දැන් මොකද කරන්නේ?

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
දැන් මොකද කරන්නේ?

පාට කණ්නාඩි ගලවා ඇතුලට එන්න .
images.jpg

එදා,


21 වෙනිදා මැරුණු, තුවාලවුනු අයගෙනුත් කතිරේ පිහිටෙන් උත්තරීතර (එහෙමනේ කියන්නේ)
පාර්ලිමේන්තුවේ දේශපාලකයින් 225 ක් හිටියනේ,
ඔය බෝම්බෙට අහු උණු අයට ඒ අයගෙන් ඉටුවිය යුතු යුතුකමක්, වගකීමක් තිබුනද? ඒක ඉටු උනාද?:nerd:

පෙර වැරදි ගැන නෙමෙයි මේ කියන්නේ...:baffled::no:
කලින් මොන දුෂණ වංචා උනත්, රට වෙනුවෙන් මොන දේ කරත්, කරන්ඩ හැකියාව,දක්ෂ උනත්
වැඩක් තියනවද?

හොඳට හිතපල්ලා....

"එදා පාර්ලිමේන්තුවේ අය දැනුවත්ව මැරුණේ" කියල ඔය මැරුණු 300 දෙනා දන්නවනම්
මේ ඉන්න 225 එක්කෙනෙකුට වත් අයෙත් කතිරයක් ගහල ඔතනට යවයිද?

එත් දැනට ජීවත්ව ඉන්න අයගෙන් හෙටත් මේ 225 ටම ජන්දේ දෙන උන් ඉන්නවනේ.
මොනවාද තවත් බලාපොරොත්තු වෙන්නේ?


අපි කොහොමද ඔයවගේ අයට රෙද්දක් ඇඳගන ගිහින් චන්දෙ දෙන්නේ? මොකටද දෙන්නේ?

අද වෙනකොට රටේ තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි හමුදා පාලනයක් නේද?
ඒ කියන්නේ "දේශපාලනය" කියල කරපු දේවල් වලින් වැඩක් වෙලා නැහැ සහ කරගන්ඩ බැහැ..

දැන් දැන් හමුදා පාලනයටත් ඔය කියන "දේශපාලනයෙන්,දේශපාලකයින්ගෙන්" බලපෑම් සිද්ද වෙනවලුනේ... :growl:

මොකද අපි දැන් කරන්නේ? ඇත්තටම දැන්නම් මරණ බය හොඳටම දැනිල ඉන්නේ? :(:(
ආයෙත් අපට 21 වෙනිදට කලින් තිබුන වගේ කාලයක් එයිද?:(
images (2).jpg
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට වාහන දෙකක් ගන්න කෝටි 19ක් අනුමතයි.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සහ ආරක්ෂක ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක ට අනුමැතිය ලැබී තිබේ.
    මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසිනි.
    අදාල වාහන මිලදී ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ මූලධන වියදම් වශයෙන් රුපියල් දහනව කෝටියක් ප‍්‍රතිපාදන අනුමත කරන්නැයි පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
    මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දහයකට වැඩි වටිනා තවත් වාහන මිලට ගැනීමට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ඊයේ දිනයේ ලැබින.
    බස් රථ 10ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර 01ක් හා ත්‍රීරෝද 07ක් එම පරිපූරක ඇස්තමේන්තු අනුමැතියෙන් ලබා ගැනීමට නියමිතය.
    :love::love::love::love:
     
    Last edited: