දීකිරි පොල් - කාල තියනවද

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    දීකිරි පොල් - කාල තියනවද

    දී කිරට බළල්ලූත් සාක්ෂියැයි පැරණි කියමනක් තිබේ. ලූෂන් බුලත්සිංහලයන් ලියූ දීකිරි දීකිරි ගෙනාව දී කිරි නැමැති ගීතයක් ද ඇත. මේ දෙකෙන්ම කියැවෙන්නේ ගවයාගෙන් දොවා මුදවාගන්නා කිරි පිළිබඳවය.
    දකුණේ මහා කිවිඳිය වූ ගජමන් නෝනාගේ නුගරුක වැනුම හේතුවෙන්ම පරයන සිද්ධියට පත්වූ දෙණිපිටියේ ඇත්තේ වෙනත් දී කිරි වර්ගයකි. මේ දීකිරි ශීරුමෙ ලංකාවේ වෙනත් කිසිම පරරි දේශයකින් හමුනොවේ. ඒ පොල් ගසේ හටගන්නා දී කිරිය.

    01%25281%2529.JPG


    දෙණිපිටියේ දී කිරි පොල් නමින් හඳුන්වන පොල් වර්ගයක් තිබේ. සාමාන්යා පොල් ගස් අතරින් කිහිිපයක පමණක් දී කිරි හටගනී. දෙණිපිටිය ගම්වාසීන් එවැනි පොල් හටගන්නා ගස්වලට දී කිරි ගස්යැයි කියති. දී කිරි ගසේ ද දී කිරි පොල් හටගන්නේ එක් වල්ලකට ගෙඩියක් වැනි ඉතා අඩු පර්ය මාණයකිනි. ඒ නිසාම දී කිරි යනු දුර්ලභ දෙයක් බවට පත්ව ඇත.

    05%25281%2529.JPG


    දීකිරි ගෙඩියක් වැලිගමදී රුපියල් 150 සිට රුපියල් 300 දක්වා වූ මුදලකට අළෙවි වෙයි. එවැනි මිලක් ගෙවා වුවද දී කිරි පොල් ගෙඩියක් මිලදී ගැනීමට දී කිරි ගුණ දන්නෝ මැලි නොවෙති.
    මේ පොල් ගෙඩියේ විශේෂත්වයක් තිබේ. ගසේ තිබියදී සාමාන්යන පොල් ගෙඩියක් ආකාරයටම පෙනෙන දී කිරි පොල් කැඩූ පසු ඒ ගැන නොදන්නා අය සිතන්නේ පුහු පොල් ගෙඩියක් යැයි වැරදි ආකාරයෙනි. දී කිරි පොල් ගෙඩිය සාමාන්යක පොල් ගෙඩියකට වඩා තරමක් බරින් වැඩිය. වතුර හ`ඩන්නේ නැත. යන්තම් හෝ දියරමය ගතියක් ඇත්නම් ගෙඩිය සෙලවූ විට ඇසෙන්නේ උකු ද්රායවණයක කුඩා ශබ්දයක් පමණි.
    දෙණිපිටියේ දහනායක වලව්වේ පදිංචි කේ.කේ.ඞී.ඩබ්ලිව්.දහනායක මහතා (61* දී කිරි ගස් කිහිපයකම හිමිකරුවෙකි. ඔහු මෙසේ කීවේය.
    ‘‘ හැම ගහකම දී කිරි හැදෙන්නේ නැහැ. ඒවා හැදෙන ගස් වලට අපි කියන්නේ දී කිරි ගස් කියලා. ඒ ගස්වල වල්ලකට ගෙඩියක් වගේ දී කිරි ගෙඩි දකින්න ලැබෙනවා. කැඩුවට පස්සේ ඒ ගස්වල ගෙඩි හොළවලා තට්ටු කරලා දී කිරි වෙන්කරගන්න පුළුවන්. තට්ටු කළාම දී කිරි ගෙඩියේ ශබ්දය වෙනස්. ඒ වගේම පොල් ඔයන විට (මෙය දකුණේ ව්යැවහාරිත වචනයක්. පොල් ඔයනවා යනු පොල් ලෙලි ගැසීමයි* අනෙක් ගෙඩි වලට වඩා දීකිරි ගෙඩියේ ලෙල්ල ඉතාමත් බුරුල් ගතියකින් යුක්තයි. ’’

    06%25282%2529.JPG


    හොඳින් මේරූ ගෙඩියක වුවද මදය සාමාන්යන පොල් ගෙඩියේ මදය තරම් ශක්තිමත් නැත. බුරුල් මදය ගෙඩිය ඇතුලත පිරෙන ආකාරයෙන් පවතී. හිස්ව ඇත්තේ කුඩා ඉඩක් පමණි. ඉතා මෙළෙක් ස්වභාවයක් දක්නට ඇති දී කිරි පොල් ගෙඩියේ මදය හැන්දකින් වුව ද උලූප්පා ආහාරයට ගත හැකි අතර පිහියකින් පහසුවෙන් කපා ගැනීමේ හැකියාව තිබේ. මෙහි මේදමය හෙවත් තෙල් ස්වභාවය අධිකය. ආහාරයට ගන්නා විට යන්තම් දැනෙන කිරි රසත් තෙල් ස්වභායත් හැර වෙනත් මිහිරි බවක් දැනෙන්නේ ද නැත. පැණි හෝ සීනි සමග ආහාරයට ගැනීමට ගැමියෝ පුරුදුව සිටිති. එවිට දී කිරි යනු අතිශය පරහි නීත ආහාරයකි.

    07%25281%2529.JPG


    දෙණිපිටියේ ගැමියන් පවසන්නේ සාමාන්ය් පොල් ගෙඩියක් මෙන් දී කිරි පොල් පරඩි යෝජනයට ගත නොහැකි බවයි. එයින් පොල් කිරී ගැනීමට හෝ කොප්පරා ලෙස වේලා ගැනීමට නොහැකි බව ඔවුහු පවසති. පොල් කැඩූ විට දී කිරි වෙන්කැර හඳුනාගත නොහැකි අයෙකු සිටියහොත් එය පුහු පොල් ගෙඩි ලෙස ඉවත දමති. නැතිනම් පොල් ගොඬේම තිබී පසුව අළෙවි කොට නරක් වූ පොල් ගෙඩියක් ලෙස ඉවත දමයි.
    දී කිරි වලට වැඩිම ඉල්ලූමක් ඇත්තේ රාමසාන් උපවාස කාලයේදීය. ඉස්ලාම් භක්තිකයෝ ඒ දිනවල පෝෂ්යිදායී ආහාරයක් ලෙස දී කිරි ගැනීමට පෙළඹෙන බවත් හොඳ දීකිරි පොල් ගෙඩියක් එම කාලයේදි රුපියල් 300 ට පමණ අළෙවි වන බවත් දෙනිපිටිය ගම්වාසීහු පවසති.
    දිසානායක මහතා පවසන්නේ තම වැඩිහිටියන් පවා දීකිරි පොල් ගෙඩි වලින් අතිශය රසවත් ආහාරයක් සෑ¥ බවයි. පොල් ගෙඩිබිඳ ඒ තුළට හකුරු, කිතුල් පැණි, රට ඉඳි හෝ මුද්දරප්පලම් දමා අනතුරුව නැවත පොල් බෑ දෙක එකතු කොට ශක්තිමත් කම්බියකින් බඳිනු ලැබේ. මෙසේ සැකසූ පොල් ගෙඩිය පෝරණුවක දමා පුළුස්සාගනී. යළි ඒ පොල් බෑ දෙක වෙන්කැරගත් විට රසවත් ආහාරයකි. රස කැවිළි සහ දෝසි වර්ග සෑදීමට ද දී කිරි යොදා ගැනීමට දෙණිපිටියේ ගම්වාසීහු උත්සුක වෙති.
    දී කිරි පුරුෂ ශක්තිය වර්ධනය කරන ආහාරයක් ලෙස මෙන්ම වාජීකරණ ඖෂධයක් ලෙස ද ආයුර්වේදයේ හැඳින්වේ.
    දෙනිපිටිය පරාි දේශවාසීන්ගේ අදහස භූමියේ දක්නට ලැබෙන වෙනසක් හේතුවෙන් මෙලෙස පොල්ගස්වල දී කිරි ගෙඩි හටගන්නා බවයි.
    ගැමියන් පවන්නේ දීකිරි ගෙඩියක් කිසිදා පැල කළ නොහැකි බවයි. දී කිරි සෑදෙන පොල් වල්ලක වෙනත් සාමාන්යි ගෙඩි පැල කළ විටකදී හටගන්නා පොල් ගස්වල දී කිරි ගෙඩි හටගන්නා අවස්ථා තිබේ. වැළිගම දෙණිපිටිය හා ඒ ආසන්නයේම පිහිටි වැලිපිටියේ සහ වැළිහිඳ යන ගම්මානයන්හි ද දී කිරි පොල් දක්නට ලැබේ. එවැනි දී කිරි මෙලෙස රෝපණය කළ ගස් කිහිපයක් අකුරැුස්ස, පිටබැද්දර සහ ගාල්ල පරේද දේශවලත් ලූණුවිල පොල් පර්යේෂණායතනයේත් දක්නට ලැබේ.
    ඇතැමුන් සිතා සිටින්නේ දී කිරි යනු රුහුණේ මී කිරි වලට කියන තවත් නමක් බවයි. නමුත් රුහුණේ දී දී කිරි යැයි කියන්නේ දෙණිපිටියේ පොල් ගස්වලින් ගන්නා දී කිරි ගෙඩිවලටය. ඇතැම් පරාි දේශ වලනම් එළදෙණුන් ගෙන් දොවාගන්නා කිරි දී කිරි ලෙස හඳුන්වයි. ලූෂන් බුලත් සිංහල හඳුන්වා ඇත්තේ ද බළල්ලූ සාක්කි දරන්නේද ඒ දී කිරි වලටය.
    දී කිරි ඇතිවීමේ විද්යාරත්මක පසුබිම පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂයානුබද්ධ නිලධාරී (ව්යාලප්ති කේ.ඒ.ජයසේකර මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
    දී කිරි ඇතිවීම පිිළිබඳ පර්යේෂණ සිදුකැර තිබෙනවා. මෙය පොල් ශාකයේ වෙනත් උප විශේෂයක් හෝ විකෘති තත්ත්වයක් නොවෙයි. පොල් ශාකවල ඇති නිලීන ජානයක් ඇතැම් අවස්ථාවලදී ඉස්මතුවීම නිසා සිදුවන දෙයක්. මෙම නිලීන ජානය ඉස්මතුවීමට නිලීන ජානය සහිත පිරිමි මලකින් නිලීන ජානය සහිත ස්තීරිකෘ මලක් පරාගනය විය යුතුයි. දෙනිපිටිය පරි් දේශයේ එවැනි ශාක තිබෙන නිසා ඒවා එකිනෙක පරාගනය වී නිලීන ජාන සැකැස්ම සහිත පොල් ගෙඩි හටගන්නවා. ඇතැම් විට දී කිරි පොල් ගසකින් හටගන්නා පැලයක් වෙනත් පරමා දේශයකට ගෙනගොස් සිටුවා එයින් දී කිරි ගෙඩි බලාපොරොත්තු වුව ද හැදෙන්නේ සාමාන්ය් පොල් ගෙඩි පමණයි. නිලීන ජාන සහිත පුරුෂ මළකින් එවැනි ජාන සහිත ඩිම්බ අඩංගු ස්තීර්තී මලක් පරාගනය වීමේ සම්භාවිතාව ඉතා අඩු නිසා හුදකලා ගසකින් දී කිරි ගෙඩි හටගැනීමේ ඉඩකඩ අඩුයි.
    දී කිරි පොල් ගෙඩි පිළිබඳ විශේෂ පර්යේෂණයක් කළ පොල් පර්යේෂණායතනය එම ශාක පටක රෝපණය මගින් බිහිකැර තිබේ. එලෙස බිහිකළ ශාක දැන් රෝපණය කොට වසර හතරක් පමණ ගතවී ඇත. ඉතාමත් නුදුරු දිනක එම ශාක ඵල දරණු ඇත

    SOURCE : http://sajeewasatahan.blogspot.com/2011/12/blog-post_14.html


    මාත් මේවගෙන් පැලයක් හොය හොය ඉන්නවා ලුණුවිල පොල් පර්යේශනායතනෙන් ගන්න පුලුවන්ලු වෙය්ටින් ලිස්ට් එකක ඉන්න ඕනලු හරියට දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්තූතියි නැවත එන්න අලුත් නූලක් එක්ක :D

    Rep ++++++++++
     
    • Like
    Reactions: SinhaRuba

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Owa kauruth wadiya kaalat naa dannet naa ban...

    Mama nam podi kaale ona tharam kaala tiyanawa...

    Oke pani wage sudu paata jatiyakit tiyanawaa...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා නම් මං දන්නෑ.. පැල පොල් මද නම් කාලා තියෙනවා හම්බානෙකට ඒ කාලෙ.. අපේ ගෙවල් ගාව පොල් තෙල් හිඳින පොට් එකක් තිබ්බා..:dull:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    එල සීන් .. තැන්ක්ස් මචන්

    බලපන් ඉතින් එකෙත් හැටි.. ඒ අහම්බෙන් හැදෙන ගෙඩියට ත් හම්බයෝ කොටන හැටි
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Machan la ape gedara gahak thiyanwa samaharadawas walata pol kaduwama gedi 3k 4k ahu wenawa me kiyapu katha sahathika aththa mara rasai pani ekka kawama man godak ayata gihin dila thiywnawa mokada dakalawath nathi aya inan nisa mewa kawama mahath wenawa kiyalath kiyanwa hambai matanam eka danila na mara soft ban made eke athule nikan gam wage liquid ekak thiyanwa special rahak nam na