දියලුමෙන් වැටුණ ආදරවන්තයන්ගේ ප්‍රේම කතා&

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    දියලුමෙන් වැටුණ ආදරවන්තයන්ගේ ප්‍රේම කතා&

    මටනම් මේ කතාව කොහොම උනත් සැබෑ ආදර කතාවක් මොකද අද එකට මැරෙන්න හරි ඉන්නේ එන්නේ කියෙන් කී දෙනාද! පව් අම්මා තාත්තත් එත් දෙමව්පියෝ දැනගන්න තිබුනා ඔය සම්බන්ද දිගටම තියෙන්නේ නෑ කියලා ඒක ඉතින් මගේ අදහස


    උදයංගිගේ දෑස යොමුවී තිබුණේ ඉමක් කොණක් නොමැතිව ගලා යන දියලුමේ මහා දියකඳ දෙසටය. මහා කල්පනාවක නිමග්න වූ ඇය ඇය දිගු නිහැඩියාවකට මුල පුරමින් සිටියාය. යෝගරාජ් ඇසිපිය නොසලා ඇය දෙස බලා සිටියේය. වෙනදා මෙන් බලාපොරොත්තුවලින් ඇගේ දෙනෙත පිරී තිබුණේ නැත. වහින්නට ළං වූ අහස් කුසක් මෙන් ඇගේ මුහුණ අඳුරු වී තිබිණි.<

    මම හැමදාම ඔයාට ආදරෙයි.

    උදයංගී වහා ඉදිරිපත් වී යෝගරාජ්ගේ වදනට තිත තැබුවාය. "දැන් පරණ දේවල් කතා නොකර ඉමු, අපි තීරණයක් අරගෙනනේ ආවේ..." උදයංගී ස්ථිරසාර හඬකින්, සෘජු බැල්මකින් යෝගරාජ් දෙස බැලුවාය. යෝගරාජ්ගේ දෑත ඇගේ දෑතේ උණසුම අසල නතර විය. කිසිදා වෙන් නොවන්නට මෙන් එම දෑත් තරයේ එකිනෙක පැටලෙන්නට විය.

    යෝගරාජ්ගේ උණසුමින් තම අත මුදාගත් උදයංගි බෑගය තුළට අත දමා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇඟේ සිහින් ඇඟිලි තුඩු කලබලයෙන් දුරකතනයේ අංක පුවරුව මත දිව ගියේය. "අපි දෙන්නා දියලුම ඇල්ලෙන් පනිනවා" කෙටි පණිවිඩය යැවුවේ උදයංගිගේ මවගේ ජංගම දුරකතනයටය. එතැනින් නොනැවැතුන ඇය අම්මාගේ කට හඬ අවසන් වතාවට ඇසීමට ඇවැසි බව පවසා ඇයට ඇමැතුමක් ලබා ගත්තාය.

    අම්මේ.... මමයි, යෝගරාජුයි ඇල්ලගාව ඉන්නේ, අපි දෙන්නා මේකෙන් පනිනවා, අම්මලට බුදුසරණයි"

    උදයංගීගේ වදනින් ඇගේ මව කලබලයටත් බියටත් පත්වූවාය. එහෙත් තම දියණියට පිළිවදන් දීමටත් පෙර අනෙක් පසින් ඇමැතුම විසන්ධි කොට තිබිණි. දිගින් දිගටම ඇය උදයංගීව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථව ගියේ ඇය තව තවත් බියපත් කරමිනි, වැඩමහල් දියණිය බාහිර උපාධි පන්තියට රැගෙන වැල්ලවායට ගිය ඇය ආපසු හැරී කලබලයෙන් ගෙදරට ආවාය.

    "අනේ මගේ දුව, දියලුම ගාවට වෙලා ඉන්නවාලු අර කොල්ලත් එක්ක. දෙන්නම පනිනවා කිව්වා. අනේ අපි ඉක්මනට යමු"

    ඇය හඬමින් තම සැමියාට දියණියගේ ඇමැතුම පිළිබඳ පැවැසුවාය. ඔහුට ද කිසිවක් සිතා ගත නොහැකි විය. පාරට වැදී ත්‍රිරෝද රථයක් නතර කර ගත් ඔහු තම බිරියද සමඟ කොස්ලන්ද පොලිසිය කරා පිටත් වූවේය. "ඉක්මනට යමු" කියමින් ඇය ත්‍රිරෝද රථයේ රියැදුරාට හඬමින් පෙරැත්ත කරන්නට වූවාය. ත්‍රිරෝද රථයට වඩා වේගයෙන් ඇගේ සිත දියලුම ඇල්ල වෙතට ගියාය.

    පොලිසිය අසල ත්‍රිරෝද රථය නතර කරන්නටත් පෙර ඇය ත්‍රිරෝද රථයෙන් පැන ගත්තාය. උමතුවූ එකියක මෙන් ඇය පොලිස් ස්ථානය තුළට දිවගියාය. "අනේ බුදු මහත්තයෝ මගේ දුවව බේරලා දෙන්න..." ඇයව සන්සුන් කෙරූ උදයංගිගේ පියා තම දියණිය දියලුම ඇල්ල අසලට වී ඉන් පැනීමට උත්සාහ කරන බව පවසා සිටියේය. "අනේ මහත්තයෝ ෆෝනුත් ඕෆ් කරගෙන, දැනටමත් මොනවා වෙලාද දන්නේ නෑ. අපි යමු' ඔහුද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අයැද සිටියේය.


    තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු කැඳවාගත් ස්ථානාධිපතිවරයා උදයංගිගේ පියාවත් රැගෙන දියලුම ඇල්ල වෙතට යෑමට සූදානම් විය. ස්ථානාධිපතිවරයාගේ මතකයට වහාම ආවේ දියලුම ඇල්ල අසල පන්සලේ වැඩ වෙසෙන පොඩි හාමුදුරුවන්වය. උන්වහන්සේ ඇමැතූ ස්ථානාධිපතිවරයා ඇල්ල අසල එවැනි තොරතුරක් නොලැබුණු නිසාවෙන්, ඔවුන් සියලු දෙනාගේම සිත්වලට මඳ අස්වැසිල්ලක් ලැබිණි.

    "අර ගෑනු ළමයයි පිරිමි ළමයයි ඇල්ල ගාවටම වෙලා ඉන්නවා. එයාලා හිටගෙන ඉන්නේ අයිනටම වෙලා. ඉක්මනට ආවොත් බේරගන්න පුළුවන්." ඒ පණිවිඩය ලැබුණේ ස්ථානාධිපතිවරයාගේ හිතවතකුගෙනි.


    ඔවුහු ඉක්මන් අඩි තබමින් ඇල්ල අසලට ළඟා වන්නට වූහ. ඇල්ල කඩා හැලෙන ස්ථානය අසල ඇති පූනීලයක හැඩැති කොටසක උදයංගිත්, යෝගරාජුත් රැඳී සිටියහ. එම බිම් තීරුවෙන් පහළට පෙනුණේ අඩි 600ක පමණ ප්‍රපාතයයි. උදයංගිත්, යෝගරාජුත් රැඳී සිටින්නේ මරුකටක බවට පොලිස් නිලධාරීන්ට වැටහී ගියහ. කලබල නොවී ඉතා සන්සුන්ව ක්‍රියා කළයුතු බව ඔවුහු කතිකාකර ගත්හ.


    "ඔයාලා කලබල වෙලා ළමයින්ට කෑගහන්න බනින්න හදන්න එපා. එහෙම වුණොත් ළමයි බය වෙන්න පුළුවන්"

    ස්ථානාධිපතිවරයා උදයංගිගේ පියාට තරයේ අවවාද කළේය. හිස සලා එය පිළිගත් ඔහු පොලිස් නිලධාරීන් සමඟ ඉදිරියට ඇදුණේය.

    උදයංගිත්, යෝගරාජාත් ඉමක් නොපෙනෙන දියලුම ඇල්ලේ පහළට කඩා හැලෙන දියකඳ දෙස බලා සිටියහ. දෑත් තරයේ එකිනෙක පැටලී තිබිණි. එහෙත් වෙනදා මෙන් ආදර වදන් ඔවුනතර හුවමාරු වූවේ නැත. ඒ වෙනුවට උදයංගි සිහින් හ¾ඩින් ඉකිලන්නට වූවාය. "අනේ අඬන්න එපා මේ කරදර සේරම ඉවරයිනේ. අපිට ඊළඟ ආත්මේදී මේ වගේම එකතු වෙන්න පුළුවන්" යෝගරාජ් උදයංගිගේ දෑසින් වැටෙන කඳුළු පිසදැමුවේය. උණසුම වෙනුවට අවට සුළඟ හා එක්වූ කඳුළු බිංදු සීතල වී තිබිණි.




    "ඔයා මට ආදරෙයි නේද?" උදයංගි ඇසුවේ කඳුළු පිරි දෙනෙතිනි. උත්තර දෙනවා වෙනුවට යෝගරාජ් උදයංගිගේ නළලත සිප ගත්තේය. වේලාව දහවල් දෙකහමාර පසු වෙමින් තිබිණි. වෙනදා තරම් දොඩමලු වන්නට කාරණා ඔවුනට තිබුණේ නැත.

    දෙදෙනා හැඬ­ කඳුළු දියලුම දිය කඳට මසුවිය. කිසිවක් නොදන්නා දියලුම ඒ කඳුළත් රැගෙන පහළට ගලා බැස්සේ නිසොල්මනේය. ඔවුන් දෙදෙනාට විරුද්ධ පසින් සිටි පිරිස් අත පය වනමින්, කෑ ගසමින් දෙදෙනාට එතැනින් ඉවත් වන්නැයි කියා සිටියෝය. එහෙත් ඔවුන්ගේ හඬ රළ බිඳෙන හඬ හා එක්වී නැසී ගියහ. ඒ කිසිවක් නොතැකූ උදයංගිත්, යෝගරාජුත් දැහැනකට සමවැදී උන්හ.



    "දුවේ උදයංගි" එකවිටම ඔවුන් සිටි ස්ථානයට පිටුපසින් ඇසුණු ඒ හඬත් සමඟ උදයංගිගේත් යෝගරාජගේත් දැහැන බිඳී ගියහ. ඒ හඬ තමාගේ පියාගේ බව හඳුනා ගන්නට ඇය සමත් වූවාය. යෝගරාජා තිගැස්සී අඩි පහක් පමණ දුරින් සිටින ඔවුන් දෙස බැලුවේය. නිල ඇඳුම් සමඟ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද ඒ අතර සිටින බව දුටු උදයංගි කලබලයටත් බියටත් පත්වූවාය.


    බියට පත් මුවැත්තියක සේ ඇය තම පෙම්වතා දෙස බැලුවාය. ඔහුගේ දෙනෙතේ ද රැඳී තිබුණේ දැඩි අසරණ බවකි.

    කලබලයට පත් වූ උදයංගි ඉන්නා තැනින් ඉදිරියට යෑමට පය තැබුවාය. සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. පය ලිස්සූ ඇය ඉදිරියට ඇද වැටුණේ සියලු දෙනා බලා සිටියදීය. "උදයංගි" යැයි කෑ ගැසූ යෝගරාජ් දැඩිව ඇගේ දෑත ග්‍රහණය කර ගත්තේය. එහෙත් ඔහුගේ අත්වාරුව ඇයට ජීවිතය දීමට ප්‍රමාණවත් වූවේ නැත. යෝගරාජවද ඇය සමඟ ලිස්සා පහළට ඇදිණි. දෙදෙනා එකිනෙකා තරයේ අල්ලා ගත්හ. මහා දියකඳක් සමඟ දෙදෙනා ඇල්ලෙන් පහළටම ලිස්සා වැටුණි.


    "අනේ මගේ දුවේ" උදයංගිගේ පියා විලාප නඟන්නට වූයේය. එහෙත් ඒ විලාපය කිසිවකුට ඇසුණේ නැත. දියකඳේ ඝෝෂාව සමඟ ඒ විලාපය කැඩී ගියේය. පොලිස් නිලධාරීන් සහ සියලු දෙනා බලා සිටියදී පෙම්වතුන් එකිනෙකාගේ තුරුලේ වේළීගෙන මහා දිය කඳ මැද සැඟවී ගියහ.


    කොස්ලන්දේ විසූ 16 හැවිරිදි උදයංගි හා 19 හැවිරිදි යෝගරාජ්ගේ පෙම් පුරාවත එසේ නිමාවිය.

    "අනේ මගේ දුව මගේ තුන්වැනි දරුවා. මීට ටික කාලකට කලින් ආරංචි වුණා දෙමළ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඉගෙනීමේ වැඩත් අතපසු කරගෙන ඒ ළමයා එක්ක එහේ මෙහේ ගිය නිසා අපි දුවට පොඩ්ඩක් තරවටු කළා. ඊට පස්සේ මගේ දුව නිදි පෙති බීලා රෝහලේ සිටියා. අපි ඊට පස්සේ දුවට තරවටු කළේ නැහැ බය නිසාම. මේ දෙන්නා අවුරුදු දෙක තුනක ඉඳන් යාළු වෙලා ඉඳලා.

    "පිරිමි ළමයාට රස්සාවකුත් නෑ. ඉගෙන ගෙනත් නෑ. දෙමළ නිසා අපි දිගටම මේක නතර කරන්න කිව්වට දුව ඇහුවෙම නෑ. පිරිමි ළමයා ලස්සන නිසා තමයි දුව රැවටෙන්න ඇත්තේ. මගේ දරුවා මස් මාළුවත් කන්නේ නෑ. බුදු පහන තියලා, තුන්සූත්‍රය කියලා තමා පාඩම් කළේ. හොඳට ඉගෙන ගත්තා. ඉගෙනීම කඩාකප්පල් කරගනියි කියලා අපි බය වුණා. දරුවන්ට උගන්නන්න තමයි අපි වෙලන්පිට ඉඳලා මේ ගමට ආවෙත්. 19 උදේ පන්ති යනවා කියලයි දුව ගියේ. ඒ ගිහින් තමයි ඔයදේ කරගත්තෙ." දස මසක් කුසෙහි තබා බිහිකළ දියණිය වියෝවූ ශෝකයෙන් උදයංගිගේ මව වැලපුණාය.


    "මගේ මල්ලි දුප්පත් නිසයි, අපි දෙමළ නිසයි ඒ ගෑනු ළමයාගේ කට්ටිය විරුද්ධ වෙලා තියෙනවා. මගේ මල්ලිට ඉන්නේ මමයි, ආච්චි අම්මයි විතරයි. 19 සවස තමා මට කෝල් එක ආවේ මල්ලි ඇක්සිඩන්ට් වෙලා කියලා. මම හිතුවෙ නෑ මගේ මල්ලි මේ වගේ දෙයක් කරගනියි කියලා. අම්මා, අප්පා දෙන්නම නැති මගේ අහිංසකයා. අවුරුදු 1 1/2 ඉඳන් මල්ලිව හැදුවේ අපේ ආච්චි අම්මා. අපි දුප්පත් තමයි. ඒත් මගේ මල්ලි හරිම අහිංසකයි.

    මල්ලිගේ යාළුවෙක් තමයි මට කිව්වේ මල්ලිට ගෑනු ළමයෙක් ඉන්නවා කියලා. අපි එයාගේ දේවල්වලට කරදර කළේ නැහැ. අවුරුද්දට ගෙදර ඇවිත් හරිම සතුටින් ඉඳලයි ගියේ. ආච්චි අම්මට වාව ගන්න බෑ මේ දුක" යෝගරාජ්ගේ එකම සොහොයුරා වේදනාබරව පැවැසුවේය. දියලුමටත් වඩා කඳුළු ඔවුන්ගේ දෙනෙත්වලින් කඩා වැටුණි. "සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු" යෝගරාජ් උදයංගිට ලබාදුන් අවසන් ලිපියේ එසේ සටහන් වී තිබිණි.


    සැරයටියෙන් යනෙන තෙක් දිවි මඟ එකට ගෙවන්නට ඔවුනගේ දෛවය ඉඩ ලබා දුන්නේ නැත. ආගම්, ජාති භේද, ඇති - නැති පරතරය ඊට එරෙහිව නැඟී සිටියහ. දෙදෙනාගේ සීතල සිරුරු දියලුම ඇල්ලේ පහළ ප්‍රදේශයෙන් සොයා ගැනිණි. එදා පෙම්බස් දෙඩූ වුන් අද නිහඬව ඇත. දියලුම ද නිහඬය. කිසිත් නොදැන එය පුරුදු ලීලාවෙන්ම කඳු මුදුනේ සිට කඩා හැලෙයි.

    Source: hiru Gossip
     
    Last edited:

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    gon athal

    meka liyala thiyenne hariyata meka liyapu eka un denna laga hitya wage.

    paw demawpiyo habai me wage kathandara gothana ekanam patta chater(on the lovers side).
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගොබ්බ හැත්ත
    ඕකුන්ට තිබ්බේ නැද්ද කොහේ හරි ඈත පළාතකට ගිහින් හේනක් හරි කොටාගෙන ඉන්ඩ
    නැත්තම් කැලේකට හරි ගිහින් ඉන්ඩ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    අනේ මන්දා ඉපදුන දා ඉදලා අම්මලා තාත්තලා මුන්ව හදන්න විදින දුක දන්නවනම් මුන් කවදාවත් ඔය වගේ ගොන් වැඩ කරන්නේ නැහැ.මුන් වගේ උන් ආයේ ඉපදුනත් වෙන්නේ ඕකමයි..කරුමෙට තමයි මේ වගේ උන් දෙමව්පියන්ට ලැබෙන්නේ..
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid


    සැරයටියෙන් යනෙන තෙක් දිවි මඟ එකට ගෙවන්නට ඔවුනගේ දෛවය ඉඩ ලබා දුන්නේ නැත. ආගම්, ජාති භේද, ඇති - නැති පරතරය ඊට එරෙහිව නැඟී සිටියහ. දෙදෙනාගේ සීතල සිරුරු දියලුම ඇල්ලේ පහළ ප්‍රදේශයෙන් සොයා ගැනිණි. එදා පෙම්බස් දෙඩූ වුන් අද නිහඬව ඇත. දියලුම ද නිහඬය. කිසිත් නොදැන එය පුරුදු ලීලාවෙන්ම කඳු මුදුනේ සිට කඩා හැලෙයි.


    ඔය කොල්ල ටිකක් හරි ඉගෙනගෙන තිබුන නම්...
    ඔය කෙල්ලට මොලේ කළදක් හරි තිබ්බ නම් ...
    අපිට මෙහෙම කතාවක් අහන්න නොලැබෙන්න තිබුන.....

    කෙල්ලගේ දෙමව්පියන්ගේ වැරද්දක් මම දකින්නේ නෑ .. කොයි අම්ම තාත්තත් කැමති තමන්ගේ දුව අනාගතේ සතුටින් ඉන්නවා දකින්න.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........
    :yes::yes::yes::yes:
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........

    :yes::yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් ඔය කතාව කියවන්න්ව් නෑ, ඔක කියෙව්වොත් මට අවුල් යනව. :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇති නැති ජාතිවාදී මගුලක් නෙවේ..
    ඉගෙන ගෙනත් නැති රස්තියාදු ගගහ කලිසම අස්සෙ තියන එකට විතරක් වහල් වෙච්ච එකෙක්ට අවුරුදු පහලවක් විස්සක් දහදුක් විදල හදපු ලමයව දෙන්න මොන දෙමාපියන්ද කැමති ?
    කාට උනත් පොදුයි ඕක..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස ගානක් දන්න එකෙක් වෙනුවෙන් අමතක කරන්න පුලුවන් නම් ........

    ඔව් බන්..
    හින්දි දෙමල ෆිල්ම් වල තනිකර තියෙන්නෙ ඔය වගේ ගොන් ආතල් නෙ..