මන් හිතන්නේ එහෙම ප්‍රසිද්ධ කරපු එකක් නෙවෙයි. මූ උනත් අද ඊයේ ඉඳන් ආපු එකෙක් නෙවෙයිනේ ඒ ඒ කාලේට පත්තු වෙන ඒවා තමා. හැබැයි එහෙම පත්තු වේගන එනකොට මුන් බාගන්නවා වෙන්න පුළුවන්
ඊට පස්සේ කන්ට්‍රෝල් එක උන් අතේ
copied from fb.
කුරුණෑගලත්, හෙන ඈත ගමක චූටි කොල්ලෙක් හිටියා... ඌ පුංචි පන්තිවල ඉන්න කාලේ, ඉස්කෝලෙක රැස්වීමකවත් සින්දුවක්වත් එහෙම වැඩිය කියලා නෑ. ටීච කෙනෙක්වත් කිසිම තරඟෙකටවත් ඌව ඉදිරිපත් කරලා නෑ. අප්පච්චි පුට්සයිකලේ ගිහින් ඌට පට්ටටම ඉගැන්නුවා.ඒ කාලෙ ගමක අහිංසක දෙමව්පියෝ දන්නෙ, ජීවිතේ දිනන එකම මඟ අධ්‍යාපනය කියලා විතරයි.ඒ හින්දා ඌට ඉගැන්වූවා. ඌ මාර මහන්සියෙන් A9 ක් අරගත්තා. පොරට ඒ A9 යේ, එහෙම හෙන ආතල් එකක් තිබ්බෙ නෑ... ඌ හිතුවේ ඒක බොරු ජයග්‍රහණයක් වගේ එකක් කියලා.. මොකද පොත්වල තියෙන දේවල් එහෙම්මම දන්නවනම් A9 ගන්න පුලුවන්. කිසිම වෙනස් තින්කින් එකක් ඩිවලොප් කරන්න තිබ්බෙ නෑ මචං එතැන.
ඌ Alevel Science maths පැත්තට ඉගෙන ගන්න කුරුණෑගල ලොකු ඉස්කෝලෙකට එනවා... ඒ අතර ඌට මාර ආසාවක් තිබ්බා කිසිම ඉස්කෝලෙක ඉගැන්නුවේ නැති වුනාට
විශ්වය කියන සීන් එක අධ්‍යයනය කරන්න. අන්න එතකොටම ඌට මියුසික් සෙට් වුනා. බොහොම අමාරුවෙන් චූටි ගිටාර් එකක් අරන් තනියෙන් පුරුදු වෙන්න ගත්තා... සල්ලි නෑනෙ බන් ඒවා ගන්න..
ඌ Alevel කරන කාලෙ උගෙ ගෙවල් ළඟට සුද්දෙක් වගේ වයසක පොරක් ආවා.මිනිහා හැමදාම හවස 3 ට ගිටාර් ප්ලේ කරනවා... හෙන ඩිසිප්ලීන්,
කොල්ලා ආසාවට පාර ළඟට වෙලා පුට්සයිකලේ උඩ ඉඳන් ඒවා අහන් ඉන්නවා. හෙන උණනෙ බන්. කොල්ලා දවස් තුනක් ගියා ගිටාර් ඉගෙන ගන්න ඒ වයස uncle ගෙ ලොබි එකට. දවස් තුනේම "ඇයි ආවේ"කියලා මුලින්ම බැනලා එලවා ගත්තා. "උඹල ට මොන ගිටාර් ද බන්" කියලා.English වලින් විතරයි මෑන් ගොඩක් වෙලාවට කතාකරේ..
ඒත් 4 වෙනි දවසේ යද්දී කිව්ව කතාවෙන් ඌට මෑන් වීරයෙක් උනා.මෑන් කියනවා "උඹට උණ තියෙනවද බැලුවේ මන්" කියලා. දවස් 3 ක් එලවලත්, 4 වෙනි දවසේත් එනවද කියලලු බැලුවේ..ඊට පස්සෙ පට්ට වෙස්ටන් ගිටාර් ලෙසන් එකක් අර කොල්ලට කියලා දෙන්න ගත්තා.
කොල්ලා මාර විදිහට සතුටු වෙලා.. "යන්නන් අන්කල් බොහොම ස්තූතියි" කියද්දි, අන්කල් කියනවා " ආයෙ මෙහෙ ගිටාර් ඉගෙනගන්ඩ එන්ඩ එපා..එනව නම් මෙතන අනුන්ගෙ සින්දු කියන්න එන්න එපා..උඹේම සින්දුවක් ලියාගෙන ඒකට මෙලඩියකුත් දාන් එන්ඩ.."
අම්මටසිරි කොල්ලට මාරම අවුල... ඌ ගෙදර ගිහින් දහඅතේ කල්පනා කරලා.. අන්කල් එක්ක ගිටාර් ඉගෙනගන්න තියෙන උණ නිසාම මූ සින්දුවක් ලියාගෙන යනවා අන්කල් ගාවට.මෙලඩියකුත් දාගෙන, අන්කල් මාර විදිහට සතුටුවෙලා කොල්ලගෙ වැඩේ අඩුපාඩු ටික හදලා කියලා දීලා ඌට බැරිවෙනකම්ම voice එක, එක එක chords වලින් ඉහලටම අරන් යනවා හෙඩ් වොයිස් වලට යනකම්ම.. සහ low වොයිස් වලට යනකම්ම,,
ආයෙ ආයෙත් හැම දාම 3 ට සින්දුවක් ප්‍රැක්ටිස් කරන්න ඕනි නිසා හැමදාම ඒ කොල්ලා සින්දුවක් ලියාගෙන අන්කල්ගෙ ලොබියට ගිහින් ගිටාර් ඉගෙනගෙන ආවා...
මන් දැන් තමා දන්නෙ ඒ කියලා දුන්නේ, voice training කියලා. අන්න මචන් එඩියුකේශන්. ඒ අන්කල් තමා රෝයි වැලිකල. ඒ පොඩි කොල්ලා තමා මචන්, මන්.
මගෙ ලඟට දැනට voice training වලට එන සහ ආපු උන්ට මාත් රෝයි අන්කල් වගේම තමා කරන්නේ. උන් පස්සෙ දැනගනී ඒ මන් උන්ට කලේ voice training කියලා....
රෝයි වැලිකල කියන්නෙ කව්ද කියලා මරියසෙල් ගුණතිලකගෙන් ඇහුවොත් කියයි මචන්.මරියසෙල් ටත් රෝයි, කියන්නෙ අන්කල් කෙනෙක් මචන්.. හිතපන්කෝ එතකොට ක්ලැරන්ස්ලගෙ කාලෙ පොරක් මට හම්බුනේ. ඒ අහඹු හමුවීම මට අදටත් හීනයක්... රෝයි අන්කල් දැන් නැතිවෙලා... පොඩි කාලයයි මටත් හම්බුනේ...
රෝයි" වැලිකල කියන්නෙ වෙස්ටන් පුස්තකාලයක් මචන්.දන්නෙ නැති දෙයක් නෑ, මාරම ආදරෙන් එයා දන්න සියල්ල මට කියලා දුන්නා.English ද, මියුසික් ද, ඔටෝ ඉන්ජිනීරීන්ද, ඩිසිප්ලීන් ද, කරාටි කුජරාටි ද සියල්ල මචන්.. පොර හදපු ගිටාර් තිබ්බා, පොර තනියෙන් ගිටාර් හදනවා මචන්.තව ගොඩක් දේවල් තනියෙන් හදනවා. පොර වොඩ්කා හදනවා මචන්. ඌ මාර එකෙක් මන් දැකපු, මන් හිතන්නෙ උඹල දන්නෙ නැතුව ඇති වොඩ්කා කැට.. මට දවසක් පෙන්නුවා..හදන විදිහත් මට ඉගැනුවා.. අපි උඹල හිතන කසිය පෙරන සීන් එක නෙමේ මචන් මේ කියන්නෙ...වෙනම scientific සංක්ල්පයක්.
එක දවසක මායි රෝයි අන්කලුයි ඩ්‍රින්ක් එකක් දාන් ඉන්නකොට මිනිහ මට කියලා දෙනවා, "රොකී!! "ආහ් ඌ මට කිව්වෙ රොකී" කියලා, රොකී" ඩිරින්ක් එකක් කියන්නෙ කල්චර් එකක්, පෙරලිලා වැටෙන, ගහගන්න , බීලා ගෑනීට ගහන, විදිහේ එකක් නෙමේ කියලා... මන් චුට්ටක් බොන ගමන් අහන් ඉන්නවා... මචන්, ඔව් මචන් drink එක කියන්නෙ කල්චර් එකක්, මේවා හරියටම දන්නවනම් අද ඉන්න උන් අයිස් වගේ දෙකයි පනහේ, ජානමය අවියක් වෙන, chemical drug ගහන්නෙ නෑ...
අන්කල්ට දරු මුනුපුරෝ 15 ක් විතර ඉන්නවා මචන්, මන් දන්න විදිහට, wife ලා දෙන්නයි... දෙන්නම මේ වන විට සුහදව කැමැත්තෙන් ඩිවෝස් වෙලා.. අන්කල් තනියෙන් ඉන්නෙ..සැදෑ සුවය නිදහසේ තනියෙන් ගතකරන්නයි ඈත ගමකට ඇවිල්ලා තියෙන්නෙ... පොර ඒ ගමේ පාරෙ පොඩි බස් එකේ යන්නෙත් කෝපි මග් එකක් අතේ තියන් බිබී...
එක දවසක මාත් මියුසික් අහගන්න ගිහින් ඉද්දී , අන්කල්ගෙ වයිෆ්ලා දෙන්නම එනවා..එයාලගෙ දැන් හස්බන්ලා දෙන්නත් එක්ක..සතුටින් අන්කල් එක්ක ඩිරින්ක් එකක් දාලා,කතාකරලා යන්න. මාත් ඒ මිනිස්සු එක්ක මූව් වෙනවා... කතාකරනවා...අපි කට්ටියම එකට සින්දු කියලා යන්ඩ යනවා....
බැදීම් හදුනාගත්තම හරි සරලයි මචන් ජීවිතේ ..
සංජීව් ලෝන්ලියෙස් කිව්වම,
ගොඩක් දෙනා අහනවා, මන් බර්ගර්ද, මන් ක්‍රිස්තියානිද, මන් බුද්ධාගමද කියලා, උඹ මොකෙක් ද කියලා... මචන් මන් මනුස්ස,මේ නේච එක අදහන. ඒ වෙනසට එකම හේතුව මන් හිතන්නෙ මේ කල්චර් අත්දැකීම් ටික.මන් හරි ආසයි ඒකට...අමුතු මිනිස්සුන්ගෙන් අපිට බොහෝ දෑ ඉගෙනගන්න තියෙනවා මචන්. උන් පිස්සො නෙමේ, උන් වෙනස් විදිහට හිතන උන්..
අපේ අප්පච්චි මට වඩා සින්ග් කරනවා..මන් හිතන්නෙ අප්පච්චි මේ සමාජක්‍රමය තුල ගායකයෙක් නොවී, මේ සොසයිටිය එක්ක පොරබදින සරල මනුස්සයෙක් උනේ අප්පච්චිට රොයි වගේ අන්කල් කෙනෙක් හම්බුනේ නැති නිසා වෙන්න පුලුවන්..
අද අපේ අම්මා අප්පච්චි සහ රෝයි අන්කල් නැතත් මන් එයාලට අහන්න අමු සින්දු මේ විශ්වයට නිකුත් කරනවා .. ඒවා අපි උඹල ත් අහනවා...
ඔය කලීෆා සින්දුව කලේ..රෝයි අන්කල්ට අහන්න.ඒ කලීෆා වීඩියෝ එකේ තියෙන්නෙ රෝයි අන්කල්ගෙ ලොබිය.ඒ තමා ප්ලේස් එක මචන්.ඒකෙ තියෙන ඇමැරිකන් පරණ කාර්, එයාගෙ, තවත් දහසකුත් මතක ගොඩක් ඒ කලීෆා වීඩියෝවෙ තියෙනවා...
අන්න මේ දේවල් එක්ක තමා ඉස්සර ඉඳන් මට හිතුනේ අපේම මියුසික් කල්චර් එකක් හදන්න.මොකද කෙනෙක් අපිට කියලා දුන්න ගොඩක් දේවල් වලින් අපිටත් පුලුවන් විය යුතුයි ඊටත් එහා ගියපු වෙනස්ම සංකල්පයක් හදන්න. වෙනස් තින්කින් එකක් හදාගන්න. ඒක තමා ජානමය දියුණුව.
රොයි අන්කල් හැමදාම මට කිව්වේ..." මට වඩා උඹට ජානමය දියුණුව තියෙනවා."කියලා
උඹල අහන මරියසෙල් ගෙ "කැන්ඩි ලමිස්සි සින්දුවේ " මුල්ම රොකෝඩින් එකේ, ගිටාරිස්ට් සහ sweet මාරි කම්ටූ මී" කොටස කියන්නෙ රෝයි වැලිකල කියන, අමුතු විද්‍යාඥයා...
මන් හිතනවා මචො, මේ තමා එඩියුකේශන්.මේ පොටෝ එක පරණයි,හෙන කැතයි, ඒත් මේ කතාව හෙන දිගයි... මන් පොඩ්ඩයි උඹල ට මේ කිව්වේ...
අදටත් මගෙ ළඟට voice training ඉගෙන ගන්න ඇවිල්ලා, හැරිලා ගිහින් ආයෙ දවස් කීපයකම එන , උන්ට පස්සෙ දවසක හිතෙයි... ඒ තමයි voice training කියලා...
ලෝකයා මාව දකින්නෙත් නැතුව, මම ලෝකය දකින්නෙත් නැතුව ඉවර වෙන්ඩ තිබ්බ කතාවක්, ඔන්න ඔය විදිහටයි වෙනස් වුනේ...