දැන් ඔච්චර පස්සෙ යන දේශපාලනයක් නෑ බන්. ජොබ් එකක් නැතුවට පෝස්ටරයක් එහෙම ගහන්න වැටීගෙන ඉන්න සුලුතරයක් ඇරෙන්න දේශපාලකයො දේවත්වයෙන් අදහන උන් නෑ. උඹ දන්න යාලුවො නෑදෑයො ඔෆිස් එකේ උන් ගැන හිතල බලපන් උන්ගෙන් කීයෙන් කීයක් එහෙම තනි දේශපාලකයො පස්සෙ යන උන්ද කියල. ඒ 1900 ගනන්වල තිබ්බ සංස්කෘතිය ඉවරයි. ඒ කාලෙ මිනිස්සු දන්නව මේ ගෙදර UNP මේ ගෙදර ශ්‍රී ලංකා කියල. චන්දෙ UNP දින්නොත් උන් ගිහිල්ල ශ්‍රී ලංකා ගෙවල් වලට ගහනව. අනිත් පැත්තටත් එහෙමයි. දැන් ඔය කතන්දර නෑ. එකම ගෙදර ළමයි එකෙක්ට දෙනව අම්ම වෙන එකෙක්ට තාත්තා තව එකෙක්ට. තමන් කැමති උන්ට තමන් දෙනව මිසක් බත් බැලයො නෑ.ඔය එහෙට මෙහෙට පනින උන්ගේ ඡන්ද ටිකත් උන් යන යන තැන යනවා..
මෙහෙ සියඹලාපිටිය හෝ ගාලා board ගහනවා රනිල් එක්ක එකතු වෙමු ගගා..
උගේ පස්සේ යන උන් ඡන්දේ දෙනවා ඌ හැරෙන හැරෙන පැත්තට..
හොරු ටික එක ගොඩට තියලා බලනවා වෙන්නේ big picture එක දකින උන්ට විතරයි..
අනිත් උන්ට උන්ගේ ලොක්කා මේ සැරේ කාටද support කියලා විතරයි පෙන්නේ..
මොනවා උනත් ඒ හොරු ඔක්කොම මෙච්චර කල් parliment ඒකට ආවනේ..
ආයෙත් මහා මැතිවරණයක් තිබ්බොත් ඒත් උන් ටිකම තමයි ඒ පැති වලින් එන්නේ..
උන්ගේ පස්සෙන් ලාභ ගන්න ලේවකාගෙන යන උන් තව සෑහෙන කාලේකට නැති වෙන්නේ නෑ..
උන් බය නැත්තේ උන්ගේ ඒ base එක කැඩිල යන්නේ නෑ කියලා උන් දන්නා හින්දා..
ඇත්තම කතාව මේ පාර උතුරු නැගෙනහිර චන්ද පට්ටම ලොකු රෝල් එකක් ප්ලේ කරනව. රනිල සද්ද වහල ඉන්නෙ ඌ ඒ පැත්තෙ වෙනම ගේමක් ප්ලේ කරන හින්දද කියල හිතෙනව.