දිරියෙන් ජයගත් ගැමියෙක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දිරියෙන් ජයගත් ගැමියෙක්

    මේක සමහර අයට සුරංගනා කතා කියලා හිතෙයි
    තවත් අයට තව තව දේවල් හිතෙයි
    ඒ හැම එකම මෙතන දාලා පල


    ස්ථානය - ලංකාවේ ප්‍රධාන වාහන අපනයන කරන මධ්‍යස්ථානයක්
    දිනය - මීට බොහෝ කලට පෙර

    සැලකිය යුතුයි - භාවිතයේ පහසුව පිණිස වාහන අපනයන මධ්‍යස්ථානය එලකිරි සේල් යනුවෙන් හැදින්වේ :shocked:



    එලකිරි සේල් එකේ ගේ‍ට්ටුවෙන් මැදිවයස පසු කරමින් තිබු අයෙක් එබී බැලුවේය
    බුලත් විටක රස බලමින් සිටි ඔහු සරමක් හා කමිසයකින් සැරසී කරෙහි මල්ලක් ලාගත් නමුදු දෙපය නිරුවත් වී තිබුනි
    ආයතනයේ සේවයකයින්ගේ නොරිස්සුම් බැල්මවල් ගනන් නොගත් ඔහු එහි නවතා තිබු ලොරි නෙත ගොස් එකින් එක අත ගගා බලන්න පටන් ගත්තේය.

    "අන්කල් මේ ලොරි බැලුවට කමන් නෑ අතගාන්න එපා අතේ තියන කුණු ගෑවුනහම අපිට තමයි පිහ දාන්න වෙන්නේ"
    "අනේ අන්කල් විට කාලා හැමතැනම කෙල ගහන්න එපා"



    "එහෙනම් මහත්තයෝ මං මේ කාණුවට කෙල ගහන්නද"


    ආයත‍නයේ සුලු සේවයකයින්ගේ දෝෂාරෝපණ හමුවේ ඔහු එහි තිබූ හැම වාහනයකම අසිරි විදමින් ටික වේලාවක් ගත විය.

    "මහත්තයෝ මේ ආයතනයේ ලොකු මහත්තයා ඉන්නවද"

    "ඇයි අන්කල් මොකක්ද කාරණාව"

    "නෑ මට ඒ මහත්තයා හම්බ වෙන්න ඕනි වැදගත් යමක් අහගන්න"

    "විශේෂ දෙයකට විතරයි ලොකු මහත්තයා හම්බ වෙන්න පුලුවන්
    පොඩි පොඩි ඕඩර් මෙතනින් තමා කරන්නේ "

    "නෑ නෑ මට මහත්තයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි"

    "ඇයි අන්කල් ආධාර ඉල්ලන්නද
    ඒ හෙනම් කරුණාකරලා යන්න
    ඒ වගේ අය ඇතුල්ට ගන්නවත් එපා කියලා තියෙන්නේ"


    කේසේ නමුදු ඔහුගේ බලවත් පෙරැත්ත මත ආයතන ප්‍රධානියා සිටින කාමරයට ඔහුව රැගෙන යන ලදී

    "ඔව් මහත්තයා කියන්න මගෙන් මොනවද කරන්න ඕනි"

    "මහත්තයෝ අර පහල කොනේ තියන වර්ගයේ ලොරියක් කීයක් වෙනවද"

    "ඒක ලක්ෂ xxxක් විතර වෙනවා"

    "මහත්තයෝ ඒ ලොරි 25ක් අත්පිට මුදලට ගත්තොත් කොහොමද මහත්තයෝ ගාන"


    ආයතන ප්‍රධානියාගේ ඇස් උඩ යැවිනි
    බුලත් විට හප හප
    සරමක් කමිසයක් ඇදගෙන
    සෙරෙප්පුවක් නොදා සිටින මේ මිනිසා
    ලොරි විස්සක් අත්පිට මුදලට ගැනීමට අසයි

    අවසන ආයතන ප්‍රධානියා විශේෂ වට්ටමක් ලබාදී
    මුලු ගණන කිවූ සැනින්
    තමා රැගෙන පන්මල්ලේ තිබූ ලක්ෂxx මුදලක් සහ
    චෙක්පොතින් ලක්ෂ xx මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදුනි

    චෙක්පොතෙහි අත්සන ආයතන ප්‍රධානියාට දැකපුරුදු එකකි

    බුලත් විට හැපූ වයස තැනැත්තා වූ කලී
    ලංකාවේ තේ කර්මාන්ත ශාලා කිහිපයක් හිමි
    තේවතු විශාල ප්‍රමාණයක් හිමි ධනවතෙකි
    නමුත් ගැමියෙකු වූ ඔහු කිසිවිටක තමාගේ සරල බව සංකීර්ණ කර ගැනීමට කැමති නොවීය
    මොහු පැමිණ සිටියේ තමන්ගේ කර්මාන්ත ශාලාවට ලොරි රථ ගැනීමටයි
    නමුත් මොහු කෝටි ගණනක බිස්නස් එකක් කිරීමට පැමිණ සිටියේද
    තමන්ට හුරුපුරුදු සරම සහ කමිසය ඇදපැලද ගෙනය

    ..............

    ජීවිතයේ අන්ත දිලිදුව ආරම්භ කර
    පසුව මැණික් කර්මාන්තයේ යෙදී එයින් ලැබූ මුදින් මුඩු ඉඩම් අක්කර විස්සක් ගෙන
    ඒහි තේ පැල සිටුවා
    එයින් ලැබෙන ආදායම ඉතුර කරගෙන
    තේ කර්මාන්තශාලාවක් මිලට ගත්තේය


    දිනපතා උදෑසන තේවත්තට යන මොහු කම්කරුවන් සමග හරි හරියට වැඩ කලේය
    උදෑසන ආහාරය ලෙස ‍ලොකු රොටි දෙකක් ලුණුමිරිස් සමග අහරට ගන්න මොහු
    දහවලට කහට කෝප්පයකින් සෑහිමට පත්වී
    හවස් වනතුරුම වැඩ කරයි
    දලු කැඩීම
    වල් නෙලීම
    ආදී දේවල් කරනා මොහු දකින් කම්කරුවෝද ඉතා උනන්දුවෙන් වැඩ කෙරේ

    ....

    මොහුගේ නම ගම විස්තර දැමිය නොහැක
    රත්නපුර ‍ප්‍රදේශයේ මොහු ඉතා ප්‍රසිද්ධ අයෙකි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් අහන්න එපා මේ කතාවෙන් ගත යුත්ත මොකක්ද කියලා
     

    thanujaka

    Well-known member
  • මහ පොළවෙන් සදළු තලයට කියල පොතක් තියෙනව...එක කියවපල්ල....පසු කාලෙක ප්‍රකෝටි පතියො වෙච්ච දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත කතාව තියෙන්නෙ.....ලෙශර් වල්ඩ් අයිතිකාරය...සුනිල් මුතුමාල ගෙ එහෙම ජීවිත කතව තියෙනව....පට්ටයි..........!!!!
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මහ පොළවෙන් සදළු තලයට කියල පොතක් තියෙනව...එක කියවපල්ල....පසු කාලෙක ප්‍රකෝටි පතියො වෙච්ච දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත කතාව තියෙන්නෙ.....ලෙශර් වල්ඩ් අයිතිකාරය...සුනිල් මුතුමාල ගෙ එහෙම ජීවිත කතව තියෙනව....පට්ටයි..........!!!!

    :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මහ පොළවෙන් සදළු තලයට කියල පොතක් තියෙනව...එක කියවපල්ල....පසු කාලෙක ප්‍රකෝටි පතියො වෙච්ච දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත කතාව තියෙන්නෙ.....ලෙශර් වල්ඩ් අයිතිකාරය...සුනිල් මුතුමාල ගෙ එහෙම ජීවිත කතව තියෙනව....පට්ටයි..........!!!!

    pdf nadda book eke
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oya minissu sahena kalayak jeewath wenawa. mesa putu udata wela inne nathuwa wada karana nisama.
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    දෑතේ වීරියෙන් ජයගත් මිනිස්සු කවදාවත් තමන්ගේ අතීතය අමතක කරන්නේ නැ. ඒකය් කවදාවත් ඔවුන්ට වරදින්නේ නැත්තේ.