දික්කසාදය

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    විනිසුරු : තමා බිරිඳගෙන්
    දික්කසාද වීම සඳහා නඩු පවරා
    තිබෙනවා..ඇයි එසේ ඇගෙන් වෙන්වීමට
    අදහස් කලේ..?
    පැමිණිලිකරු :
    ස්වාමීනී..
    මම විශාල ආයතනයක පරිපාලන නිලධාරියෙක්.....
    පසුගිය ඇඳිරි නීතිය සමයේ
    නිවසෙන් පිට යන්නට නොහැකිව
    සිටි අවධියේ බිරිඳගේ ගෙදර
    වැඩ වලට හුඟක් උදව් උනා...
    ඒ පුරුද්දට දැනුත් බිරිඳ නොයෙක් ගෙදර වැඩ පවරනවා....
    මගේ සිවිල් තත්වය අනුව
    එවැනි වැඩ මා වෙත පැවරීම
    නොකල යුතුයි....
    මම බිරිඳගෙන් වෙන්වීමට අදහස්
    කලේ ඒ නිසයි....
    විනිසුරු : මොනවද ඇය ඔබට පවරන ගෙදර වැඩ?
    පැමිණිලිකරු :
    ස්වාමීනි
    සුදුලූනු පොතු ඇරීම
    ලොකු ලූනු තුනීයට⁣ පෙති කැපීම
    වලං පිඟන් ඉඳුල් ඉවත්වන සේ
    තදින් අතුල්ලා සේදීම
    අතින් සබන් ගාමින් කිලිටි රෙදි සේදීම....වගේ වැඩ තමයි
    බොහෝ විට පැවරෙන්නේ...
    විනිසුරු :
    තමා බරපතල වැඩ ලෙස සිතාගෙන සිටියාට ඕවා බොහොම සුලු වැඩ...
    සුදුලූනු බික් ටික කබලේ දමා
    ටිකක් රත් කර ගත්තාම ඉබේම පොතු ටික ගැලවෙනවා...
    ලොකු ලූනු පෙති කපන්නට පෙර ටිකක් වෙලා ශීතකරණයේ තැබීමෙන් ඇහැට සැර එන්නේ නැහැ...
    ඉඳුල් වලන් පිඟන් විනාඩි විස්සක් වතුරේ ගිල්වා තැබුවාම යන්තම්
    ඇතිල්ලූ පමනින් ඉඳුල් ඉවත් වෙනවා...
    රෙදි හෝදන විට සබන් ගා පැය බාගයක් පැත්තකින් තියලා
    ගත්තාම එක වරක් ඇතිල්ලූ පමනින් සියලු කුණු ඉවත් වෙනවා....
    පැමිණිලිකරු : මට තේරුණා
    ස්වාමීනී...මම මගේ දික්කසාද
    අයදුම් පත්‍රය ඉවත් කර ගන්නවා..
    විනිසුරු : මොනවද තමාට තේරුණේ..?
    පැමිණිලිකරු : මට වඩා ඉහල
    නිලතල දරණ අයත් බිරිඳට
    කීකරුව ගෙදර වැඩ කරණ බව
    මම තේරුම් ගත්තා ස්වාමීනී...
    😒
    😒
     

    Attachments

    • 227779327_1165411073944556_4858319464218715905_n.jpg
      227779327_1165411073944556_4858319464218715905_n.jpg
      39.9 KB · Views: 48