දියඹත් ගුවනත් ජයගත් යානා
මාතෘකාව ටිකක් අමුතුයි වගේ පෙනුනට වැඩි දෙනෙක් නොදන්න දෙයක් ගැන කියන්නයි මේ ලිපිය පළ කරන්නේ.Ekranoplans එහෙම නැත්නම් ground effect vehicle (GEV),wing-in-ground-effect (WIG), flarecraft, sea skimmer,wing-in-surface-effect ship (WISE) ආදී නම් වලින් හඳුන්වන ජලයේ සිට ගුවන් ගතවන නමුත් ජල මට්ටමට වඩා සුළු උසකින් ගමන් කරන ගුවන් යානයකුත් නොවන ,වායුපායානයකුත් නොවන ,සීප්ලේන් එකකුත් නොවන මේ සියල්ලේම එකතුවක් ලෙස Ekranoplan හැඳින්විය හැකිය.මෙම Ekranoplan යානයක් ජල මට්ටමට ඉහළින් පැයට සැතපුම් 250ක වේගයකින් පමණ ගමන් කරන අතර ඊට ගුවන් යානයකට ගෙන යා නොහැකි තරම් සෙනගක් සහ භාණ්ඩ ගෙන යා හැකිය.මෙම ප්‍රවාහන තාක්ෂණය මිනිසා විසින් සොයාගත් අපුර්වතම ප්‍රවාහන තාක්ෂණයක් බව නම් සැබෑය.
මෙම Ekranoplan යානා සීතල යුද සමය ආවර්ජනය කරන සලකුණක් වැනිය.මන්ද Ekranoplan යානා බොහෝමයක් නිපද වූයේ සෝවියට් දේශයේය.කොහොමත් ඉතින් සෝවියට් දේශය කියන්නේ ලොකු ලොකු දේවල් හදලා තමන්ගේ ආඩම්බරය ලෝකයට පෙන්වන්නට උත්සාහ කරපු රාජ්‍යයක් නේ.සෝවියට් දේශය නිර්මාණය කල සමහර Ekranoplan යානා අඩි 500 තරම් දිගින් යුක්ත වූවා පමණක් නොව ඒවාට ටොන් 500ක් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාවත් තිබූ බව කියවේ.මේවාට රේඩාර්වලට හසුනොවී,අධික වේගයෙන් ගමන් කල හැකිවිය.
ලොව මෙතෙක් නිපදවා ඇති විශාලතම Ekranoplan වර්ගයේ යානය වන්නේ Kaspian Monster(KM)යි.මෙය මීටර් 92ක් දිග ,බරින් ටොන් 240 ක් වන අතර Dobryin VD-7 වර්ගයේ ටර්බෝජෙට් එන්ජින්වලින් බලය ලබාගන්නා දැවැන්ත යානයකි.ඊට ටොන් 544ක් ඔසවාගෙන පියාසර කල හැකිය.මෙය ලෝක වාර්තාවක් ලෙසද සැලකේ.මෙය නිර්මාණය කිරීම සහ අත්හදා බැලීම ඉතා රහසිගතව කැස්පියන් මුහුදේ සිදු කරන ලදි.KM යානයේ පළමු ගමන 1966 ඔක්තෝම්බර් මස 16 දා සිදුවිය.මෙය පසුකාලයේදී ඇමෙරිකානු ඔත්තුබලන චන්ද්‍රිකාවකින් අනාවරණය කරගන්නා ලදි.
KM යානා එකක් පමණක් නිපදවූ මුත් බරින් සහ දිගින් වෙනස් සංස්කරණ කිහිපයක්ම තිබූ බව කියවේ.මෙම යානා අද්භූත පෙනුමක් සහිත රේඩාර්වලට නොපෙනෙන ලෙස අධික වේගයෙන් ගමන් කල හැකි සේ නිපදවා තිබූ අතර සීතල යුද්ධයේ උච්චතම සමයේ මෙවැනි Ekranoplan යානා සියයක් නිපදවීමට සෝවියට් දේශය සැලසුම් කර තිබුණද පසුව එම සංඛ්‍යාව විස්සක් දක්වා අඩු කරන ලදි.
KM යානය කඩා වැටීම නිසා එය යළි යථා තත්ත්වයට පත් නොකරම අතහැර දමන ලදි(මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් නිසා අනතුර සිදුවූ බව කියවේ).අතහැර දැමූ යානය නොගැඹුරු ජලයේ ගිලී තිබුණ අතර එහි දැවැන්ත වල්ගය ජලයෙන් ඉහලට එසවී තිබිණි.
ඉන්පසුව KM යානයේ ස්ථානය ලබාගත්තේ Orlenok නම් මධ්‍යම ප්‍රමාණයේ Ekranoplan යානයයි.එය හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තිබේ.
ටොන් 140ක් බර මීටර් 58 දිග මෙම Orlyonok යානය පළමු පියාසැරිය 1972 වසරේදී සිදුකරන ලදි.රුසියානුවන් මෙය Ekranoplan Class B ලෙස වර්ගීකරණය කර තිබිණි.Orlyonok යානය 1972දී සිය ප්‍රථම ගුවන් ගමන සිදුකරන ලදි.Orlyonok යානයේ වේගය පැයට සැතපුම් 400ක් විය.ඊට කිලෝමීටර් 1500ක් දුර ගමන් කල හැකිවිය.මෙම යානයට අවශ්‍ය නම් ගොඩබිමට ඉහළින් පවා ගමන් කල හැකිවිය.
Ekranoplan යානා විස්සක් සෝවියට් දේශය විසින් නිපදවන්නට සැලසුම් කර තිබිණි.ඒ වෙනස්ම ආකාරයේ නාවික හමුදා අංශයක් බෝල්ටික් මුහුදේ පිහිටුවීමටය.එක් Ekranoplan යානයක් 1979දී හමුදාවට ලබාදෙන ලදි.එසේම යානා තුනක් 1990 දශකය වන තෙක් භාවිතා කර තිබේ(1993 දක්වා පමණ ).කිහිපවරක්ම කඩා වැටීම සහ අනතුරුවලට භාජනය වීම නිසා යානා සංවර්ධනය කිරීමෙන් සෝවියට් දේශය ඉවත්ව තිබේ.
මෙය අනෙක් ekranoplan යානා සමග සසඳද්දී වඩාත්ම අද්භූත හැඩය ගත් යානයයි.මෙම යානය නිපදවීම භාරව සිටියේ ඉතාලි ජාතික රොබර්ට් බර්ටිනිය.ඔහුගේ මරණයෙන් පසුව ව්‍යාපෘතිය අතහැර දමන විට මෙම යානයේ මූලාකෘති 2ක් නිපදවා තිබිණි.VVA-14 යානයේ පලමු පියාසැරිය 1972 සැප්තැම්බර් මස 4 දා සිදුකර තිබේ.
4.Lun-class ekranoplan
ටොන් 286ක් බර,දිගින් මීටර් 73ක් වන මෙම යානය සෝවියට් දේශයේ විශාලතම යානයට(KM) පමණක් දෙවැනි වේ.ඊට තම බරත් ඇතුලුව ටොන් 380 බරක් රැගෙන පියාසර කල හැකිය.මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 550ක් වූ බවයි කියවෙන්නේ.1987-1989 සමයේ නිපදවන්නට ඇතැයි සැලකෙන මෙම යානය 1990 දශකයේදී ද රුසියාව භාවිතා කර ඇතැයි කියවේ.
Lun-class ekranoplan යානය ඇමෙරිකානු බොයින්-747 යානයකට වඩා විශාලය.
Lun-class ekranoplan යානය අතිධ්වනි රොකට්වලින් සන්නද්ධ වූ අතර ඒවා යොදාගෙන සතුරු නෞකා ගිල්වා දැමීමේ හැකියාවද තිබිණි.සෝවියට් දේශය කඩා නොවැටුනා නම් මෙම යානය නේටෝ සංවිධානයට බරපතල තර්ජනයක් වන්නට ඉඩ තිබිණි.නමුත් සෝවියට් දේශයේ බිද වැටීමත් සමග යානයද අතහැර දමන ලදි.යානය සාගරයේ මුදා ගැනීම් කටයුතු සඳහා යොදාගන්නට වෑයමක්ද පසුකාලයේදී තිබූ බව කියවේ.
මගී ප්‍රවාහනයට යොදා ගැනීමට සැලසුම් කල Lun-class ekranoplan හි සංස්කරණයක්(Spasatel)
තවත් ekranoplan සංකල්පයක්
පහත වීඩියෝ පටයේ රුසියානු ekranoplan හි සංස්කරණ කිහිපයක්ම අඩංගුය.
මෙම Lun-class ekranoplan යානය දැන් Kaspiysk නාවික කඳවුරේ අතහැර දමා තිබෙන බව ඉහත වීඩියෝ පටයේ පෙන්වා තිබේ.
Rostislav Alexeev ගේ අවසන් ekranoplan සංකල්පය
ඇමෙරිකානු ඉන්ජිනේරුවෙක් වන Steven Hooker ,කැස්පියන් දැවැන්තයා වූ KM ekranoplan යානය දැකීමෙන් පසු Aerocon නමින් සමාගමක් ආරම්භ කලේ විශාල ekranoplan යානයක් නිපදවීමටයි.ඔහුගේ අදහස වූයේ බොයින් 747 යානා දොලහක් තරම් විශාල ekranoplan යානයකි.(1984)
මෙයත් සංකල්පයකට පමණක් සීමාවූ ඇමෙරිකානු ekranoplan යානයකි.මෙය සැලසුම් කර තිබුණේ ටොන් 1400ක් බර භාණ්ඩ කිලෝමීටර් 18,000ක් දුරකට ප්‍රවාහනය කල හැකිසේය.මෙම යානය නිර්මාණය කලේ නම් එය නූතන නෞකාවකට වඩා දස ගුණයක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව සහිත විය.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ Lun පන්තියේ සෝවියට් Ekranoplan යානයක් කැස්පයික් නාවික හමුදා කඳවුරේ තිබෙන අයුරුය.
1.KM(Kaspian Monster) Ekranoplan - කැස්පියන් මුහුදේ දැවැන්තයා

KM සමාන යානයක් වූ SM-8
ඉන්පසුව KM යානයේ ස්ථානය ලබාගත්තේ Orlenok නම් මධ්‍යම ප්‍රමාණයේ Ekranoplan යානයයි.එය හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තිබේ.
2.A-90 "Orlyonok" ("Eaglet")
ටොන් 140ක් බර මීටර් 58 දිග මෙම Orlyonok යානය පළමු පියාසැරිය 1972 වසරේදී සිදුකරන ලදි.රුසියානුවන් මෙය Ekranoplan Class B ලෙස වර්ගීකරණය කර තිබිණි.Orlyonok යානය 1972දී සිය ප්‍රථම ගුවන් ගමන සිදුකරන ලදි.Orlyonok යානයේ වේගය පැයට සැතපුම් 400ක් විය.ඊට කිලෝමීටර් 1500ක් දුර ගමන් කල හැකිවිය.මෙම යානයට අවශ්‍ය නම් ගොඩබිමට ඉහළින් පවා ගමන් කල හැකිවිය.
Orlenok යානයේ සෙබලුන් 150 සහ යුද ටැංකි දෙකක්ද(නැතිනම් BTR-60 වර්ගයේ හමුදා රථ ).ඊට සාක්ෂි පහත ඡායාරූපයෙන් පෙනේ.
Ekranoplan යානා විස්සක් සෝවියට් දේශය විසින් නිපදවන්නට සැලසුම් කර තිබිණි.ඒ වෙනස්ම ආකාරයේ නාවික හමුදා අංශයක් බෝල්ටික් මුහුදේ පිහිටුවීමටය.එක් Ekranoplan යානයක් 1979දී හමුදාවට ලබාදෙන ලදි.එසේම යානා තුනක් 1990 දශකය වන තෙක් භාවිතා කර තිබේ(1993 දක්වා පමණ ).කිහිපවරක්ම කඩා වැටීම සහ අනතුරුවලට භාජනය වීම නිසා යානා සංවර්ධනය කිරීමෙන් සෝවියට් දේශය ඉවත්ව තිබේ.
සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව Orlyonok යානා නිපදවූ සමාගම ,දැන් වොල්ගා ෂිප්යාර්ඩ් සමාගම හමුදාමය නොවන කටයුතු උදෙසා Orlyonok යානයක් සංවර්ධනය කරමින් සිටියි.
3. Bartini Beriev VVA-14
මෙය අනෙක් ekranoplan යානා සමග සසඳද්දී වඩාත්ම අද්භූත හැඩය ගත් යානයයි.මෙම යානය නිපදවීම භාරව සිටියේ ඉතාලි ජාතික රොබර්ට් බර්ටිනිය.ඔහුගේ මරණයෙන් පසුව ව්‍යාපෘතිය අතහැර දමන විට මෙම යානයේ මූලාකෘති 2ක් නිපදවා තිබිණි.VVA-14 යානයේ පලමු පියාසැරිය 1972 සැප්තැම්බර් මස 4 දා සිදුකර තිබේ.
VVA-14 ekranoplan යානය නිර්මාණය වන්නේ මෙම ගුවන් යානයේ හැඩයටය.
VVA-14 ekranoplan
4.Lun-class ekranoplan
ටොන් 286ක් බර,දිගින් මීටර් 73ක් වන මෙම යානය සෝවියට් දේශයේ විශාලතම යානයට(KM) පමණක් දෙවැනි වේ.ඊට තම බරත් ඇතුලුව ටොන් 380 බරක් රැගෙන පියාසර කල හැකිය.මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 550ක් වූ බවයි කියවෙන්නේ.1987-1989 සමයේ නිපදවන්නට ඇතැයි සැලකෙන මෙම යානය 1990 දශකයේදී ද රුසියාව භාවිතා කර ඇතැයි කියවේ.
Lun-class ekranoplan යානය ඇමෙරිකානු බොයින්-747 යානයකට වඩා විශාලය.
Lun-class ekranoplan යානය අතිධ්වනි රොකට්වලින් සන්නද්ධ වූ අතර ඒවා යොදාගෙන සතුරු නෞකා ගිල්වා දැමීමේ හැකියාවද තිබිණි.සෝවියට් දේශය කඩා නොවැටුනා නම් මෙම යානය නේටෝ සංවිධානයට බරපතල තර්ජනයක් වන්නට ඉඩ තිබිණි.නමුත් සෝවියට් දේශයේ බිද වැටීමත් සමග යානයද අතහැර දමන ලදි.යානය සාගරයේ මුදා ගැනීම් කටයුතු සඳහා යොදාගන්නට වෑයමක්ද පසුකාලයේදී තිබූ බව කියවේ.
මගී ප්‍රවාහනයට යොදා ගැනීමට සැලසුම් කල Lun-class ekranoplan හි සංස්කරණයක්(Spasatel)
තවත් ekranoplan සංකල්පයක්
පහත වීඩියෝ පටයේ රුසියානු ekranoplan හි සංස්කරණ කිහිපයක්ම අඩංගුය.
මෙම Lun-class ekranoplan යානය දැන් Kaspiysk නාවික කඳවුරේ අතහැර දමා තිබෙන බව ඉහත වීඩියෝ පටයේ පෙන්වා තිබේ.
Rostislav Alexeev ගේ අවසන් ekranoplan සංකල්පය
ඇමෙරිකානු Ekranoplan සංකල්ප කිහිපයක්
ඇමෙරිකානු ඉන්ජිනේරුවෙක් වන Steven Hooker ,කැස්පියන් දැවැන්තයා වූ KM ekranoplan යානය දැකීමෙන් පසු Aerocon නමින් සමාගමක් ආරම්භ කලේ විශාල ekranoplan යානයක් නිපදවීමටයි.ඔහුගේ අදහස වූයේ බොයින් 747 යානා දොලහක් තරම් විශාල ekranoplan යානයකි.(1984)
Atlantis - 1
Boeing Ultra Pelican

Last edited: