July 31, 2024 at 10:22 pm | lanka C news
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දිම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් එක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.
එමෙන්ම සමගි ජන බලවේගයෙන්ද මන්ත්‍රීවරුන් අට දෙනෙකුට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙමින් ඉදිරි දින කිහිපය ඇතුළත එක්වනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
ඒ සමගම ජනාධිපති පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 125 කට ආසන්න ප්‍රමාණයක් බලයක්
ආණ්ඩු පක්‍ෂයට තහවුරු කරගැනීමේ වැඩි හැකියාවක් ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
July 31, 2024 at 4:40 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හිටපු නියෝජිතයන් සහ පළාත් පාලන හිටපු නියෝජිතයන්ද එම පක්‍ෂයේ ඇතිවී තිබෙන බෙදීම මත දැඩි පියවර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම්ද දිස්ත‍්‍රික් වශයෙන් නුදුරේදීම ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ.
දැනට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 90% ඉක්මවා ජනාධිපතිවරයාට සහාය දීමට එකතු වී තිබේ.
මේ වන විටත් එම පක්ෂයේ ඊළඟ ස්ථරයන් වන පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සංසද ඊට අදාළ යෝජනා සම්මත කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.
ශ‍්‍රී ලංකා පොදු ජනපෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග මෙම අර්බුදය ඇතිව තිබේ.