දිනක්ෂි_BF

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    දිනක්ෂි අවසානයේ තම ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි.


    DinakhsiePriyasad27sSurpriseBirthday283229.jpg


    පසුගිය කාලයේ ටෙලි නාට්‍ය නළු නිළි යුවළක් වන සාරංග- උමාලි පෙම් පලහිලව්ව ගැන ආරංචි පැතිර ගිය අතරවාරයේ ඇතැම් අය විවිධ ආකාරයට මේ දෙදෙනාට කතන්දර හදද්දී සාරංග අලුතින් සමීප වූ පෙම්වතිය ලෙස දිනක්ෂි ප්‍රියසාද්ගේ නම ඉඟි කර තිබුණි.
    මෙම කටකතා වල අස්වැසිල්ලක් නැති නිසාදෝ ටෙලි නිළි දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා පිළිබඳ කරුණු සතිඅන්ත පුවත්පතකට හෙළිදරව් කර තිබේ. මේ දක්වා සඟවා ගෙන තිබුණ එම කරුණු ඇය හෙළි කර තිබුනේ පහත පරිදිය.

    අද දිනක්‌ෂි හිතපුරා ආදරය විදින ආදරවන්තියක්‌ නේද ?

    ඇත්තෙන්ම මම දැන් පෙම්වතියක්‌.

    ඔහුගේ ආදර ඇරයුම ලැබෙන්නේ ?

    කාලයක්‌ ළඟින් ඇසුරු කිරීම නිසා අපි දෙන්න අතරෙ ඇතිවුණ තේරුම් ගැනීම ආදරයක්‌ බවට පෙරළුණා. හිතවත්කම දුරදිග යද්දී අපි දෙන්නම අපිට ආදරය කරන්න පටන් අරන් තිබුණා.

    දිනක්‌ෂිට ඔහු හමුවෙන්නෙ කලා ලෝකයෙන්ද ?

    නැහැ. එයා ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌.

    නිරන්තරයෙන් තම දූවරුන්ගේ ආරක්‌ෂාවට ළඟින් රැෙදන ඔබේ දෙමව්පියන් දිනක්‌ෂිගේ ප්‍රේම සම්බන්ධයට එකහෙලා අනුමැතිය දුන්නද ?

    අම්මයි තාත්තයි මට නිදහස දීලා තියෙන්නේ මගේ ජීවිතයට ගැලපෙන කෙනෙක්‌ තෝර ගන්න. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ ජීවිතය දරාගන්න පුළුවන් විශ්වාස කරන කෙනා ඔහු කියලා. ඔහුත් සමග ඇති කර ගත් ප්‍රේමයට ගෙදරින් තහංචි වැටුණේ නැහැ.

    මේ වෙද්දි අපේ ජනප්‍රිය යොවුන් නිළිය කුළගෙට යන්නත් දින වකවානු යොදාගෙනද ?

    නැහැ. මම කොහොමටත් දැන්ම විවාහ වෙන්නෙ නැහැ. ඉදිරි කාලයේ අම්මල තාත්තලගේ ආශිර්වාදය එක්‌ක විවාහයට දින තීන්දු කරගන්නවා. ළගදීම නම් ඒ දවස උදාවෙන්නෙ නැහැ. අපි තවමත් ආදරය විදිමින් ඉන්නවා විතරයි.

    කලාවට හාත්පසින් වෙනස්‌ ක්‍ෂේත්‍රයක ඉන්න ඔහු ආදරය නිසා දිනක්‌ෂිට බාධක සීමාවන් හදලද තියෙන්නේ ?

    මේදේ කරන්න මේක කරන්න එපා කියල සීමාවන් නැහැ. වැඩකට යද්දි එයාට කියලම යන්න ඕනෑ කියල දෙයක්‌ නැහැ. ඒත් අපි දෙන්න අපි දෙන්න යන එන කරන කියන දේ ගැන හැමවෙලාවෙම දැනුවත් . කොහොමත් එයා මම ගැන දන්නවා. නීති රීති නොදැම්මට කළයුතු හා නොකළයුතු දේ ගැන මම දැනුවත් කියල එයාට අවබෝධයක්‌ තියෙනවා.

    දිනක්‌ෂිගේ ජනප්‍රියත්වය හා ජනතා ආකර්ෂණය ගැන ඔහුගේ ආදර හිත මැදහත්ද ?

    එයා මගේ හැකියාවන්ට වගේම මගේ ජනප්‍රියත්වයට ගරු කරනවා. මම හිතනවා මා ගැන එයා සතුටු වෙනවා කියල.

    ආදරේ කරන්න පටන් අරන් කුළුඳුලේ හුවමාරුවුණ ප්‍රේමණීය තිළිණය මොකක්‌ද ?

    එයා මට ගොඩක්‌ තෑගි දෙනවා. මමත් එහෙමයි . ඒත් ඒ දෙවල් ගැන ලොකුවට හිතේ තියාගන්න හෝ තෑග්ගක්‌ ලැබුණා නොලැබුණා කියල මම ලොකුවට සසල වෙන කෙනෙක්‌ නෙවෙයි. ඇත්තම කියනවා නම් මම ඒ දේවල් ගැන ඒ තරම් සළකන යුවතියක්‌ නෙවෙයි.

    ධම්මිකා සුරංජි පතිරණ (දිවයින- මීවිත)

     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ane magula mun danna love :lol: 1year weddi munuth divorce wei .. api danne nadda lankawe nalu niliyonge marriage life :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තාත්ත නැත්නම් මේකිට ඔ‍ෆිස් එකක තමයි වැඩ කරන්න වෙන්නේ. නිලියක් විදිහට එන්න හිතන්නවත් බෑ