකි. අද ඒම දේශිය වට්ටක්කා ගෙඩියක් දකින්නට නැත. ඒ වෙනුවට නීරස වටානා හා මීමිනි වට්ටක්කා හඳුන්වා දී ඇත. හෙට වන විට කෙසෙල් සඳහාද මේ සන්නෑසියම වනු ඇත.
හේන් ගොවියා සතුව තිබු දේශිය බඩ ඉරිගු අද සොයන්නට නැත. ඒ වෙනුවට ප‍්‍රීමා සමාගම හඳුන්වා දන් අධික රසා්‍යනික පොහොර හා කෘමි නාශක මත යැපෙන පැසිෆික් නම් සතත්ව ආහාර සඳහාම සාදන බඩ ඉරිගු ප‍්‍රචලිත වී ඇත.
රජයේ බීජ ගොවිපලද කරන්නන් වලේ බීජ වර්ග එකක් හෝ දෙකක් මත පණ ඇද ඇද පවත්වාගෙන යන්නේය. රජය සතු බීජ ගොවිපලද පෞද්ගලීකරණය කර අවසානය. රටේ බීජ අවශ්‍යතාවය සී. අයි සී. සමාගමේ මනුස්ස කමට උකස් තබා ඇත. ඒවා ගොවිකම ලොව පැරනිම රුකියාවේ යොදවන දුක්ගන්නා රාළලා විසින් බහු ජාතික සමාගම් වලට උකස්තබා අවසනය.
අද වනි විට දේශිය බීජ නැති බැවින් ගොවියා අතරමංවී ඇත. පසුගිය දශක 4 තුල සාම්ප‍්‍රදායික ගොවියා වෙනුවට සංක‍්‍රමණික කොලණි ගොවියාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුග‍්‍රහය ඇතිව බහු ජාතික සමාගම්වලට උකස් තබා අවසන්ය. ඔහු සතුව දේශීය බීජ ආරක්‍ෂකර ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙන්නේද? ඔහු පුරුදු පුහුණු වී තිබුණේ වගා මහත්තයා කියන දේ කිරීමටයි. වගා මහත්තයා කියන්නේ බහු ජාතික සමාගම කියන දෙයයි. එම නිසා කොළණි ගොවියා යනු ඔහු මුදලාලීලාගේ බීජ, පොහොර හා කෘෂිරාසායන වල යැපෙන්නෙකි. එහත් අද දවසේ ඇතිවි ඇති මෙම පොහොර හා කෘෂි රසායන ප‍්‍රශ්ණයෙන් බේරීමට ඔහු සමග සමස්ථ ජාතියටම අවශ්‍ය වී ඇත. එහෙත් ඔහුට ගැලවීමක් නැත. මන්ද කෘෂිරසායන මත යැපෙන බීජ මතම ඔහුට යැපෙන්නට වී ඇත. රසායනික පොහොර නැතුව පොළවෙන් උඩට මේ වගාව එන්නේ නැත. පලිබොධ නාශක නැතිනම් වගාව අනිවාර්්‍යයෙන්ම විනාශ වී යන්නේය.
මේවාට පිලිතුර රසායන පොහොර හා කෘෂි රසායන මත යැපීමෙන් තොරව අස්වැන්න ගත හැකි නිරෝගී බීජ සොයාගැනීමය. ඒවන් බීජ වන්නේ මේ පොලොවේ හැදුනු වැඩුනු දේශිය ආරියන්ට අයත් බීජ වේ. ඒවා අද වන විට ඉතා සීග‍්‍රයෙන් මෙලොවින් තුරන් වෙමින් පවතී. එය කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකි.
මේ තත්වය බහු ජාතික සමාගම් හොදින් දන්නේය. එම නිසා බීජ අයිතිය සමස්ථ කෘෂි ආර්ථිකයේ සුක්කානම බැවින් එය ඔවුන් අත තබාගැනීමට හැකි සියල්ලම කරන්නේය. මෙයින් රට බේරා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ එම අමාත්‍යාංශය ඉදිරිපත් නොවනවා යන්න ඉර හඳ සේ විශ්වාසය. එමනිසා දැන් දැන්ම කොහේ හෝ ඉතිරි වි ඇති දේශිය ධාන්‍ය බීජ වර්ග හැකි තරම් ආරක්‍ෂා කරගත යුතුය. මේ ගැන ගොවියා හා සමස්ථ රට වැසියාම දැනුවත් කල යුතුය. එම ජාන ආරක්‍ෂා කරගැනීම සඳහා ගෙවතු වගාවද උපයෝගි කරගත හැකිය. අපගේ බීජ අප රුක ගෙන ව්‍යප්ත කල හොත් පමණක් මේ බහුජාතික සමාගම් වලින් අපගේ කෘෂිකර්මාන්තය බේරා ගත හැකිය.
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි

දැන් පැලයක් හැදුවොත් ඒකට බෙහෙත් නොගහ නම් හදන්න බෑ මොනවා කරලවත්..... 

මේ මම?
වෙන්ඩ බෑ..!
මට මතක නෑ නෙ!