දියවැඩියාව කියලා කරවිල විතරක්ම කන්න ඕන න&#3537

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    දියවැඩියාව කියලා කරවිල විතරක්ම කන්න ඕන න&#3537

    දියවැඩියාව කියල කරවිල විතරක්ම කන්න ඕන නෑ

    1. ඩාක් චොකලට්

    Diabetes-01.jpg


    යටින් දැනෙන පොඩි තිත්තක් එක්ක මුළු ඇඟම පිනවන ගතියක් ඩාක් චොක්ලට්වල තියෙනව. ඉන්සියුලින් තත්ත්වයත් ගොඩ දාගෙන ලේවල තියෙන ග්ලූකෝස් ටිකටත් ගේම දෙනව. ඒ වගේම ඩාක් චොකලට් ආහාරයට ගත් දිනක් ඇතුළත ගන්නා අනෙකුත් ආහාරවල සීනි සහ මේද තත්ත්වයන් පාලනයටත් එයට හැකියාව තියෙනවා. මේක දියවැඩියාවට පමණක් නොව හදිසි හෘදයාබාධ, රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමටත් උදවු දෙන්නක්.


    2. බතල

    Diabetes-02.jpg


    බතල කියන්නෙ ලාංකිකයො උදෑසනකට අනිවා කන ආහාරයක්. ඒක ඉතා සතුටෙන් කන ආහාරයක්. බතල තම්බල, පොල් ටිකක් එක්ක ලුණු මිරිසකට අනාගෙන කන්න තියෙනවනං ඉතිං තව මොනවද? මෙන්න මේකත් දියවැඩියාව තියෙන අයට හොඳ පුවතක්. එමගින් ලේවල ඇති ග්ලූකෝස් පාලනයක් සිදු කරන අතර වෙනත් රෝග පාලනයට ඇති ප්‍රතිශක්තීකරණ හැකියාවන්ද වැඩි කරනවා.


    3. කොල ඇපල්

    Diabetes-03.jpg


    දවසකට ඇපල් ගෙඩියක් ගානෙ සති හතරක් ආහාරයට ගත්තොත් කොලෙස්ටරෝල් ප්‍රතිශතය සියයට 40ක්නි අඩු කරන බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම එයින් නොනැවතී එය දියවැඩියාවටත් හොඳ බෙහෙතක් වනු නොඅනුමානයි. දෙවැනි ඛාන්ඩයේ දියවැඩියාව පාලනයට 25%ට ආසන්න හැකියාවක් එක් සතියකට ඇපල් ගෙඩි පහක් ආහාරයට ගැනීම සෑහෙන බව පැවසෙයි. ඒ වගේම ඇපල්වල ඇති තන්තුද සිරුරට වඩා හොඳින් ක්‍රියා කරනු ඇති.


    4. කොමඩු

    Diabetes-04.jpg


    අපිට පුරුදු පැණි කොමඩු කියන නමේම පැණි කියල තියෙන නිසා බය හිතුනට පැණි කොමඩු කියන්නෙ දියවැඩියාවට ප්‍රතිශක්තියක් ගෙනෙන බය නැතුව කන්න පුළුවන් ආහාරයක්. ඒ නැතත් ලංකාවෙත් දැනට ටිකක් තියෙන කොමඩු වර්ග බොහෝමයක් තියෙනව. ඒවයින් පැණි කොමඩු වැඩ කරන්නෙ තක්කාලි විදියටමයි. තෙල් කොලෙස්ටරෝල් කප්පාදු කරනව වගේම දියවැඩියාව තියෙන අයට බය නැතුව කන්න කියලත් කට්ටිය කියනවා.



    5. තක්කාලි

    Diabetes-05.jpg


    පිළිකාවන්ට නියමම ප්‍රතිකාරයක් වෙච්ච තක්කාලි දියවැඩියාව තියෙන රෝගීන්ටත් ගුණ දායකයි. “Eat to Beat Diabetes” කියලයි තක්කාලි ගැන කතාවට නං කියන්නෙ. උයලා වගේම ජූස් හදලත් මේ වැඩේ ගොඩදාගන්න පුළුවන්. කොහොමවුනත් තක්කාලි දාලා හදන්න ජාති ගොඩක් තියෙන නිසා මේ වැඩේ නං ලේසියි.


    6. අලිගැටපේර

    Diabetes-06.jpg


    විශේෂෙ තමයි අලිගැටපේරවල තියෙන විශේෂ පෝෂ්‍ය පදාර්ථයක් හෘදය අර්බුද සහ දියවැඩියාව එන්න තියෙන ප්‍රධානම සාධකයක් මගහරවන එක. බොනවනං බොන්න, කනවනං කන්න, කිරි ටිකක් දාලා කරකවල ගත්තම මරු. දැන් කාලෙ තියෙන පොෂ් ලෙඩ හැම එකටම හොඳයි. සැලඩ්, සැන්ඩ්විච්, ජූස් හෝ නිකංම කන්නත් පුළුවන්. මේක කද්දි දෙහි ටිකක්, සුදු ළූනු, ඔලිවු තෙල් ටිකක් දාගෙන කන එක ඇඟටනං සුපිරි.


    7. මාළු

    Diabetes-07.jpg


    සතියකට දෙපාරක්වත් කනවනං ඉතිං ගොඩ. ප්‍රෝටීන් හොඳට තියෙන නිසා ඇඟටත් හොඳයි. එක එක ක්‍රමවලට කන්න පුළුවන්. තම්බලා, සැන්ඩ්විච්, බැදුමක්, කිරට, මිරිසට, ස්ටූ, ඇඹුල්තියල් ඕන විදියකට ගොඩදාගත්තොත් අනිවා සුපිරි තමයි. පළමු ඛාන්ඩයේ දියවැඩියා තත්ත්ව ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛලවලට එරෙහිව සටන් කරනවා. මාළුවලින් දියවැඩියා ටයිප් 1 එකට බාධා එල්ල කරනවා.


    *මේ දේ ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න*

    උපුටා ගැනීමකී.....

    Aniwa.lk
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    nikam kiwwata hari yanne ne, sakshi ekkama daapan, ape diyawediyawa thiyana seeyata oowa kawala, unde merunoth ape nendala mata wiruddawa polici yay.