"දිවයින"

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
http://www.divaina.com/2010/05/16/news01.html

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානයේ අපූරු සෙල්ලමක්‌
ලක්‌ෂ ගණන් වටින ඖෂධ
මැති ඇමැතිවරු අරන් ගිහිල්ලා!

අජිත් අලහකෝන්

ඇතැම් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානය හරහා රුපියල් ලක්‍ෂ ගණන් වටිනා ඖෂධ වර්ග විදේශ රටවලින් ගෙන්වා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් කර ඇත. මෙම මැති ඇමැතිවරුන් කාලයක්‌ තිස්‌සේ මෙම ක්‍රියාව කරගෙන ගොස්‌ ඇතැයි ද මේ නිසා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානයට ඉතා විශාල මුදලක්‌ දරන්නට සිදුව ඇතැයි ද ඇමැතිවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් මිලදී ගත නොහැකි ඖෂධ වර්ග ද මැති ඇමැතිවරුන් විසින් ඇණවුම් කර ගෙන්වා ගෙන තිබෙන බව ද මේ පිළිබඳ දැනගත් තමන් මෙම මැති ඇමැතිවරුන්ගේ තොරතුරු පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානයෙන් ලබාගත් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සාකච්ඡාවට සහභාගි වී ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් හමුවේ පවසා ඇත.

ලබාගත් තොරතුරු අනුව රජයේ මුදලින් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානය හරහා මෙසේ වටිනා ඖෂධ ලබා ගත් මැති ඇමැතිවරුන් ශ්‍රී ලංකාවෙන් භාගයක්‌ ම වුවත් මිලට ගැනීමේ හැකියාවක්‌ ඇති පොහොසතුන් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව තමා විසින් ජනාධිපතිවරයා ද දැනුවත් කරන බව ප්‍රකාශ කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්‌ථානය හරහා ඖෂධ වර්ග ආනයනය කිරීම වහා නතර කරන ලෙසට නියෝගයක්‌ ද කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් "දිවයින"ට දැන ගන්නට ලැබිණි.
 

Attachments

  • www_divaina_com_2010_05_16_news01.jpg
    www_divaina_com_2010_05_16_news01.jpg
    74.1 KB · Views: 17
  • Like
Reactions: urajdrlk

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    "දිවයින" 05-16-2010 09:28 AM ai ubatath beheth oneda hambaya


    :shocked: :angry:

    Mata -rep dunna gon harakoo......!! Thogee ammai thaaththai gon harak dennekda balapan......!! :angry: Booruwooo....... Man muslim newei.....!! :no: Also, mona aagamaka unath, thoo wagee gon harak enna eka..... a agamata, jaathiyata nindaawak.....!! Kathaa karanna egena ganin gon mee harakooo.....!! :angry:
     
    • Like
    Reactions: Santa