දිරිමත් තරුණයෙකු
දිරිමත් තරුණයෙකුගෙන් උදාර ආයාචනයක්
බුද්ධ රූප දේව රූප මුද්‍රණයේ දී සිදුවන හානිය හා අපහාස වැළැක්වීමට නීති පනවන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට අස්සන් ගැනීම සඳහා වසර තුනක කාලයක් රට පුරා ගම් නියම්ගම් සිසාරා පයින් ඇවිදයන අපූරු තරුණයකු පසුගියදා මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දී අපට හමුවිය. මීටර් 10ක් පමණ දිග පෙත්සම මොහු අතුරුගිරිය පදිංචි යූ. ජී. සුගත් අයෙකි. තරුණවියේ පසුවන මොහු දැනට ලබාගෙන ඇති ජනතා අස්සන් කුඩා කරත්තයක දමාගෙන කරත්තයද තල්ලු කැරගෙන ගමන් කරමින් සිටී. මේ පිළිබඳව අදහස් දැක්වූ මොහු මෙසේ කීය. මෙම කටයුත්ත 2011 -අප්‍රේල් මස පස්වන දින ආරම්භකැර 2014-අප්‍රේල් 05 දිනට වසර තුනක් වෙනවා. රටේ සෑම දෙයක්මඅතහැර අඩුම තරමින් අම්මාවත් බලන්න ගෙදර නොගිහින් රාට් සෑම තැනම ඇවිදලා මෙම අත්දැකීම් සහිත සිතුවිල්ල ජනතාවට පහදා දී අස්සන් ලබා ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි. දැනට මා ළඟ අස්සන් ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. දිවයිනේ පිහිටි සෑම විහාරස්ථානයකටම යනවා. අවසානයේ මෙම අස්සන් සහිත පෙත්සම අස්ගිරිය මහනායක හිමියන්ට භාර දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවා මගේ අරමුණ ඉටුකර ගැනීමයි අවසාන බලාපොරොත්තුව.
මොහු හෝටලයක කොත්තු ගැසීමේ අයකු ලෙස සේවය කරමින් සිටියදී පත්තර කැබැලිවල ආහාර හා මස් මාළු පවා ඔතද්දී අතපිස දැමීම සිදුකරද්දී බුදුන්ගේ මෙන්ම දෙවිවරුන්ගේ පින්තූර වලට ඉන් සිදුවන අපරාධය දැක පසුව හඳුන්කූරු පෙට්ටි වෙසක් කාඩ්වලට සිදුවන දේ දැක මෙවැනි දෙයක් කිරීමට පෙළඹී ඇත. යන ගමනේ දී ලැබෙන සුළු මුදලකින් ආහාර පමණක් ලබාගෙන ක්‍රියා කළ බව කීය. “ මට අපේ ගමේ අය කතා කරන්නේ “කොත්තුවා” කියලා. මම කොත්තු කඩේ වැඩකරනකොට තමයි දැක්කේ බුදු රූප, දේව රූප සහිත පත්තර වලින් ආහාර අසුරනවා. අත පිස දමනවා. අතු ගාලා දානවා. හොයල බැලුවම රට පුරාම මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මකයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දේව රූප, බුදු රූප මුද්‍රණයේ දී නීති පනවන්න කියලයි.

මම අද මේ dial එක දැක්කනේ බං ගලිගමුවේදී කොළඹ පැත්තට යනවා. එවලේ එච්චර ගානක් ගියේ නෑ.