සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම සහ රටේ පවතින අධි අවධානම් සෞඛ්‍ය තත්වය හේතුවෙන් "දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ විශේෂ සාකච්චාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොවිඩ් මර්ධන බලකායේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී දැඩි සංචරණ සීමා තත්වය යළි පැනවීමට නියමිත බවද වාර්තා වේ.
මෙහිදී උත්සව සඳහා අවසර ලබා දී තිබීම, ගමනාගමනයට අවසර ලබා දී තිබීම ඇතුළු අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් යළිත් සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.
මේ වන විට ප්‍රධාන රෝහල් සියල්ලේම කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
