දිනමිණ, රාජපක්ෂලාගේ සංවර්ධනයේ තරම හෙළිකර
ආණ්ඩුවේ දිනමිණ පුවත්පත 28වනදා සහ 29වනදා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට යොදා තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති දෙකෙන් ආණ්ඩුවේ බොරු සංවර්ධනය පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබේ.
28වෙනි දින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබුනේ "දිවිනැගුම ණය පවුල් ලක්ෂ 50කට" යනුවෙන්ය. මෙම සිරස්තලය යටතේ ගොඩනගා තිබූ ප්‍රවෘත්තිය තුළ "දිවිනැගුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් ඇතුළුව දිවිනැගුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසු කම් ලබා ඇති අතර" යනුවෙන්ය.
ප්‍රවෘත්තියේ සඳහන් වන අයුරින් මේ පවුල් ලක්ෂ 50, රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා ණය ලබාගැනීමට සුදුසුකම් ඇති අයය.
2012 ජන සංගණනය අනුව ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව පනස් එක්ලක්ෂ අනූපන්දහස් අටසිය විසි හයක් (51,95,826) පමණය. ඒ අනුව පවුල් එක්ලක්ෂ අනූපන්දාහස් අටසිය විසි හය හැර අන් සියලෝම අන්ත අසරණ දුප්පතුන් බව මෙම දිනමිණ පුවතින් අනාවරණය වී ඇත.
එයද එසේ මෙසේ දුප්පත් කමක් නොව මෙවැනි සුළු මුදලක් ණයට ලබාගැනීමට තරම් දුප්පත්කමක් බවකි. මේ රාජපක්ෂලාගේ වසර 9ක පාලනයේ අස්වැන්නය.
29වෙනි දින දිනමිණ ප්‍රධාන පුවතින් හෙළිකර තිබෙන්නේ "ළමා හා කාන්තා සුභසාදනයට ජනපතිගෙන් රුපියල් මිලියන 1.743ක්" යනුවෙන්ය.
2012 ජන සංගණනය අනුව මුළු කාන්තාවන් සංඛ්‍යාව එක්කෝටි හාරලක්ෂ තිස්එක්දහස් තුන්සිය විසිදෙකක්ය (10,431,322). වයස අවුරුදු 15ට අඩු ළමුන් සංඛ්‍යාව පනස්දෙලක්ෂ විසිඅටදහස් නවසිය විසිහතක්ය (5,228,927). එනම් මිලියන 15.66ක් පමණය.
මෙම පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස්මත වෙන්කළේයැයි කියන මුදල රුපියල් මිලියන 1,743ක්ය. මේ අනුව එක් අයෙකුට වෙන්වන්නේ රුපියල් 111.30ක් වැනි සොච්චම් මුදලක්ය.මෙම මුදලට බත් වේලක්වත් දිය නොහැකි අතර ජනාධිපතිවරයාට අවශ්‍යනම් සනීපාරක්ෂක තුවා පැකැට්‍ටුව ගානේ බෙදා හැරිය හැක.
එහෙත් මෙම වසරේ මුල් මාස 4 තුළ ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු මගින් රුපියල් තිස්හතරකෝටි හැටහතරලක්ෂ හැටහතරදහස් දෙසිය දහයක (රු. 346,464,210) අමතර මුදලක් වෙන්කරගෙන ඇත. වර්ශය ආරම්භයේදී අයවැය මගින් ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් රුපියල් අටසිය පනස් හයකෝටි අනූ එක්ලක්ෂ හැත්තෑදහසක්ය (රු. 8,569,170,000).
මේ අනුව මෙම වසවෙනුවෙන් ජනාධිපතිවරයාගේ මුළු වියදම රුපියල් අටසිය අසූ එක්කෝටි පනස් හය ලක්ෂ තිස් හතර දහසක් (රු. 8,815,634,000) දක්වා මේ වනවිට වැඩිවී ඇත.

මට තේරෙන විදියට