දිස් ඊස් ලයිෆ්....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    දුවමින් බඩගාමින් ගැටෙමින් සහයෝගයෙන් සිනහවෙන් කදුලින් පරාජයෙන් ජයග්‍රහණයෙන් පහසුවෙන් අමාරුවෙන් විරහවෙන් ආදරයෙන් ගෙවන්නා වූ ඔබගේත් මගෙත් ජීවිතය මෙයමයි....

    70 80 දශක මැයි මල් සකුරා මලින් පිරි ගිය දැවැන්ත ගස් හෙවන කල කබල් තාර ඇතුරූ මාර්ග වැලි පිරුණු පාරවල් අද කාපට් පාරවල් වී ඇත පරණ ctb බස් එක්ක ac කරපු ctb බස්ද අද පාරවල් වල දුවති

    එකල tv පටන් ගැනුනේ හවස 4.55ටය කලක් itn පෙනුනේ කොලබ අවට පමණි රුපවාහිනිය, itn අද එතරම් නොබැලුවත් අප ළමා කාලය රසවත් කල වැඩසටහන් රාශියක් අපට දායාද කරනු ලැබිය අද එළිවෙනකන් බලන්න චැනල් හැට හුට හමාරක් තිබේ

    එකල ගමකට නොව ගම 3, 4 ට තිබුනේ එක වාහනයකි දැන් වාහන හෝ බයික් එකක් නැත්තේ ගමකින් ගෙවල් 3,4 ටය රැහැන් දුරකතන තිබුනේ ඉහල පැලැන්තියට පමණි 4 හා 11 චැනල් වල තිබුන පිලිවෙලින් රුපවාහිනී හා itn චැනල ඇල්ලීමට කලුසුදු tv වල තිබුනේ ටක ටක ගාමින් කැරකැවෙන ස්විච්යකි තප්පර 3ක් තුල එය කරකවා චැනල මාරු කිරීමට එකල අප දක්ෂයෝ ඌවෙමි. ගෙදර අය පමණක් නොව අහල ගෙවල් 3,4ක පිරිස් රෑට නාට්‍ය බැලීමට පැමිණෙන එක සාමාන්‍ය සිදු වීමක් විය. දැන් රිමෝට් එක්ක වර්ණ tv ත් එය ස්මාර්ට් විද තිබේ ටෙලිෆෝන් ගැනීමට පොරොන්දු ලේකනයක් තිබිණි අපේ ගෙදර නම්බරේ අහල පහල ගෙවල් වලද නොම්බරේ විය. සෙල්ටෙල් වලින් මොබිටෙල් වලින් ස්ටර්ටෙක් ෆෝන් වලින් ගස් උඩත් කෝල් ගත් කල නිමා වෙමින් කලර් ඩිස්ප්ලේ ෆෝන් තිබීම මහදෙයක් ලෙස සලකපු එක ඉවතලමින් ටච් කරන ඇපල් ෆෝන බොහෝ අය අත තිබේ.

    කැසට් cd dvd usb දක්වාද ඉන්දන වාහන විදුලි වාහන දක්වාද ඩයල් අප් ස්ටාර් ලින්ක් දක්වාද චැනල් දොස්තර වරු ගමටද යන මේ සියලු දේ අප අත්දැක්කෙමු.

    අද තරුණයන් අත් නොදැක්කත් රෙදි අතින් සෝදපු පොල්කටු ස්ත්‍රික්කයෙන් ඇදුම් මැදපු ලිදේ බාල්දියෙන් වතුර ඇදලා නාපු පැරකුම්බා දන්තාලේප කුඩු හෝ අගුරු වලින් දත් මැදපු බැටරියෙන් tv බලපු පාරවල් වල ලයිට් නැති නිසා හුළු අතු පත්තු කරන ගමන් ගියපු පෙට්‍රල් කෑන් ඉදිරියේ තියාගත් මයිනර් වල හයර් ගියපු කලක් තිබිණි

    බෝම්බ පුපුරපුවහම තාත්තාගෙන් ආරංචි නැතිව කොලබ ස්පිරිතාලෙට තැපැල් කන්තෝරු වලින් කෝල් කරපු නිතර වැටෙන ඇදිරි නීති නිසා කන බොන බඩු ලාම්පු තෙල් ගෙනත් තියන් හිටපු පැය 7ක් 8ක් ලයිට් කපපු සහෝදරයන් ලයිට් නොදාන්න කියපු කොළ බළල්ලු විසින්ද රතු සහෝදරයන් විසින්ද මරපු මිනිසුන් සහිත පාරවල් වල පාසල් ගියපු බෝම්බ වලට අහු උන මිනිස්සු උතුරේ යුද්දෙන් තුවාල උන මිනිස්සු ගෙනියන ambulance සුලබ දසුන් වුන මාසයකට වරක්වත් ආරක්ෂක අංශ වල මල ගෙයක් තිබුන කලක් අපට විය.

    1818 පටන් තිබු නිදහස් කැරලි වලිනුත් ඉන්පසු බ්‍රිතාන්‍යන් විසින් අවුරුදු 18 ට ඉහල සියලු පිරිමින් ඝාතනය කර ගැහැනුන් දුෂණය කර පවත එන පරම්පරාවල් සහිත අප දැන් මානව හිමිකම් ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍යයන්ගෙනි. රටේ දියුණුව ඈතට ගෙන ගිය 71/72 , 88/89 තරුණ කැරලි වලිනුත් 83 ජුලි කලබල නිසාත් 30 වසරක යුද්දයත් නිසා අකාලයේ මියැදුන මිනිසුන්ගේ ලෙයින් තෙත් උන බිමක වසන අපට උරුම වී ඇත්තේ පරාර්තකාමයෙන් තොර බලයෙන් හා තමන් පොහොසත් වීමේ කෑදරකමින් මුසපත් වුන පාලකයන් හා මිනිසුන් සහිත රටක ජිවත් වීමටය.

    කොටින්ම එකල ජීවිතය ලෙහෙසි නොවුනි, එනයින් බලන කල අද ඇත්තේ හොද කළකි මිට වඩා හොද කලක් අපට තිබුනා නම් හොදයි කියා සිතුනද මේත් මදිද තිබ්බ හැටියට කියා මට විටෙක සිතේ මෙරට පාලනය කල ආණ්ඩු යම් පමණකින් හෝ රට ඉදිරියට ගෙනවිත් ඇත මිට වඩා ඉදිරියට ගෙන යා යුතු බව වෙනම කතාවකි.

    ලොව මේ තරමට පහසු කරපු නව සොයාගැනීම් කරපු උත්කෘෂ්ට මිනිසුන්ටත් රට සුරක්ෂිත බව වෙනුවෙන් ජීවිතය ලේ මස් පිදු මිනිසුන් හට සියදහස් වරක් ස්තුත්යි. වැඩි හරිය තමන්ට බෙදා ගත්තත් මේ තරමින් හෝ මේ රට ඉදිරි පරම්පරා වලට ඉතිරි කරපු පාලකයන්ටත් පොඩි හරි ස්තුතියක් දෙන්න ඕනේ.

    අද ජවිතය පහසු වුවත් ජිවිතයේ සංකීර්ණ බව ඉහල ගොසින්ය එදා ලෑලි කෑල්ලක් තියන් පාරේ බෝල ගැසූ කොල්ලන් අද දකින්න නැත දෙමලිච්චන් ගිරවුන් දක්නට අඩු උන් වෙන තැනකට පියබලා දැයි නොදනිමි. වැස්ස කාලෙට පසුව මාස 2,3 ගලා ගිය ජල පහරවල් අද දක්නට නැත ඒවායේ හිටපු වැලිගොව්වන් කනයින් අතුරුදන්ය ඇරත් මේවා තිබෙනවාදැයි කියා බලන්නටවත් මිනිස්සුන්ට වෙලා නැත.

    ඉදින් රට දියුණු විද නොවිද ඇත එහි ඔබත් මමත් ජීවිතය ගෙවා දමමින් සිටි.....

    රස විදින්න ලැබෙන හැටියට ජීවිතය ජය වේ මවුනි ලංකා

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට මතක දේවල් ඕවාට අමතරව

    1. 89 දවසක් වටින් ගොඩින් එළිය වැටෙද්දි හමුදාවෙන් ඇවිත් අහල පහල පිරිමි ඔක්කොම අරන් ගියා මතකයි. අපේ තාත්තවත් අරන් ගියා. ඊටපස්සෙ බිල්ලා ඉස්සරහින් යවලා තාත්තා ගෙදර ආවා.

    2.ඉස්සර ගමේ පාරෙ ගියෙ එකම එක බස් එකයි. ඒක උඩහට ගිහින් හරවන් එනවා. ඉතින් ඒක උඩහට යන සද්දෙ ඇහුනම තමයි අපි පාරට එන්නෙ. අද ඒක නතරවෙලා.

    3.කුප්පි ලාම්පුවෙන් හිටියෙ.

    4.වාහනයක් නෑ අහල පහලක. අම්මට මල්ලි හම්බෙන්න ඉද්දි අමාරුවෙයි වගේ හිතුනොත් රෑ වෙන්න කලින් ටවුන් එකේ ගෙදරකට යනවා එහෙන් වාහනයක් හොයා ගන්න පුලුවන් නිසා.

    5. ඉස්සර 6 වෙද්දි ගොඩක් මිනිස්සු කාලා නිදි. කරන්ට් එක නෑ මිනිස්සු දුප්පත්. ඇහැරගෙන හිටියොත් භූමිතෙල් වලට සල්ලි යනවා.

    6. ගමේ මිනිස්සු එකමුතුයි. මාසෙකට දෙකකට සැරයක් අහල පහළ මිනිස්සු එකතු වෙලා කයියක් ගහනවා. එහෙම දවසක් ආවෙ නෑ අවුරුදු 20කින් මෙහා.

    ඔයිටත් එහාලු අපේ අම්මලාගෙ කාලෙ

    1. හවසට ගෑණු කට්ටිය එකතුවෙලා පැදුරු වියනවාලු

    2.මුලු ගමම්ම එකම වත්තක්ලු. එහෙන් මෙහෙන් වැටවල් ගහ ගත්තු මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හිටියට මුලු ගමේම වැටක් පාරක් මොකක්වත් නෑලු.

    3.උයන පිහන දේවල් හුවමාරු කරගන්නවලු.

    4.රේඩියෝ තමයිලු අහන්නෙ. එතකොට ටී වී නෑ.

    5.මහ පාරෙ නිදා ගෙන ඉන්නත් පුලුවන්. වාහනයක් එන්නෙ දවසකට එකක් දෙකක් ලු.

    6.බඩු අදින්නෙ කරත්ත වලින්.
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    bump

    2,3,6
    3.උයන පිහන දේවල් හුවමාරු කරගන්නවලු.

    Mewa thama ape game wenwa dakla thiynwa. lokuwata newei podiwata.
    danikankotath asa dewal.
    ------ Post added on Jun 7, 2021 at 2:25 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට මතක දේවල් ඕවාට අමතරව

    1. 89 දවසක් වටින් ගොඩින් එළිය වැටෙද්දි හමුදාවෙන් ඇවිත් අහල පහල පිරිමි ඔක්කොම අරන් ගියා මතකයි. අපේ තාත්තවත් අරන් ගියා. ඊටපස්සෙ බිල්ලා ඉස්සරහින් යවලා තාත්තා ගෙදර ආවා.

    2.ඉස්සර ගමේ පාරෙ ගියෙ එකම එක බස් එකයි. ඒක උඩහට ගිහින් හරවන් එනවා. ඉතින් ඒක උඩහට යන සද්දෙ ඇහුනම තමයි අපි පාරට එන්නෙ. අද ඒක නතරවෙලා.

    3.කුප්පි ලාම්පුවෙන් හිටියෙ.

    4.වාහනයක් නෑ අහල පහලක. අම්මට මල්ලි හම්බෙන්න ඉද්දි අමාරුවෙයි වගේ හිතුනොත් රෑ වෙන්න කලින් ටවුන් එකේ ගෙදරකට යනවා එහෙන් වාහනයක් හොයා ගන්න පුලුවන් නිසා.

    5. ඉස්සර 6 වෙද්දි ගොඩක් මිනිස්සු කාලා නිදි. කරන්ට් එක නෑ මිනිස්සු දුප්පත්. ඇහැරගෙන හිටියොත් භූමිතෙල් වලට සල්ලි යනවා.

    6. ගමේ මිනිස්සු එකමුතුයි. මාසෙකට දෙකකට සැරයක් අහල පහළ මිනිස්සු එකතු වෙලා කයියක් ගහනවා. එහෙම දවසක් ආවෙ නෑ අවුරුදු 20කින් මෙහා.

    ඔයිටත් එහාලු අපේ අම්මලාගෙ කාලෙ

    1. හවසට ගෑණු කට්ටිය එකතුවෙලා පැදුරු වියනවාලු

    2.මුලු ගමම්ම එකම වත්තක්ලු. එහෙන් මෙහෙන් වැටවල් ගහ ගත්තු මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හිටියට මුලු ගමේම වැටක් පාරක් මොකක්වත් නෑලු.

    3.උයන පිහන දේවල් හුවමාරු කරගන්නවලු.

    4.රේඩියෝ තමයිලු අහන්නෙ. එතකොට ටී වී නෑ.

    5.මහ පාරෙ නිදා ගෙන ඉන්නත් පුලුවන්. වාහනයක් එන්නෙ දවසකට එකක් දෙකක් ලු.

    6.බඩු අදින්නෙ කරත්ත වලින්.
    පහසුකම් නැති උනත් නිදහස් ජීවිතයක් ගෙවන්න ඇති ඒ කාලේ මිනිස්සු