මචන් මම උඔත් එක්ක තර්ක කරන්නෙ නැ. කොහොමටවත්. උඔ කියන කතාවෙ ඇත්තකුත් තියෙනවා.. මොකද අද ගොඩක් අය ආයුර්වේද ප්‍රතිකාර කලාට හරි අවබෝධයක් නැ.. ඒ නිසා කරන ගොඩක් වෙදකම් ෆේල් වෙනා. ඒත් ආයුර්වේදයෙ තියෙනව බන් බටහිර වෛද්‍ය විද්‍යාවට හිතාගන්නවත් බැරි ප්‍රතිකාර.. මම හිතන්නෙ මේකත් ඒ වගේ එකක්. දන්න කෙනෙක් ඉන්නවනම් ට්‍රයි කරල බලපන්. උඔටම ප්‍රතිපල බලාගන්න පුලුවන්.
ආයුර්වේදය සමහර තැන්වලදි බටහිර වෛද්‍ය විද්‍යාවට ඉදිරියෙන් ඉන්නවා කියන එක මමත් පිලිගන්නවා .ඒත් දියවැඩියාව හැදෙන විදිය නැත්නම් ව්‍යාධිවේදය අනුව ඒක සුව කරන්න බෑ .
ඔය බෙහෙතෙන් වෙන්නේ රුධිරයේ සිනි මට්ටම අඩු කරන එක.දියවෙඩියාව සුව වෙන්න නම් අග්න්‍යාශයේ සෛල නැවත වැඩෙන්න ඕනේ/ඉන්සියුලින් ප්‍රතිරෝඪ්හකතාව අඩුවෙන්න ඕනේ.එත් ඒ දෙකම කරන්න බෑ
නිට්ටාවට සුව වෙනවා කියන්න්න නම් ඔය බෙහෙත නැවත්තුවට පස්සෙත් සිනි මට්ටම නියතව තියෙන්න ඕනේ .බෙහෙත ගන්නකොට සිනි මට්ටම අඩුවෙන එකෙන් අදහස් වෙන්නේ ඒ බෙහෙතෙන් රුධිරයේ සීනි මට්ටම අඩුවෙනවා කියන එක විතරයි
(හරිනම් නිසි පරිදි දියවඩියාව පාලනය කරන කෙනෙක්ගෙ සිනි මට්ටම සාමාන්‍ය අගයේ තියෙන්න ඕනේ.සිනි මට්ටම වැඩි නම් පාලනය මදි ) බෙහෙත්වලින් සිනි මට්ටම නිසි මට්ටමේ පවත්වාගෙන යන කෙනෙක් ඔය බෙහෙත වැඩිපුර ගතොත් අනවශ්‍ය විදියට සිනී අඩුවෙලා වෙනත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් සෙනාල් කියලා තියෙනවා වගේ
මට ලොකුම ප්‍රශ්නය තිබ්බෙ මේ බෙහෙත අරන් අනිත් බෙහෙත් නවත්වන්න කියන එකේ.ඉන්ග්‍රිසි බෙහෙත් නවත්වලා සින්හල බෙහෙත් විතරක් කරලා සන්කූලතා ඇතිවුන ගොඩක් රෝගින් ඉන්නවා,
other guy කියන් කථාව බොරුම නෙමි.. හැබැයි මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා. දියවැඩියාවට බෙහෙත් ගන්නේ නැතිව කෑමෙන් සහ වයායාම් වලින් විතරක් පාලානය කරගෙන ඉන්න.. සමහරු සතියකට සැරයක් සුදු පාන් පෙති 2ක්, සුදු බත් කනවා... ඉතුරු දවස් ගොඩක් පරිස්සම්.. සුදු සීනි බාවිතය 0...
ඔව් මචන් දියවැඩියාව රෝගි තත්ත්වයේ බරපතලකම අනුව ප්‍රතිකාරය වෙනස් වෙනව. සුලු මට්ටමින් දියවැඩියාව තියෙනවා නම් බෙහෙත් නැතිව පාලනය කරන්න පුලුවන්. ඊට වඩා බරපතල වෙනකොට පෙති සහ ඊලගට ඉන්සියුලින් ප්‍රතිකරය සදහා යොදාගන්නවා.එත් කිසිම වෙලාවක වෛද්‍ය උපදෙස් නැතුව ගමින් ඉන්න බෙහෙත් නවත්වන්න හොද නෑ .
මචන්, ආරොවක් නැ. හිතෙන දෙයක් කියන්නේ.. දියවඩියාවට් මේක බේතක් නම් නෙමෙයි. රුදිරයේ සීනී අඩුකරනවා මේවලින්. බේතක් නෙමෙයි. මේවා අසාමාන්ය ලෙස රැට බීලා නිදාගත්තොත් නින්දෙන්ම මැරෙන්නත් පුලුවන් රුදිරයේ සීනි අඩු වෙලා. අපි දියවැඩියාවට බේත් බිව්වට සීනී අඩු වෙන්නයි කියලා, මිනිස්සු දන්නේ නැ සීනී අඩු උනාම වෙන දේ.



