දැනගෙන තෙල් ගහමුද ? Full Tank ගහන එක හොදයිද ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    දැනගෙන තෙල් ගහමුද ? Full Tank ගහන එක හොදයිද ?

    1896904_631548756910744_1592347924_n.jpg

    Full Tank ගහන එක හොදයිද ?

    හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.

    අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

    මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

    2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

    3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..


    උපුටා ගැනීම මුහුණු පොත
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    machan oka mathaka widiyata elakiri kollek liyapu ekak.. wate gihin awith ayith uba dala... repost wage.. elaz dakke nathi aya wenuwen,,
     

    AnuradhaRa

    Well-known member
  • සමහරක් වෙලාවට ෆුල් ටෑන්ක් ගැහුවම, මුං ඉතුරු දෙන්නෙ අඩුවෙන්
    බයික් එකට රු 442 ක් ගැහුව. මු ඉතුරු දුන්නෙ 50 යි
    සමහරක් වෙලාවට 2 ක් හරි 3 ක් හරි අපෙන් ඉල්ලනව.. අපි නැති හින්ද 10 ක් දුන්නොත් ඉතුරු 7 ලැබෙන්නෙත් නෑ.. උන්ගෙ රුපියල් 2 - 3 පියවන්ඩ අපි රුපියල් 7 - 8 ක් පාඩු කරගන්ඩත් ඕන
    දැං මේකෙ පෙන්නල තියෙනව, ෆුල් ටෑන්ක් ගහනකොට බටේ ඉතුරු වෙන ඒව, ආපහු ඇදලත් ගන්නව කියල.. ඒත් මුං අපිට පාඩු කරනව
    ඉතිං අපි හිඟන්නෙක්ට දුන්න කියල හිතා ගන්නව :lol:
     
    Last edited: