දිව දෙකෙන් පාණාතිපාථා කීම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දිව දෙකෙන් පාණාතිපාථා කීම

    'පාණාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි' කියන්නේ බුද්ධ ධර්මයේ පලවෙනිම ශික්ෂා පදයනෙ. ඕකෙ කියන විදිහට සතෙක් මරන්න තියා සතෙක් මරන්න අනුබල දෙන එක පවා පාප කර්මයක්. මිනිහෙක් තියා හරකෙක්, කුකුළෙක් මරනවටවත් විරුද්ධයි අපේ මිනිස්සු. කොටින්ම කියනවානං, යුද්ධ තියන ජාතිය ‍බුද්ධාගම ප්‍රතික්ෂේප කරනවා. මිනිහෙක් මරනවා තියා මිනිහෙක්ගේ හිත රිද්දනවත් එපා කියලයි ‍බෞද්ධ දර්ශනයේ කියන්නේ. ඒත් ඒ දැහැමි කම විරුද්ධවාදියෙක් ඉස්සරහදි වෙනස් වෙනහැටි දැක්කම පුදුමත් හිතෙනවා ඇත්තට.


    දැන් මේ පණ්ඩිත කතා කිව්වට, ඒ කාලේ හමුදාව උතුර නිදහස් කරගද්දි, ඒකට බැචාත් අත්දෙකම උස්සලා සහය දුන්නා. දහස්ගාණින් මැරෙන්නෙ ත්‍රස්තවාදීන් මිසක් සාමාන්‍ය මිනිස්සු නෙවේ කියලා බැචා බැචාටම කියාගත්තා. ත්‍රස්තවාදීන් කියන්නෙත් මිනිස්සු කියලා බැචාට මොහොතකට අමතක වුනා. කිලෝමීටර් විස්සක් ඇතුලෙ හිරවෙලා මිනිස්සු දුක්විදිද්දී, බැචාට හිතුනේ ඒ දුක ජයග්‍රහණයක් වෙනුවෙන් කරන්න ඕන කැපකිරීමක් කියලයි. හමුදාවේ අයියලා කැබිතිගොල්ලෑවේ සමූලඝාතනය වෙද්දි බැචාට දැනිච්ච දුක-සංවේගය, ආටිලරි වලට අහුවෙච්චි එල්.ටී.ටී.ඊ කාලකන්නින් ගැන ඒ කාලෙ බැචාට දැනුනෙ නැහැ.


    හැබැයි දැන් හැරිලා බලද්දී, එහෙම නොවුනේ ඇයි කියල බැචාටම හිතෙනවා. රණවිරුවන්ට අපිහැමෝම ගරුකරනවා. ඒ ඔවුන් කරපු කැපකිරීම් වලට; බැචාලා වෙනුවෙන් කාපු කට්ටට. හැබැයි එල්.ටී.ටී.ඊ කාරයත් කැපකිරීම් ගොඩක් කරා -තමන් පෙනී හිටපු මතය වෙනුවෙන්. දෙගොල්ලොම කරේ මිනිස්සු මරන එක. හැබැයි අපි එක කොටසක් විතරක් සමරනවා. ඒකට හේතුව, එයාලා පෙනී හිටපු හේතුවල සාධාරණකමද? එහෙම නැත්තං ඒ හේතු අපේ විශ්වාස වලට අනුරූපි හින්දද? බැචාට හිතෙන්නේ වඩා ප්‍රබල දෙවැනි හේතුව කියලයි.


    ඒ හැමදේටම වඩා බැචාට පුදුමයි සංඝයාවහන්සේලා යුද්ධෙකදී එක පැත්තකට හරි සහයෝගය දක්වන්නේ කොහොමද කියන කාරණේ ගැන! රණවිරුවන්ට සෙත්පතලා ආශිර්වාද කරද්දි, පින්කම් කරද්දී, හතුරෙක් උනත් මරන එක වැරදියි කියලා කට ඇරල කියන්න එක හිමිනමකට හරි බැරිවුනේ ඇයි? හමුදාවට විතරක් නෙවේ, එල්.ටී.ටී.ඊයටත්; ධර්මයට වඩා ආණ්ඩුවේ දේශපාලන මතය වැදගත් සාසනයක් තියෙන එකේ තේරුම මොකක්ද ඇත්තට? (ඕක අවිහිංසාව ගැන බණ කියන අනෙක් ආගම් වලටත් අදාලයි). එහෙම බලද්දී හන්දියක් හන්දියක් ගානේ යුද්ධෙට සෙත්පතලා බැනර් උස්සපු (බැචාත් ඇතුළුව) අපි හැමෝම කරලා තියෙන්නේ මිනිහෙක් මරන්න අනුබල දීම නෙවේද? ඉතිං ඒක වැරැද්දක් නෙවේද? බැචා අහන්නේ බුද්ධාගමේ තියෙන බොහොම පැහැදිලි ප්‍රශ්නයක්.


    බැචා කියන්නේ නෑ ප්‍රභාකරන් හරියි කියලා. හැබැයි ප්‍රභාකරන් වගේම යුධ ජයග්‍රහණයේ ගෞරවය දිනන්න පොරකන මහින්ද මහත්තයයි, ෆොන්සේකා මහත්තයයි තුන්දෙනාම බුද්ධාගමේ කියලා තියෙන විදිහට පවුකාරයන් නෙ‍වේද කියලා බැචාට හිතෙනවා. ඉතිං අන්තිමේට සදහන් කරපු උදවිය දෙන්නට සංඝරත්නය සෙත්පතන්නේ මොන පදනමෙන්ද කියන එක බැචාට ප්‍රශ්නයක්.


    ඔය තුන්දෙනා විතරක් නෙවෙයි, මේරටේ මිනිස්සුන්ගේ ලේ වගුරන්න දිරිදුන්න බැචාලත් පවුකාරයෝ. හැබැයි තමන්ගේ වාසියට තමන් කරේ වැරැද්දක් කියලා නොතේරෙන බැචාලා ඔය හැමෝටම වඩා පවුකාරයෝ කියලයි බැචානං හිතන්නේ. නමුත්, මිනිස්සු කරන වැරදි මිනිස්සුන්ට තෝරලා බේරල දෙන්න ඉන්න ආගමික නායකයොත් නිහඩ වෙනවා තරම් පාපයක් තවත් ලෝකෙ තියෙනවද?
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    cobra+and+naga+pachami.jpg
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    'පාණාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි' කියන්නේ බුද්ධ ධර්මයේ පලවෙනිම ශික්ෂා පදයනෙ. ඕකෙ කියන විදිහට සතෙක් මරන්න තියා සතෙක් මරන්න අනුබල දෙන එක පවා පාප කර්මයක්. මිනිහෙක් තියා හරකෙක්, කුකුළෙක් මරනවටවත් විරුද්ධයි අපේ මිනිස්සු. කොටින්ම කියනවානං, යුද්ධ තියන ජාතිය ‍බුද්ධාගම ප්‍රතික්ෂේප කරනවා. මිනිහෙක් මරනවා තියා මිනිහෙක්ගේ හිත රිද්දනවත් එපා කියලයි ‍බෞද්ධ දර්ශනයේ කියන්නේ. ඒත් ඒ දැහැමි කම විරුද්ධවාදියෙක් ඉස්සරහදි වෙනස් වෙනහැටි දැක්කම පුදුමත් හිතෙනවා ඇත්තට.


    දැන් මේ පණ්ඩිත කතා කිව්වට, ඒ කාලේ හමුදාව උතුර නිදහස් කරගද්දි, ඒකට අත්දෙකම උස්සලා සහය දුන්නා. දහස්ගාණින් මැරෙන්නෙ ත්‍රස්තවාදීන් මිසක් සාමාන්‍ය මිනිස්සු නෙවේ කියලා කියාගත්තා. ත්‍රස්තවාදීන් කියන්නෙත් මිනිස්සු කියලා මොහොතකට අමතක වුනා. කිලෝමීටර් විස්සක් ඇතුලෙ හිරවෙලා මිනිස්සු දුක්විදිද්දී, හිතුනේ ඒ දුක ජයග්‍රහණයක් වෙනුවෙන් කරන්න ඕන කැපකිරීමක් කියලයි. හමුදාවේ අයියලා කැබිතිගොල්ලෑවේ සමූලඝාතනය වෙද්දි දැනිච්ච දුක-සංවේගය, ආටිලරි වලට අහුවෙච්චි එල්.ටී.ටී.ඊ කාලකන්නින් ගැන ඒ කාලෙ බැචාට දැනුනෙ නැහැ.


    හැබැයි දැන් හැරිලා බලද්දී, එහෙම නොවුනේ ඇයි කියල හිතෙනවා. රණවිරුවන්ට අපිහැමෝම ගරුකරනවා. ඒ ඔවුන් කරපු කැපකිරීම් වලට;වෙනුවෙන් කාපු කට්ටට. හැබැයි එල්.ටී.ටී.ඊ කාරයත් කැපකිරීම් ගොඩක් කරා -තමන් පෙනී හිටපු මතය වෙනුවෙන්. දෙගොල්ලොම කරේ මිනිස්සු මරන එක. හැබැයි අපි එක කොටසක් විතරක් සමරනවා. ඒකට හේතුව, එයාලා පෙනී හිටපු හේතුවල සාධාරණකමද? එහෙම නැත්තං ඒ හේතු අපේ විශ්වාස වලට අනුරූපි හින්දද? වඩා ප්‍රබල දෙවැනි හේතුව


    ඒ හැමදේටම වඩා පුදුමයි සංඝයාවහන්සේලා යුද්ධෙකදී එක පැත්තකට හරි සහයෝගය දක්වන්නේ කොහොමද කියන කාරණේ ගැන! රණවිරුවන්ට සෙත්පතලා ආශිර්වාද කරද්දි, පින්කම් කරද්දී, හතුරෙක් උනත් මරන එක වැරදියි කියලා කට ඇරල කියන්න එක හිමිනමකට හරි බැරිවුනේ ඇයි? හමුදාවට විතරක් නෙවේ, එල්.ටී.ටී.ඊයටත්; ධර්මයට වඩා ආණ්ඩුවේ දේශපාලන මතය වැදගත් සාසනයක් තියෙන එකේ තේරුම මොකක්ද ඇත්තට? (ඕක අවිහිංසාව ගැන බණ කියන අනෙක් ආගම් වලටත් අදාලයි). එහෙම බලද්දී හන්දියක් හන්දියක් ගානේ යුද්ධෙට සෙත්පතලා බැනර් උස්සපු අපි හැමෝම කරලා තියෙන්නේ මිනිහෙක් මරන්න අනුබල දීම නෙවේද? ඉතිං ඒක වැරැද්දක් නෙවේද? බුද්ධාගමේ තියෙන බොහොම පැහැදිලි ප්‍රශ්නයක්?


    කියන්නේ නෑ ප්‍රභාකරන් හරියි කියලා. හැබැයි ප්‍රභාකරන් වගේම යුධ ජයග්‍රහණයේ ගෞරවය දිනන්න පොරකන මහින්ද මහත්තයයි, ෆොන්සේකා මහත්තයයි තුන්දෙනාම බුද්ධාගමේ කියලා තියෙන විදිහට පවුකාරයන් නෙ‍වේද කියලා හිතෙනවා. ඉතිං අන්තිමේට සදහන් කරපු උදවිය දෙන්නට සංඝරත්නය සෙත්පතන්නේ මොන පදනමෙන්ද කියන එක බැචාට ප්‍රශ්නයක්.


    හැබැයි තමන්ගේ වාසියට තමන් කරේ වැරැද්දක් කියලා නොතේරෙන ඔය හැමෝම වඩා පවුකාරයෝ කියලයි හිතන්නේ. නමුත්, මිනිස්සු කරන වැරදි මිනිස්සුන්ට තෝරලා බේරල දෙන්න ඉන්න ආගමික නායකයොත් නිහඩ වෙනවා තරම් පාපයක් තවත් ලෝකෙ තියෙනවද?
    -this is the way i think,i have the right for it