දැනගෙන නගින්න

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
සාමාන්‍ය බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, දුර ගමන් සේවා, කෙටි ගමන් සේවා බස් රථ, මේවා ගැන හරි හැටි දැනුවත් කමක් නැතුව බස් එකකකට ගොඩ වුනාම එතන එකම කාලගොට්ටියයි. ඔබත් එහෙම අවස්ථා වලට මුහුණ දීල තියනවද? කොන්දොස්තර අපේ ගමනට අවශ්‍ය ගානටත් වැඩියෙන් ඉල්ලන අවස්ථා ..හේතුව අහපු ගමන්ම “ඇයි අහන්නේ මේක සෙමි(Semi Luxury) කියල දන්නෙ නැද්ද?” වගේ භයානක පිළිතුරු. බලාගෙන ගියාම ඇත්ත. අපේ අතේ තමයි වැරැද්ද. අපි ගොඩ වෙලා තියෙන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථයකට කරන්න දෙයක් නෑ ඉතින් ගොඩ උනානම් ගෙවන්නම වෙනවා.

තවත් අවස්ථාවක අදාළ බස් හෝල්ට් එකේ නවත්වන්නේ නැත්තෙ ඇයි කියල අහපු ගමන් ලැබෙන අනිත් භයානක පිළිතුර තමයි “මේක දුර බස් එකක් හැම හෝල්ට් එකේම නවත්වන්නේ නෑ” බලාගෙන ගියාම එකත් හරි. ඉතින් බස් එකකට නගින්න කලින් මේ දේවල් කලින්ම දැන ගන්නේ කොහොමද? බස් එකේ බෝර්ඩ් එක ළඟට එනකම් පේන්නෙත් නෑ නේද? මේක ගොඩක් සරල දෙයක් වුනත් ගොඩ දෙනෙක් දන්නේ නෑ. නමුත් මේ කුමන බසයක්ද යන්න ළගට එන්න කලින් හදුනා ගන්න නියමිත වූ ක්‍රමය තමයි බස් බෝර්ඩ් එකේ පාට/වර්ණය. ඇතුළට ගොඩ වුනාට පස්සේ මගියෙක් විදිහට අපිට තියන අයිතිවාසිකම් ගැන වුනත් බොහෝ දෙනෙක් දන්නේ නෑ. බසයකට නගින්න කලින් ඔබ දැන ගත යුතු දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

සාමාන්‍ය බස් රථයක් තුළදී මගී අයිතිවාසිකම්
14322548_10209888388106886_7780733164733619908_n.jpg

බස් හදුනා ගන්නේ මෙන්න මේ වර්ණ වලින්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අනුව මගීන්ට ලැබිය යුතු අයිතීන් මෙසේ දක්වන්න පුළුවන්.

1. අදාළ මුදල ගෙවා ටිකට්පතක් ලබාගැනීමේ අයිතිය. ඔබ නැවතුම් පොළකින් ගොඩ වූ විට බසය එම නැවතුමෙන් පිටත් වීමට පෙර ටිකට්පත ලබා ගැනීමේ අයිතිය ඔබ සතුව පවතිනවා.

2. ටිකට්පතේ ඔබ ඇතුල් වූ ස්ථානයත්, ඔබගේ ගමනාන්තයත් සටහන් විය යුතුයි. එසේම ටිකට්පත නිකුත් කල දිනය, බස් රථයේ අංකය මුද්‍රණය වෙලා තියෙන්න ඕනේ. එනම් බස් රථය තුල ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍රයක් තිබීම අනිවාර්යයි. (බොහෝ කොන්දස්තරවරු සතුව ටිකට් නිකුත් කරන යන්ත්‍ර තිබුනත් තවමත් එසේ නොවන බස් රථ අපිට දකින්නට පුළුවන්)

3. වයස අවුරුදු 3-12 අතර දරුවන් සදහා වැඩිහිටියන්ගෙන් අය කරන මුදල මෙන් අර්ධයක මුදලක් ගෙවීමේ හැකියාව.

4. බස් රථය තුල දුම් බීම නීතියෙන් තහනම් වන අතර එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වෙනවා.

5. බස් රථය වේග සිමා ඉක්මවමින් ධාවනය කිරීම, රියදුරුගේ නොසැලකිලිමත් බව හෝ මාර්ග නීති කඩකරමින් ධාවනය කිරීම, රියදුරු බසය පදවන අතර තුරදී ජංගම දුරකථනය භාවිතා කිරීම වැනි වැරදි වලදී (වර්තමාන රියදුරන්ට බොහෝ සෙයින් මේක අදාළයි) ඊට එරෙහි වන්නට පුළුවන්. 1955 හෝ 0112587372 යන දුරකථන අංකයෙන් ජාතික ප්‍රවාහන කොමිසම් සභාව වෙත එවලේම පැමිණිල්ල ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා.

6. බසයේ රේඩියෝ ශබ්දය උපරිම ලෙස ඩෙසිබල් 80ට වඩා අඩු විය යුතුයි. (වේගයෙන් අත්පුඩියක් ගසන විට ඇති වන ශබ්දය. එනම් මිනිස් කනකට දැරිය යුතු ශබ්දයකට වඩා වැඩි නොවිය යුතුයි)

7. කොන්දස්තරවරයාට හා රියදුරුට වටිනාම පුද්ගලයා වන්නේ මගියාය. එබැවින් ඔබට මිත්‍රශීලි, ආචාරශීලි සේවාවක් සැපයීම ඔවුන් සතු වගකීමක් වෙනවා.

8. බස් රථයේ ආරම්භක ස්ථානයේ සිට අවසන් ස්ථානය දක්වා ගමනාගමනයට දළ වශයෙන් ගතවන කාලය බසය තුළ ප්‍රදර්ශණය කල යුතු වෙනවා වගේම රියදුරු හා කොන්දොස්තරවරයාගේ ලියාපදිංචි අංකත් බසය තුළ සටහන් කල යුතුයි.

අපි දක්වා සිටියේ සාමාන්‍ය බස් රථයක අපේ අයිතිවාසිකම්. ඒ වගේම බස් රථය හදුනා ගන්න ආකාරය හා වෙනස් බස් සේවාවන් වලදී ලැබිය යුතු අයිතිවාසිකම් මොනවද කියලත් බලමු.

දුර ගමන් සේවා බස් රථ

දුර ගමන් සේවා බස් කියන්නේ අඩුම තරමින් පළාත් දෙකක්වත් යාකරමින් ධාවනය වන බස් සේවවාන් වලටයි. මේ සේවාව තුළ ඇති බස් රථ වල බස් පුවරුව(බස් බෝර්ඩ්) අනුව කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවන්.

කහපාට පසුබිමේ රතුපාට අකුරු පුවරුව (සාමාන්‍ය සේවා)
14237556_10209888388266890_8725894701329093146_n.jpg

බස් පුවරුවේ කහපාට පසුබිමේ රතු පාට අකුරු සහිතව ආරම්භක හා අවසාන නැවතුම් නගර සටහන් කර ඇත. මෙයින් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථයක් බව හා සාමාන්‍ය ගාස්තු අය කරන බවත්ය. ඉදිරියෙන් ඇති කතිර සලකුණ මගින් සීමිත නැවතුම් බව නිරුපනය කරනවා. පුවරුව මැදින් බස් රථ මාර්ග අංකය දක්වා තිබිය යුතුයි. (කොලඹ කදුරුවෙල බස් රථයක් නම් මාර්ග අංක 48) N අකුටින් පෙන්වන්නේ සාමාන්‍ය (Normal) සේවාවක් කියලයි. අංක, නගරවල නම්, සමීපයට එන තුරු නොපෙනුනත් පුවරුවේ කහ පැහැය තුලින් සාමාන්‍ය ගාස්තු අය කරන බසයක් බව දැන ගත හැකිය. සාමාන්‍ය බස් රථයක සියළුම අයිතිවාසිකම් මෙහිදී මගීන්ට හිමිවෙනවා.

නිල් පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව (අර්ධ සුඛෝපබෝගී සේවා)
14141794_10209888388186888_2652950866077552960_n.jpg

ඈතින් නිල් පාට බෝර්ඩ් එකක් දුටුවොත් එය අර්ධ සුඛෝපබෝගී බස් සේවාවක්. අපේ වචනයෙන් කියනවනම් සෙමියක්. මේකේ සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක ගුණයකින් ගාස්තුව ඉහළයි. පෙර සදහන් ආකාරයටම කතිර ලකුණ, බස් රථ මාර්ග අංකය ආරම්භක හා අවසන් නැවතුම් නගර සටහන් කර තිබෙනවා. S අකුරින් අර්ධ සුඛෝපබෝගී (Semi Luxury) බව නිරූපිතයි.
ශ්‍රී ලංකාවේ අර්ධ සුඛෝපබෝගී බස් සේවාව බොහෝ ලෙස දුර්වල වූ එකක්. වරෙක එහි දුර්වලත්වය හා ගුණාත්මකභාවයේ අඩුකම පදනම් කරගෙන සේවාව අත්සිටවූ අතර වර්තමානයේ යලිත් එය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය බස් රථයක මගී අයිතිවාසිකම් වලට අමතරව තවත් අයිතීන් කිහිපයක් පිළිබඳව ඔබට මෙහිදී විමසිය හැකියි.
1. සියලු ජනේල වලට තිර රෙදි යොදා තිබිය යුතුයි.
2. මගීන්ට පෙනෙන සේ ඔරලෝසුවක් බසය තුල ප්‍රදර්ශණය කළ යුතු වීම.
3. හිස පසුපසට හේත්තු කල හැකි අයුරින් Headrest තිබිම අනිවාර්යයි.
4. 3×2 ආසන ගණනක් ඇති බසයක ආසන වලට අමතරව තවත් මගින් ඇතුළු කරගැනීම තහනම් වේ.
5. නැවතුම් සීමිත වන බැවින් කෙටි දුරක් සදහා මගීන් ඇතුල් කරගැනීම තුළින් ප්‍රමාද වීම නීති විරෝධි වේ.

කොළ පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව (සුඛෝපබෝගී සේවා)
14333090_10209888388506896_374314346014225787_n.jpg

මේ වගේ එකක් ඈත තියා දුටුවොත් එය සුඛෝපබෝගී බස් රථ සේවාවක් ලෙස හදුනා ගත හැකියි. හැබැයි ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් වෙනවා. පුවරුවේ කෙලවර AC (Air Condition) ලෙස සටහන් වෙලා තියනවා. මේ සදහා ලංකාවේ භාවිතා වන්නේ විශේෂයෙන් කුඩා බස් රථ (Mini Bus– ආසන 15-29). සාමාන්‍ය බස් රථ භාවිතා වන්නේ ඉතාමත් අඩුවෙන්. ඉහත දැක්වූ සියළුම අයිතීන්ට අමතරව යෝග්‍ය ලෙස වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක විය යුතු වෙනවා.

දම් පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව(අධි සුඛෝපබෝගී සේවා)
14333800_10209888388586898_3869821350206377632_n.jpg

සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් විශාල බස් රථ අධිවේගී මාර්ග (express way)තුළ දක්නට ඇත්තේ මෙවැනි බස් සේවාවක්. ආසන සංඛ්‍යාව 45-55 අතර අගයක් ගන්නවා. ඒ වගේම කොලඹ සිට යාපනය, අම්පාර හා මොනරාගල ප්‍රදේශ වලටද මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. මෙහි මුදල සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක්. XL (Extra Luxury ) ලෙස පුවරුවේ අග සටහන් කර ඇත. ඉහත දැක්වූ සියලු මගී අයිතීන් වලට අමතරව මෙම බස් රථ වලදී මගීන්ට හැකි පරිදි ආසනය සීරුමාරු කරගැනීම හා වායු සමීකරණ යන්ත්‍ර සීරුමාරු කිරීමේ හැකියාව පැවතිය යුතුයි.


කෙටි ගමන් සේවා බස් රථ
14333612_10209888388746902_2298328068678699446_n.jpg

මෙම බස් රථ එකම දිස්ත්‍රික්කයක් තුළ හෝ එකම පළාතක දිස්ත්‍රික්ක අතරේ ප්‍රවාහන සේවාව සපයනු ලබනවා. මෙහි පුවරුව කහපැහැති පසුබිමේ කළු අකුරින් නිර්මාණය කර තිබෙනවා. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි වර්ණය වෙනස් වෙන්න පුළුවන්.සාමාන්‍ය ගාස්තුව අය කරන අතර සීමිත නැවතුම් හෝ එසේ නොවන්නටත් පුළුවන්.
ඉතින් මේ වගේ දේවල් දැනගෙනම බසයට ගොඩ වෙන එක අපි කාට කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ලෙසයි අපි දකින්නේ. අඩු තරමින් කොන්දොස්තර මහත්තයාගෙන් බැනුම් අහන්නේ නැතිව, ඇඟේ ලේ පුච්චගන්නේත් නැතිව යනතැනට හිත නිදහසින් යන එක, ඔය ටික නේද කරගන්න ඕන?

(උපුටා ගැනීම roar.lk)
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලේලන්ඩ් වලට curtains දැම්මහම ඒවා අර්ද සුපොකබෝගී බත් කන හරක් ඉන්න රටක් නිසා අවුලක් නැ :lol:

    දැන් බඩා ඇවිල්ල කියයිද දන් නැ බස් එක ඉන්දියන් curtains දාන්නේ ලංකාවේ උන් කියලා
    :rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දුරගමන් සේවා (අර්ධ සුඛෝපබෝගී) 2-3 ආසන බස් වලට තමයි බන් කුකුල්ලු පටවනවා වගේ ලෝඩ් කරන්නෙ,:lol:ඔවට කතා කෙරුවොත් වෙන්නෙ අම්මගෙ පදේ අහගෙන බස් එකෙන් බහින්න,:rofl:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හොද විස්තරයක්. හැබැයි සමහර තැන් වලදි වෙනස්කම් වෙනව නේද? අන්තිමටම කියල තියන එකම පළාත ඇතුලෙ යන බස් වල route එකට අදාලව පාට වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කොළඹ යන බස් වලින් 154 බස් එකේ ගහන්නෙ ටිකක් ලා කහ පාටට. ඈත තියා අදුනගන්න පුලුවන් ලේසියෙන්ම 154 බස් එකක්.

    තව දෙයක්. Negombo-Colombo Expressway බස් වල දම් පාටට ගහන්නෙ නෑ. කොළ පාටට ගහන්නෙ. ගාන තුන් ගුණයක් වෙලත් නෑ. දෙගුණයකට ටිකක් වැඩියි. පොඩි A/C බසුයි ඔය කියන Extra Luxury බසුයි දෙකම තියනව. දෙකේම ගාන එකම තමා. යන අය දන්නව ඇති.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    dan A/C bus walath Pol patonawa wage patonawane... Galle Road eke One tharan Yanawa Pol patola wage a/c bus,
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අඩෝ semi වලටත් ලෝඩ් කරනවා බන් පැක් වෙන්ටම...ඊට පස්සේ semi ටිකට් එකත් කඩනවා...:growl::growl:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සමහර සෙමි වලනම් වලි යනව. ආච්චිල නැග්ගහම, එවෙලාවට කොන්ද නෝමල් අරන් ශේප් වෙනව.
    ඉස්කොලේ ලමයින්ට semi වල normalගන්න ඔ්න.

    ඇයි බං සමහර route වල semi ම විතරක් යන්නෙ.??? (කතරගම-කොලඹ,,, දිනමිණ පත්තරේ බස් එක විතරය් මේ route එකේ normal යන්නේ. අනිත් ඔක්කොම semi)
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මොරටුව පිටකොටුව AC (Volvo bus) ගමන් ගාස්තුව ගැන දන්නවාද?
     
    • Like
    Reactions: ctooi

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තව එකක් අමතක උනා. මොරටුව පිටකොටුව 100 බසුත් නිල් පාටට ගහනව. ඒත් ඒව Semi Luxary නෙමේ. ඒකට හේතුව මොකද්ද දන්නෙ නෑ.
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    සමහර සෙමි වලනම් වලි යනව. ආච්චිල නැග්ගහම, එවෙලාවට කොන්ද නෝමල් අරන් ශේප් වෙනව.
    ඉස්කොලේ ලමයින්ට semi වල normalගන්න ඔ්න.

    ඇයි බං සමහර route වල semi ම විතරක් යන්නෙ.??? (කතරගම-කොලඹ,,, දිනමිණ පත්තරේ බස් එක විතරය් මේ route එකේ normal යන්නේ. අනිත් ඔක්කොම semi)

    srilanka%2Bbus%2Binside.png