දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 JUST IN BREAKING
    FB-IMG-1628156677110.jpg


    සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම සහ රටේ පවතින අධි අවධානම් සෞඛ්‍ය තත්වය හේතුවෙන් "දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳ විශේෂ සාකච්චාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොවිඩ් මර්ධන බලකායේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී දැඩි සංචරණ සීමා තත්වය යළි පැනවීමට නියමිත බවද වාර්තා වේ.

    මෙහිදී උත්සව සඳහා අවසර ලබා දී තිබීම, ගමනාගමනයට අවසර ලබා දී තිබීම ඇතුළු අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් යළිත් සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

    මේ වන විට ප්‍රධාන රෝහල් සියල්ලේම කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මේවට සල්ලි කොහෙන්ද


    ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

    August 5, 2021 at 3:00 pm | lanka C news
    ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

    අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

    මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

    දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.
     
    • Like
    Reactions: lasankandy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,203
    13,918
    113
    පෘථිවිය
    කිසිම සංචරණ සීමාවක් පනවන්නේ නැති බව හොඳටම ෂුවර්.

    රට වහන්නේ නැහැ ආයෙත්.

    සැප්තැම්බර් 11 වෙනකොට රටේ 70% වැක්සින් කරලා ඉවර වෙනවා.

    ඩෝන්ට් වොරි

    ජස්ටින් නිවුස්, ලොල්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    කිසිම සංචරණ සීමාවක් පනවන්නේ නැති බව හොඳටම ෂුවර්.

    රට වහන්නේ නැහැ ආයෙත්.

    සැප්තැම්බර් 11 වෙනකොට රටේ 70% වැක්සින් කරලා ඉවර වෙනවා.

    ඩෝන්ට් වොරි

    ජස්ටින් නිවුස්, ලොල්
    මෙන්න යාකෝ ගෝඨා කිරියට ඇවිල්ලා respect sir
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හයීයෝ
    කරන්න දෙයක් නැත්නම් මිනිස්සු මැරෙනවාට වඩා හොදයී හැබැයි හෙන අවුල් බන්

    කොටහළු වේඩින් අතහැරලා දැඩි නීති දාලා කරා නම් මෙහෙම වෙන්නේ නැහැ සිට බන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    ehema na ban.. wahapu gaman adu wenawa.. haebaei curfew danna oney. nothing else will work
    S ge gawayo tikama VIP label eken eliyata panala rata wate duwanakota moka dammath namata witharak wenne...
    oka una nisai me okkoma. issarahatah okamai. oya privilege magul nisai okkoma redda...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උද්ඝෝශණ වලට අවසර දීල ඕනෙ එකක් නැත්තම්.........
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගුරු වරු විතරයි ඊයේ වෙනකොට ප්‍රශේන්ට හිටියේ..
    අද දවල් ඉදලා සෞක්‍ය සේවකයෝත් සෙට් වෙලා
    සම්පූර්ණයෙන් රට ඇරලා අනිත් සේවකයෝ ඔක්කොම ගෙනල්ල කොරෝනා ව්‍යාප්තිය වැඩි කරලත් තාම බැරි උනා පැලස්තරේ වහගන්න....
    දැන් ඉතින් කොරෝනා වැඩි වෙලා, ඔයයිලා පරිස්සම වෙලා නැති නිසා වහන්න තමා වෙන්නේ කියයි.....................,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රට වහපන් ගොතයෝ.. මේ උට්ටා අරගෙන ඉන්නව උ තමයි හොදටම ඇරියේ කියල පෙන්නන්න
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Similar threads