දැන් වවපං බදුරුදින්🔴

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.
    ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
    එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි.
    මෙම කටයුතු සදහා ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය අභියාචනාධිකරණය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර පෙත්සම්කරුගේ නඩු ගාස්තු රජයට සහ රිෂාඩ් බදුර්දීන් මහතාට ගෙවන ලෙසට නියෝග කරන ලදී.
    මෙම නියෝගය අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් නිකුත් කරනු ලැබුවා.
    මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරන ලදි.
    වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

    මු ආයේ ඇපීල් කෝට් යයිද දන්නෑ :baffled: :baffled:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් මු වැරදි කාරයාද ?
    එතකොට දඬුවම වවන එක විතරද ? දඩ නැද්ද ? හිර දඬුවම් නැද්ද ? පන්දින්චි වෙලා ඉන්න උන්ට මොකද වෙන්නේ ? මෙයාද එතකොට මේකේ රූට් එකට. මෙයාට ඉහලින් කට්ටිය නැද්ද ?
    මොන ජෝක්ස් ද බන් මේ.

    මචං මතක තියාගනින් මේ සතියේ හොඳ මගඩියක් වෙනවා මේ ඒක යට යවන්න එවපු එක. මේවගේ ගොන් ආතල් මෝඩ බයියන් අන්දන්න හොඳයි ;)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මචං මතක තියාගනින් මේ සතියේ හොඳ මගඩියක් වෙනවා මේ ඒක යට යවන්න එවපු එක. මේවගේ ගොන් ආතල් මෝඩ බයියන් අන්දන්න හොඳයි ;)
    ස ගේ පලවෙනි අවුරුද්ද නිිිිසා වෙන්නත් බැරි නැ තමා
     
    • Like
    Reactions: Anatha sinhalu

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උබලත් වත්තේ කොස් ගහක් එහෙම කපන්න ඕන නම්.. කපපල්ලා....
    පොලීසියෙන් ආවෙත් කියපන් එකගහට කොස් පැලදෙකක් හිටෙව්වා කියලා.....
    ගොම් මෝඩ හැත්ත
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ ඇපිල් කෝට් තමා

    එතකොට මචෝ මේක අවසන් තීන්දුවද? ආයේ අබියචන ඉදිරිපත් කරන්න බැයිද? වැඩේ සිද්ද උනොත් නම් සුපිරි ....:love::love:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    උබලත් වත්තේ කොස් ගහක් එහෙම කපන්න ඕන නම්.. කපපල්ලා....
    පොලීසියෙන් ආවෙත් කියපන් එකගහට කොස් පැලදෙකක් හිටෙව්වා කියලා.....
    ගොම් මෝඩ හැත්ත

    ඉතින් ඕයි මේක අභියාචනාධිකරණයෙන් දුන්න එක්ක නෙ. අපිට බනින්නේ. උට බැනපං
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඉතින් ඕයි මේක අභියාචනාධිකරණයෙන් දුන්න එක්ක නෙ. අපිට බනින්නේ. උට බැනපං

    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා මිතුරේ..... සමුහයකට බැන්නේ ඔයාට නෙමේ වස්තුව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    එතකොට මචෝ මේක අවසන් තීන්දුවද? ආයේ අබියචන ඉදිරිපත් කරන්න බැයිද? වැඩේ සිද්ද උනොත් නම් සුපිරි ....:love::love:
    මිට උඩින් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තියනවා. බදුරුදින් සමහර විට යයි. නමුත් රිවස් වෙන එකක් නැ බොහෝවිට
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මිට උඩින් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තියනවා. බදුරුදින් සමහර විට යයි. නමුත් රිවස් වෙන එකක් නැ බොහෝවිට

    තැන්ක්ස් මචන්... ඔය නඩු සීන් මම දන්නේ නෑ ..... (y) (y)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    එජාපයේ, සජබේ, ජවිපේ බලාපොරොත්තු ඉටුකල ගෝඨා ට ප්‍රණාමය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඔය වවපං කියන්නෙ නිකන් අඩි දහයේ දහයේ කෑල්ලක්ද දන්නේ නෑ :baffled:
    දැන් මු වැරදි කාරයාද ?
    එතකොට දඬුවම වවන එක විතරද ? දඩ නැද්ද ? හිර දඬුවම් නැද්ද ? පන්දින්චි වෙලා ඉන්න උන්ට මොකද වෙන්නේ ? මෙයාද එතකොට මේකේ රූට් එකට. මෙයාට ඉහලින් කට්ටිය නැද්ද ?
    මොන ජෝක්ස් ද බන් මේ.
    එතකොට දැන් තියෙන ගෙවල් අයින් වෙන්නේ නැද්ද? එව්වා වට කරලද කැලේ වවන්නේ?
    තැන් තැන්වල කපල තියෙනවා නේද සෑහෙන ඕවට වෙන වෙනම නඩු දාල තිබුනද දන්නෙත් නෑ නෙ. ලොකුවට කපපු කෑලි වෙනම තියෙද්දී කොනක පොඩ්ඩක් කපාපු එකේ නඩුවද දන්නෙත් නෑ මේ තීන්දුව දීල තියෙන්නේ ඒකයි මම බැලුවේ.
    අනවසර පදිංචි කිරීම ඉවත් කිරීමට කිසිම විදානයක් දී නොමැත. ප්‍රශ්නය ඉවර නැ
    අර දගය එකේ පොඩ්ඩගෙ කොන්ඩෙ වගේ, ඕක විල්පත්තුවෙ කපපු අක්කර ගානක පිට්ටනිය මැද්දෙ එක රට ඉදි ගහක් හිටවල එයි.
    :rofl: :rofl: :rofl: konaka idan kala tika kapanawa arehe.badurdinnam nemei habai.ewwai wawaida
    අනේ බං ! අතුරුදහන් වෙලා කියලා මූව දවස් ගනන් හෙව්වා පොලිස් කණ්ඩායම් 5ක් දාලා. වවයි ඇටේ
    අනවසර පදිංචි කිරීම ඉවත් කිරීමට කිසිම විදානයක් දී නොමැත. ප්‍රශ්නය ඉවර නැ
    යෙක යෙපි තල් රටිදී තමා වවනවා... :lol: වවන්න ඔක්කොම අපේ අය තමා ගන්නවා..
    බලන් ඉමු මොකද වෙන්නේ කියලා
    මු ආයේ ඇපීල් කෝට් යයිද දන්නෑ :baffled: :baffled:
    මචං මතක තියාගනින් මේ සතියේ හොඳ මගඩියක් වෙනවා මේ ඒක යට යවන්න එවපු එක. මේවගේ ගොන් ආතල් මෝඩ බයියන් අන්දන්න හොඳයි ;)
    උබලත් වත්තේ කොස් ගහක් එහෙම කපන්න ඕන නම්.. කපපල්ලා....
    පොලීසියෙන් ආවෙත් කියපන් එකගහට කොස් පැලදෙකක් හිටෙව්වා කියලා.....
    ගොම් මෝඩ හැත්ත
    එජාපයේ, සජබේ, ජවිපේ බලාපොරොත්තු ඉටුකල ගෝඨා ට ප්‍රණාමය.

    නඩු තීන්දුව හරියට කියවන්නෙ නැතුව උම්බෑ ගාන අම්බරුවනි

    1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය.

    2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)

    3. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)

    යම් ජයග්‍රහණයක අඩුපාඩු දකින අදබාල මිනිසුනි, පුරා අවුරුදු 5 ක මහන්සියේ අවසන් ප්‍රතිපලයේ සුව අත්විදිනවා විනා එය හෑල්ලුවට ලක් කිරීමෙන් වන්නේ ඔබ ඔබවම හෑල්ලුවට ලක් කරගැනීමයි. මන්ද ඔබ හෝ මම අවුරුදු 05 ක් පුරාවට උසාවි ගානේ ගියෙ නැත. එය කලේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ඔවුන් මේ ජයග්‍රහණයේ සැබෑ උරුම කරුවන් වන්නෙ 2014 අවසන් කාලයේ සිට මරයිච්චුක්කඩි/කරඩිකුලි (විල්පත්තු උතුරු වනය) වන විනාශ ගැටලුව දේශපාලනික, ජාතිවාදි හා වෙනත් පටු අරමුණ වලින් විවිධ පාරවල් දිගේ ගමන් කරන විට ඔවුන් මේ එකම සුදුසු පාර වූ නීතිමය පාර දිගේ ගොස් දිනුම් කණුව පසු කල බැවිනි.

    සෙතිල් මුහන්දිරම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara

    Kawda ban sethil muhandiram kiyanne?
     
    • Like
    Reactions: Solo Rider

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    යෙක යෙපි තල් රටිදී තමා වවනවා... :lol: වවන්න ඔක්කොම අපේ අය තමා ගන්නවා..

    :-D :-D හා හා කොහොමද ආතල් එක මූ රට ඉඳි ගස් වැව්වොත්
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදුර්දීනට තියෙන්නෙ ගු ඇන් පි ගොන් බඩුත් සම්මාදම් කරගෙනම කැලේ වවන්ඩ පටන් ගන්ඩ , මොකද ගු ඇන් පි ගොන් බඩු තමයි බදුර්දීන කාලේ කපද්දි හුරේ දැම්මෙ ඌට ඇමතිකම් දුන්නෙ බෝම්වත් කාල ආයෙත් චන්දෙ දීල පාර්ලිමේන්තු එවුවෙ ගු ඇන් පි ගොන් බඩු
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය.

    එතකොට බන් මිට කලින් ඕක බලලා නැද්ද ? හානියේ ගාන දන්නේ නැතුව උසාවියෙන් කියනවද ගෙවන්න කියලා. අනේ මන්දා ඉතින්. ප්‍රශ්න තමයි

    බදුර්දීනට තියෙන්නෙ ගු ඇන් පි ගොන් බඩුත් සම්මාදම් කරගෙනම කැලේ වවන්ඩ පටන් ගන්ඩ , මොකද ගු ඇන් පි ගොන් බඩු තමයි බදුර්දීන කාලේ කපද්දි හුරේ දැම්මෙ ඌට ඇමතිකම් දුන්නෙ බෝම්වත් කාල ආයෙත් චන්දෙ දීල පාර්ලිමේන්තු එවුවෙ ගු ඇන් පි ගොන් බඩු

    අනිවා

    image_8fe5d71234.jpg
     
    • Haha
    Reactions: tas and ryandok