දි.මු_සමු_ගනී

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෙරට දේශපාලනයේ පෙරළිකාරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය.

    දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.

    ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා මියයන විට 90 වැනි වියෙහි පසුවිය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.

    1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.

    ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.

    ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.

    ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 21 වැනිදාය.

    ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙනි.

    දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි සාමාජිකත්වය ලබා ගත්තේය.

    ඔහු දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

    ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වේ.

    දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.

    දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාමණ්ඩිය ද වේ.

    ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානය ද දි.මු ජයරත්න මහතාගේ නිර්මාණයකි. එම ස්ථානයන්හි පරිපාලනය සිදුවූයේ ද දි.මු ජයරත්න මහතා යටතේ පාලනය වූ අම්බුළුවාව පරිසර, සංවර්ධන හා සංරක්‍ෂණ භාරය මගිනි.

    හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව සඳහා ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්නකං ඒ මනුස්සයට කියන්න පුලුවන් බලු කතා සේරම කිව්ව. අර කට ඇද වුන එකටත් හොඳ වැඩේ කිව්ව. දැන් මලාට පස්සෙ බොරුවට නිවන් සැප ලැබේවා rip ලු.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉන්නකං ඒ මනුස්සයට කියන්න පුලුවන් බලු කතා සේරම කිව්ව. අර කට ඇද වුන එකටත් හොඳ වැඩේ කිව්ව. දැන් මලාට පස්සෙ බොරුවට නිවන් සැප ලැබේවා rip ලු.

    owun kandy wala kranna puluwan balu wada okkoma karapu ewun

    :growl::growl::growl::growl:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    දීමූ මිය ගිහින් :(

    බාල්දිය හෝදල කොක්ක අතේ ඉතුරුකර ගැනීම - පාඩම් අංක දෙක​

    මම​ ඒ කාලෙ කැබිනට් එකේ මොනවද උනේ කියල සති පතා දැන ගන්න හම්බවෙන්න උනේ මහින්දව​. මට යන්න බැරි උනොත් උන දේ එවන විදි තිබ්බ​. ඒකත් මිස් උනොත් අපේ සෙට් එකක් හිටිය නිසා එයාව මීට් උන කෙනෙක්ගෙන් ගන්නව​. ඒත් මහින්ද උන ඔක්කොම දේවල එයාට වාසි දේවල් විතරයි කියන්නෙ. මම ඔය රාවයෙත් ඔය දේශපාලන විග්‍රහ කියල ඉරිද පත්තරවල ලියන "ගොසිප් කොලමක්" මට ලියන්න කියන කොටත් විරුද්ධ උනේ ඒකයි. මම ඒකට කැමති නැහැ. ඒව පක්‍ෂග්‍රාහීයි

    ඉතිං ජීඑල්, රිචඩ් පතිරණ, දීමූ, ඉන්දික තමයි මම අල්ලගන්නෙ තව තව විස්තර දැන ගන්න​. ඒව​ ගැන රස කතා වෙන දවසක​.

    දැන් මේ දීමූ මැරිලනෙ.

    ඉන්න කාලෙත් මම ලියපු එකක් මතක් උනා. දවසක් මම ගිහින් කයිය ගහ ගහ ඉන්නව එයාගෙ නිල නිවාසෙ. මිනිහ දන්නෙ නැහැ මම ඇවිත් ඉන්නෙ කැබිනට් එකේ වෙච්ච ඒව ගන්න කියල​. කයි ටිකක් ගැහැව්වම තමයි අනිත් අය වගේම ඔක්කොම කියන්නෙ.

    මහින්ද වගේ නෙමේ.

    මහින්ද දෙන්නෙ එයාට වාසි ඒව විතරයි. දැන් දීමූ මට යන්න දෙන්නෙ නැහැ. දුවට කියල වරක ගේනව​, තේ ගේනව අයීයෝ. ඒ කාලෙ ඔය දුමින්දල මහින්දානන්දල කවුරුවත් අපි අහලවත් නැහැ.

    මිනිහ එක එක රස කතා කියනව​.

    මට යන්න ඕනෙ, මට බ්‍රහස්පතින්ද ඩෙඩ් ලයින් තියෙනව​. මිනිහ මට අලි තඩි පිත්තල පහනක් වගේ එකකුයි, ලැම්ප් ශේඩ් වගයකුයි පෙන්නල කිව්ව මේ අද අර බිස්නස්කාරෙයෙක් ගෙනත් දුන්න කියල​. මම කිව්ව ඒව​ බාරගන්න එක වැරදියි නේද​, ඕගොල්ල බලයට ආවෙ දූෂණය​, අල්ලස නැති කරනව කියල නේද කියල​.

    එයා හක හක ගාල හිනා උනා.

    "ඕවගේ ඒව ආපහු අරන් යන්නද කියන්නෙ? උවිඳුට දේශපාලනඥයො ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ කියල​," කිව්ව​

    මම කිව්ව මම සෑහෙන දුරට දන්නව සමසමාජ කොමියුනිස්ට් අය ගැන කියල​.

    එයා ඇහැව්ව ඔයා මොනවද දන්නෙ, කියන්න කියල.

    මම කිව්ව එක උදාහරණයක්.

    අනුර බැස්ටියන් කියන පස්සෙ යූඑන්පී එකට ගියපු - කොළඹ ජඩ වැඩ ගොඩක් කරපු දේශපාලනඥයා මුලින් සමසමාජ​. 70 ගණන්වල පාන් පෝලින්, පිටි පෝල්න් අර පෝලින් මේ පෝලින් තියෙන කාලෙ මිනිහ තිඹිරිගස්යායෙ සමසමාජ ලෝකල් එකේ සාමාජිකයෙකු විදියට ඉන්නකොට ඒ බලය අයුතු විදියට​ පාවිච්චිකරල පාන් වැඩි මිලට හොරෙන් දීල අහුවෙලා, පක්‍ෂයෙන් ඉවත් කරපු කෙනෙක් කියල​. ඒ වාමාංශිකයො හොරකම් කරේ නැහැ, අභ්‍යන්තර විනය පරීක්‍ෂණ පවත්වල දඬුවම් දුන්න. ඕව ගැනීම වැරදියි කියල​.

    දීමූට අප්සෙට් ගිහින් දුවට කතා කරල කිව්ව ගම්පොලින් ගෙනාපු වරක එකෙන් කෑල්ලක් ගේන්න කියල​.

    මිනිහ වෙන පැත්තකට කතාව මාරු කරන්න හැදුව​.

    මම එතකොට ආයෙත් කිව්ව ඕගොල්ල ආවෙ දූෂණය නැති කරනව කියල නේද කියල​.

    එයා මාර උත්තරයක් දුන්න​.

    බාල්දිය හෝදනව කිව්වම​, හෝදල කොක්ක විතරක් ඉතුරු කරගන්න බැහැනෙ කියල.

    මම ඇහැව්ව ඒ කතාවෙ තේරුම මොකක්ද කියල​, එයා කිව්ව බාල්දියෙ කුණු තියෙනව කියල හෝදගෙන හෝදගෙන ගියොත් අන්තිමට ඉතුරුවෙන්නෙ බාල්දියෙ කොක්ක විතරයි කියල​.

    මම පහුවෙනිද මේ කතාව වික්ටර් අයිවන්ට කිව්ව​, එයා කිව්ව දීමූව ඉන්ටර්වීව් කරන්න කියල​.

    මම කරා.

    ඒව සති දෙකක් පුරා පිටු දෙකක ඇති රාවය බ්‍රෝඩ්ශීට් කරන්න කලින් දාපු පොඩි පත්තරේ.

    දීමූ අන්තිමට අම්බුලුවාව වටෙත් දූෂණයක් කරල තමා මැරුනෙ. කණගාටුයි ඉතිං :(

    පොඩි පාඩම​: මේ දේශපාලඥයින්ට දූෂණය අල්ලස කියන්නේ කුමක්දැයි නොතේරෙනවා නෙමෙයි. දේශපාලනඥයෙක් වෙනවා කියන්නේම පංතිය මාරු කිරිමකි. ඒ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය කිසිම කෙනෙකුට දඬුවම් නොදීමට වග බලා ගන්නා බවය​.

    මෙය වෙනස් කිරීමට හැක්කේ අර සමාජවාදී පක්‍ෂ වලට පමණි, ඒත් ජයම්පති ව්ක්‍රමරත්න විසින් සිය වාහන බලපත්‍රය විකුණා මිලියන 31 ලාභයක් ලබා ගැනීමෙන් පසු ඒ සම්ප්‍රදාය ගැනත් මට ඇත්තේ සැකයකි. ජයම්පතිගේ වාහන හුටපටය ගැන මා පලකල දේ මෙතනින් කියවන්න: https://www.colombotelegraph.com/…/jayampathy-wickramaratn…/

    ජවිපෙ ගැන මට තවමත් විශ්වාසයක් ඇත​, ඒත් විමල් වීරවංශ ඔය අයතා විදියට මුදල් ඉපයීම පටන් ගත්තේත් ජවිපෙ සිටියදීමය​!

    දීමූගේ පලමු පාඩම මෙතනින් කියව ගන්න​: https://www.facebook.com/uvindu.kurukulasuriya/posts/10157370912954818

    94 ආව ආණ්ඩුවත් ඒක අලුතෙන් දාපු කොමිසමත් කරේ පීරිසි කෝප්ප​ සෙට් එකක් පගාවක් විදියට ගත්ත විදුහල්පති කෙනෙක් හිරේ ඇරීමය​! ලොක්කොම ඔකෝම ගොඩ​!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මැයි යා තමා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හදලා හම්බයින් ඉස්සරහට ගෙනාවේ. මෙයා වාගේ තව දෙතුන් දෙනෙක් හිටියනම් අපිටත් නිවන් සුව තමා..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මැයි යා තමා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හදලා හම්බයින් ඉස්සරහට ගෙනාවේ. මෙයා වාගේ තව දෙතුන් දෙනෙක් හිටියනම් අපිටත් නිවන් සුව තමා..

    :yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්නකං ඒ මනුස්සයට කියන්න පුලුවන් බලු කතා සේරම කිව්ව. අර කට ඇද වුන එකටත් හොඳ වැඩේ කිව්ව. දැන් මලාට පස්සෙ බොරුවට නිවන් සැප ලැබේවා rip ලු.

    Kiyana tharamata niwan suwa labenawanm bariyei :P
    kohomath lankawe politics walata enter wenawa kiyannema niwan sepa cancel karaganimak thamai. Aathma ganakata goda Enna ba karana kiyana dewal Wala hetiyata