දියසරු උයන | Diyasaru Park | 2026 August

PASAN147

Well-known member
  • Oct 19, 2006
    789
    1,362
    93
    Heiyanthuduwa - Kelaniya
    කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්‍ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන් පෙම්වතියන් මේ ස්ථාන වලට එනවා. ඉතින් කලින් කිව්ව ඒවායින් මම දියසරු උයනට ගිහින් තිබ්බෙ නෑ. අනිත් ඒවා නම් කීප වරක්ම ගිහින් තිබ්බා. මේ පේජ් එකෙන් ඒවා ගැන පෝස්ටු පවා දාලා තියනවා. ඉතින් පහුගිය දවසක මම මේ දියසරු උයන පැත්තේ ගියා. මේ උයන තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින්ම තියන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාරේ. ගූගල් මැප් එකෙන් හොයා ගන්න ලේසියි. අක්කර 60 ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම උද්‍යානය 2017 වසරේ විවෘත කරලා තියෙන්නෙ. නිමැයුම් කරුවා වන්නේ ඉංජිනේරු එන්. එස්. විජේරත්න මහතා. ඇතුල්වීම සඳහා රුපියල් 100ක මුදලක ටිකට් එකක් ගන්න ඕනා. වාහන නැවතීමට විශාල රථ ගාලක් තියනවා. උද්‍යානයේ බලන්න තියන දේවල් ගැන පුවරු තැනින් තැන තියනවා. මෙහි යන විට සමණල උයන, විශාල උන පඳුරු, වැටකෙයියා පඳුරු, හඳුන් දිවියන්, මත්ස්‍ය විශේෂ, කුරුල්ලන්, කිඹුලන්.. ආදී බොහෝ දේවල් බලා ගන්න පුලුවන්.ඇල මාර්ගයේ යන්න බෝට්ටු සේවයක් තියනවා. වාඩි වෙලා ගත කරන්න බංකු තැනින් තැන තියනවා....
    .
    * විනාඩි 10 ක වීඩියෝව බලන්න :


    .
    * Solo Travels 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>
     
    • Like
    Reactions: dillido and kinkon