නෑ බන් ,මෛත්රී පත් කරන්න තමයි හිටියේ නමුත් මහින්ද ගේම ඇද්දා නේ, මහින්ද බැලුවේ විධායක බලතල ජනාධිපති කමෙන් අයින් කරපු ගමන් 21 වැනිදාට පස්සේ, හිමින් සැරේ නිදහස් පක්ෂය හරහා පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති කම ගන්නයි ,එතකොට 2/3 බලය නිදහස් පක්ෂයට තියෙන නිසා කොහොමත් මහින්දට තමයි අගමැති කම යන්නේ, එතකොට බලතල තියෙන්නේ අගමැතිට නිසා, ආයි එතකොට රට මහින්දට ගියා වගේ තමයි, මේක වළක්වන්න මෛත්රී නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ගේ සහය ඉල්ලා හිටියේ ,එතකොට කිහිප දෙනෙක් ආවා, කොහොම හරි තව 28 ක් ඕනේ. මම දන්නේ නෑ ඔක්කොම ආවද කියලා නමුත් පත්තරේ නම් තිබ්බා 28 ක් ආවා කියලා, කොහොම හරි කට්ටිය සෙට් වෙලා 2/3 සහය තියෙන කොට එතකොට කැබිනට් මණ්ඩලය පත්කරයි. මෙතනින් තවත් එකක් ගම්යය වෙනවා, ඒ තමයි නිදහස් පක්ෂයෙන් එන කොටසකටත් ඇමතිකම ලැබෙයි කියලා.
මෛත්රීට දුර දිග හිතන්න තිබ්බ, මහින්ද කියන්නේ ජිල්මාට් කාරයෙක් නිසා මේ වගේ ඒවා වෙනවා කියලා දැනගන්න එක අමාරු දෙයක් නෙවෙයි. එහෙම හිතලා සැලසුම හැදුවා නම් දවස් පහුවෙන්නේ නෑ.