මිනිසුන්ගේ චරිත තුල මතුවී දිදුලන , උගත් යැයි සම්මත සමාජයේ සම්බාවනාවට පාත්‍ර වන යම් ගුණයන් ,ජීවිත ව සිටින කාලයේ මෙන්ම ඉන් ඉක්බිදිවත් මිනිසුන් කතා කරනුයේ,තමනට තාවකාලික වාසියක් වෙනුවෙන් තම ප්‍රතිපත්ති කඩා නොහිරවා, එකම මිනුම් දන්ඩක් රාමු පද්දතියක් තවකාලික පරාජයන් හමුවේ හෝ රකින මිනිසා සමස්තයක් ලෙස අවසානයේ සම්බාවනාවට පාත්‍රවන්නේය යන්න මා තදින් අදහමි.
රනිල් වික්‍රමසිංහ චරිතය යනු මා දුටු වැඩියෙන්ම විවේචනයට ලක්වූ දේශපාලන චරිතය යි. එහෙතෙ එතුමාගේ සියලු ගුණයන් පරදා ඉහලට එසැවී දිදුලන යම් ගුණයක් මම දකිමි.එනම් තම පුද්ගලික ජීවිතය හා දේශපාලන ජීවිතය එකිනෙකට පටලවා නොගැනීමයි.
රනිල් වික්‍රමසිංහ මහතා ගේ බිරිද මහාචාර්‍ය වරියක් ය. ඇයට ස්බාවයෙන්ම සමාජයේ ඉහල පිලිගැනීමක් සහ ගරුත්වයක් උගත්කමට හා ඇයගේ නිහතමානී බව නිසාවෙන්ම උරුමව ඇත.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඇයගේ එම කීර්ති ප්‍රශංශාව තම දේශපාලන වාසියට හරවා නොගත්තේය.
ශිරන්ති රාජපක්ශ යනු ඔව්න් කියනා පරිදි ජනාධිපති ආර්‍යාවයි. ඇය කාල්ටන් සුපිරි පෙරපාසලේ අධ්‍යක්ෂිකාවයි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මහාචාර්‍ය වරියක් ය. දේශපාලන වාසියට තම බිරිද යොද ගත්තේ වී නම් රනිල් වික්‍රමසිංහයන්ට , මහින්ද රාජපක්ශ ට සාපේක්ශව බොහෝ කීර්ති ප්‍රශංශා හිමි කරගන්න ට ඉඩ තුබූ නමුත් ඔහු එසේ නොකලේ මා සිතන පරිදි ඉහත මා කියූ, තවකාලික පරාජයන් හමුවේ හෝ රකින ප්‍රතිපත්ති නිසා බව මම විශ්වාස කරමි.
රනිල් වික්‍රමසිංහ ඉතා හොද බෞද්ධයෙක් ය. ඔහු කැළණිය රජ මහා විහාරයේ ප්‍රධානම දයකයා ය සහ දර්ශනය පිලිබද ප්‍රාමානික දැනුමක් සහිත අයෙක් ය. එහෙත් ඔහු කී කලකවත් තම ආගම දේශපාලනය හා පටලවා ගත්තේ නැත. නමුත් අනුග්‍රහ කලේය. දහම යොදාගන්නවානම් ඔහු සතු ප්‍රාමාණික දැනුම හේතුවෙන් රාජපක්ශ ජනපති වරයාට සාපේක්ශව ඔහුට ඉතා හොදින් යොදාගන්නට හැකියාව තිබිණි. එහෙත් ඔහු පෙරකී රාමු පද්දතිය ට පට හැනි බැවින් එය නොකරන්නට තරම් පරිස්සම් විය. තම දේශපාලන පවුල් පසුබිම, තම චරිතය ඔදවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට යොදා ගනට තිබූ තවත් එක් බර අවියක් උවද,ඔහු එසේ නොකලේය. අවම වශයෙන් ඔහුගේ එක කුස උපන් සහෝදරයන් හෝ තම දේශපාලනික වැඩ කටයුතු වෙනුවෙන් හෝ තම රජයන්ගේ ආයතන පාලනය වෙනුවෙන් වැද්ද නොගත්තේය. ශාන් වික්‍රමසිංහ මහතා අදටත් පුද්ගලික රූපවාහිනි ආයතනයක් පවත්වා ගෙන යමින් සිටී. අනෙක් සහෝදරයා හා සහෝදරිය කුමක් කරනේද යන්න සටහන ලියන මාද නොදනියි. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතය හා පුද්ගලික ජීවිතය පටලවා නොගනිමින්, තාවකාලික පරාජයන් හමුවේ උවත් එකම ප්‍රතිපත්තියක් රකිම්න් සිටින බව මාගේ හැගීමයි.
මා ඔහුව මහින්ද රාජපක්ශ සමග සැසදූවේ , රාජපක්ශ මහතා රට ආන්ඩු කරන සමයේ ඔහු විපක්ශ නායක වූ නිසාබැවින් හා වත්මනේ රනිල් රට ආන්ඩු කරන සමයේ මහින්ද රාජපක්ශ මහතා විපක්ශ නායක වීම යන අන්‍යෝන්‍ය සබැදියාව නිසාය. හදිසියේ මෙමෙ සටහන ලියනු ලැබුවේ, ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිගේ බිරිදට ආනාගත ජනපතිගේ ආර්‍යාව වීමේ දෙලදුකක් වැලදුනු බව දැන ගැනීම නිසාය.
තම පියාගේ පහනින් එලිය බලන සජිත් ට ඔහුගේ පහනින් එලිය බලන්නට ය්න්ත දරන බිරිදක් හමුවීම පොරොන්දම් සියල්ලම ගැලපුන විවහයක් බව මට සිහි ගන්නවන්නට විය. එසැනින්ම මට මතක් වූයේ සජීත්ගේ පියා මන් පහරන්නෙකු හෝ ස්ත්‍රී දූශකයෙක් හෝ නොවුයේ සජිත් ගේ වාසනාවටය. එසේ වුයේනම් අද සජිත් හා බිරිද ට අත්වන ඉරණම කුමක් වේද.?
අවසන් වශයෙන් එකක් ලියන්නන්නට අවසර දෙන්න. පියා ඉංජිනේරුවක් නම් පුතා ඉංජිනේරුවෙක්, පියා දොස්තරනම් පුතා දොස්තර කෙනෙක්, පියා ගේ ඇවෑමෙන් පුතා ලෙසින් වන වැඩ වසම් යුගයට සමුදී අපි බොහෝ දුර පැමිණ සිහුරු යුගයක එලිපත්තේ සිටුමු. දැන් රටේ අනාගතය හිමි විය යුත්තේ කුශලාතාවට මුල් තැන දෙන මිනිසුන්ට මිස දේශපාලන පරම් පරාවලින් පැවත එන තුනවන පරන් පරාවේ පුතුන්ට නොවන බව අවධාරනයෙන් සටහන් තබමි.