දැන්සල් වැන්ද පැටියා

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    දැන්සල් වැන්ද පැටියා

    මම මේ විස්තර කරන ගීතය දැන් අහන්න ලැබෙන්නේ නැහැ - මේ ගීතය අපි පොඩිකාලේ ගුවන් විදුලියේ නිතර ගිය සින්දුවක්. සින්දුවෙන් කියවෙන පොඩි කතාන්දරය හරිම රසවත් . මේ සින්දුව නැවත අහන්න ආසයි. තියෙන කෙනෙක් හෝ ලින්කුවක් දුන්නොත් ගොඩක් පින්.

    මේකයි සින්දුවේ කියවෙන කතාන්දරය - එක ගමක ඉන්නවා පැටියා කියල මනුස්සයෙක් (නුගත්) එයා වෙසක් බලන්න කියලා කොළබට එනවා. වෙසක් බලන අතරේ දන්සල් වලින් ආරාදනා ලැබෙනවා කෑම කන්න එන්න කියලා. මෙයා මේ නිසාම දන්සලක් කියල හිතාගන ලග තිබුන හෝටලයකට ගොඩවෙනවා. තියෙන කෑම ජාති ඇනවුම් කරලා මෙයා හොදට කනවා. මෙයා තාම දන්නේ නැහැ මේක හෝටලයක් කියල එයා හිතන්නේ දන්සලක් කියල. (ගීයේ පදයකුත් මෙලෙස මට මතකයි "කුකුල් මස්ද බුරියානිද හොදට හදපුවා - මොනවද මොනවද කියමින් ඔක්කොම කෑවා") පස්සේ මෙයාට කෑම වලට ගෙවන්න විදිහක් නැතිව ඉනේ බැදලා තිබුන හවඩිය දීලා බේරිලා එනවා. ඔන්න ඕකයි සින්දුව තුල තියෙන කතාන්දරය :no: