දිගු කල් ජීවත් වීමේ රහස..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දිගු කල් ජීවත් වීමේ රහස..!

    මේක ටිකක් පරණ කතාවක්.. :)
    කොහෙන්ද ඉස්සෙල්ලම කියෙව්වේ කියල මතක නැහැ.


    එක්තරා ජනප්‍රිය පුවත්පතක මාද්‍යවේදීන් දෙදෙනෙකුට ආරංචි වුනා පිටිසර ගමක අවුරුදු 100ක් වයස පුද්ගලයෙක් ඉතාම හොඳ සෞඛ්‍යයෙන් ඉන්නවා කියලා.
    ඔවුන් මේ ගැන වාර්තාවක් සකස් කරන්න ඒ ගමට ගියා.

    ගමේ හැමෝම ඔහු ගැන දන්නවා..:).
    කියන්නේ 'සේතුහාමි සීයා' කියලා

    පාර හොයාගෙන අර ගෙදරට ගියහම ඔවුන්ට සේතුහාමි සීයා මුන ගැසුනා.
    ඔහු සුදු සරමකින් හා කමිසයකින් සැරසී බුදුන් වඳිමින් තමයි සිටියේ. ඔහුගේ මුහුණ සිනාවකින් පිරිලා.
    ඉතාම ප්‍රසන්න පුද්ගලයෙක්...

    ඔහු අමුත්තන් පිළිගෙන අසුන් ගන්වා කතාවට වැටුනා.

    ඔහු කියන විදිහට ඔහුට කිසිම රෝගයක් නැහැ...:nerd:

    මාද්‍යවේදීන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය තමයි "මොකක්ද මෙච්චර කල් හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වීමේ රහස?" :oo:

    අර සීයා මෙහෙම කියනවා-
    "මහත්තයෝ මගේ රහස් හතරක් තියනවා

    එක තමයි - මම අරක්කු හා සිගරට් කවදාවත් බීලා නැහැ.
    දෙක තමයි - මම කිසි දවසක මස් මාංශ කාලා නැහැ.
    තුන තමයි - මම කිසි දවසක සතුන් මරලා නැහැ.
    හතර තමයි - මම ගත කළේ බ්‍රහ්මචාරී ජීවිතයක්.... "


    ඉතින් මේ කරුණු හතර සටහන් කරගෙන වාර්තාව හදන්න සීයගේ ඡායාරූපයකුත් අරගෙන කට්ටිය යන්න ලෑස්ති වුනා...

    එතකොට ඔවුන් දැක්කා ඈත ඉඳන් වයසක මිනිහෙක් එක අතකින් කිතුල් රා මුට්ටියකුත් අනික් අතින් පතොරොම් තුවක්කුවකුත් අරගෙන බීඩියක් උර උර එනවා...

    බැලුවහම බය හිතෙන විදිහෙ මූනක්... :shocked:

    මේ මනුස්සයා කෙළින්ම ගේ ඇතුලට තමයි ආවේ....

    එන ගමන් ඔහු සේතුහාමි සීයාගෙන් ඇහුවා- "බොලන් මගේ කුකුල් මස් ටික ලිපේ තිබ්බද?"

    මාද්‍යවේදීන් මුහුණට මුහුණ බලා ගත්තා. සේතුහාමි සීයා මස් කන්නේ නැත්නම් උයන්නේ ඇයි කියන එක ගැටළුවක්.:baffled:

    එතකොට සේතුහාමි සීයා උත්තර දෙනවා - "ඔව් අප්පච්චි...."
     
    • Like
    Reactions: kinkon

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Puthata 100nam thaththata :P :P a madiwata Raa & Mas :P :P

    ඇයි සත්තු මැරීමයි බ්‍රහ්මචාරී කමයි? තාත්තා කරන්නෙ රා මදින එක නම් ඌත් හොඳ ෆිට් එකේ ඉන්නේ.:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනේ කියන්නේ ඉන්න ටිකේ පිස්සුවෙන් ඉන්න ඕනි කියලා:lol: