දුකින් මිදීම සඳහා අප්රමාදී වෙමු
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනී,
මේ පින්වත් සියලූ දෙනා දැන් සුදානම් වෙන්නේ තමන්ගේ වටිනා මනුෂ්‍ය ජිවිතේ තවත් වටිනා බවට පත් කර ගන්න ඒ වගේම මේ ලබපු මනුෂ්‍ය ජිවිතේ හිස් නොවන විදියේ අර්ථාන්විත තත්වයට පත් කර ගන්න තමන්ට හේතු කාරනා වන වටිනා සද්ධර්මය බිදක් ශ්‍රවනය කරන්න. දන්දෙන කෙනෙකුට මෙලොවදී ම ලැබෙන ආනිශංස රාශියක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ අතරින් මේ පින්වතුන්ට දිට්ධ ධම්ම වේදනිය වශයෙන් මෙලොවදී ම ලැබෙන ආනිශංසයක් වුනා කළ්‍යාන මිත්‍ර ඇසුර ඇසුරු කරන්නට ලැබෙන බවත් සසර දුකින් අත මිදෙන්න උපකාර වන සද්ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙන බවත් ඒ නිසා පින්වතුන් දැන් මේ සුදානම් වෙන්නේ සසර දුක් ගිනි නිවීම පිණිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කල සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවනය කරන්න.
හැම දෙනාම මේ කය නිසලව තියෙනවා වගේ සිතත් නිසල කරගෙන සන්සුන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණුවල සිත දුවන්ට නොදී බොහොම හොඳින් මේ දහම අහන්න ඕනෙ. සිහි කරන්න ඕනෙ.
කුමක් නිසා ද පින්වතුනි?, අප හැම දෙනා ම නොදන්නවා වුනාට අති දිර්ඝ කාලෙක ඉදලා අති දිර්ඝ මේ සංසාරේ තුල ඉදගෙන අපි හැම කෙනෙක් ම නොයෙක් විදියේ ක්‍රම උපායන් හොයමින් ජීවිතයේ දුක අයින් කරගන්න වෙහෙසුනු අය. ඒත් අපි හැම දෙනාටම ජීවිතය තුලින් ලබාගන්න නොහැකිවුණු නොහැකිවන කරුණත් දුක් සහගත බව ජීවිතවලින් අයින් කර ගන්න. සැප සැනසිල්ල කියන ඒක අපේ ජිවිත වලට ලගා කර ගන්න. ඒකට හේතුවක් මේ මුලූ ලෝකයේ ම දුක නැති කරන්න හදන්නේ දුක ඇති වෙලා තියෙන්නේ කොහොම ද කියන කාරණාව තේරුම් ගෙන නෙමෙයි. දුක ඇතිවන කාරණාව පැත්තකින් තැබේවා දුක කියන ධර්මතාවය මොකක්ද කියන ඒක තේරුම් ගෙන නෙමෙයි. ඒකත් පැත්තකින් තැබේවා තමන් කරන්නේ මොකක්ද කියන කාරණාවවත් තමන් තෝර ගෙන නෙමෙයි.
ඉතින් මේ විදියේ මුලා බවකට අපිට පත්වෙන්න වුනේ අපි පත්වුනේ මේ සසර දුක නිමා කරන සද්ධර්ම අවබෝධය අපිට නොලැබුනු නිසයි. ඒ නිසා අද දවසේ දී මේ ජිවිතයේ අපි කොහොම හරි සද්ධර්මය අවබෝධ කර ගන්ත ඕනෙ. ඒ සඳහා බොහෝ ම වටිනා අවස්ථාවක් අපිට හම්බ වෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ ඒ වගේම මනුෂ්‍ය ජිවිතේ සද්ධර්මය පවතින වට පිටාවක.
ඇයි මේ සද්ධර්මය අපි අවබෝධ කර ගත යුත්තේ? ඒ සද්ධර්මය අවබෝධ කර ගන්න ඇයි අප වෙහෙසෙන්න ඕනෙ?
මෙන්න මේ කාරණාව අපට තේරුම් යන්න ඕනෙ මේ කාරණාව තේරුණොත් විතරයි. අපි සද්ධර්මයට කැමති වෙන්නේ ඒ කාරණාව තේරුම් යන්න නම් අකමැත්තෙන් වුනත් සද්ධර්මය අහන්න වෙනවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර තියෙන්නේ ඒ නිසයි. සද්ධර්මයට රුචිකත්වය නැති බෙහෙවින් හිත නොනැමුනත් අපේ කළ්‍යාණ මිත්‍ර ඇසුර අපිව සද්ධර්මයට යොමු කරවනවා. අහම්බෙන් නමුත් යොමු කරවන කොට ඒ සද්ධර්මය අපට තේරුණාම එදා ඉදලා අපිට අපේ කැමැත්තක් ඇති වෙනවා.
ඒකට හොද නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඝටීකාර කියල මානවකයෙක් වෙලා උපන්නා, හැබැයි බොහොම පහත් කුලයක රොඩි කුලයක. මෙයාට බ්‍රහ්මණ කුලයේ උපන්න යාලූවෙක් හිටියා ජෝතිපාල කියලා. මේ දෙන්නා හරිම යාලූයි, හරිම විශ්වාසවන්තයි. හැම කටයුත්තක්ම කරන්නේ දෙන්නා ඒකට එකතු වෙලා. ඒ වුනාට මේ රොඩි කුලේ උපන්නත් ඝටීකාර හරි ම බුද්ධිමත්. එයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශ්‍රද්ධාව ඇති කරගෙන අනාගාමි වෙච්ච කෙනෙක්. තමන්ගේ යාලූවට කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අසවල් තැන වැඩ ඉන්නවා අපි ගිහින් බණ අහමු කියලා. නමුත් කැමති වුනේ නැහැ. කිහිප වතාවක් ම කිව්වා කැමති වුනේ නැහැ. බුද්ධත්වය කියන එක ඔහොම ලබන්න පුලූවන් එකක් නෙමෙයි. ඔය මුඩු මහණට මොන බුද්ධත්වයක් ද කියලා මේ විදියේ නොයෙක් නින්දා අපහාසත් කළා.
ඊට පස්සේ ඝටීකාර මානවකයා කියනවා එහෙනම් අපි නාන්න යමු කියලා. ජෝතිපාල මානවකයයි දෙන්නා නාන්න ගියාට පස්සේ නනා ඉන්න ගමන් ජෝතිපාල මානවකයගේ කෙස් වැටියෙන් අල්ලා ගන්නවා. ඝටීකාර අල්ල ගෙන වතුරේ ඔබාගෙන ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න යන්න එන්නේ නැත්නම් අත හරින්නේ නෑ කියලා. ඊට පස්සේ දඟලලා දඟලලා මම එන්නම් අත අරින්න කිව්වා.
ජෝතිපාල මානවක කල්පනා කරනවා මම බ්‍රහ්මණ වංශයේ උපන්න යහලූවෙක් උනත් ඝටීකාර රොඞී වංශයේ ඉපදුන කෙනෙක්. කෙස් වැටියෙන් අල්ලනවා තියා කෙනෙක් හිතන්නේවත් නැ. මගේ යහලූවා මෙහෙම කළේ ඒ කාන්තයෙන් ම විශාල අර්ථයක් ඇතුව. (අපි වගේ මොඩ කමට කිපුනේ නැහැ) මොකක් ද මේකේ හේතුව කියලා බැලූවා. පටිඝයක් තරහවක් ඇති කර ගත්තේ නැහැ. බැලූවා බලලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟට එක්කන් ගිහින් කිව්වා ස්වාමීනි මේ ජෝතිපාල මගේ යාලූවෙක් මෙයාටත් භාග්‍යවතුන් වහන්සේ බණ ටිකක් කියන්න කියලා.
ඉතාමත් සුලූ ධර්ම දේශනාවක් කරන කොට බොහෝ සෙයින් පින් පිරුණූ මේ ජෝතිපාල මානවකට ඒ සද්ධර්මය අවබෝධ වුනා. අවබෝධ වෙනකොට ඝටීකාරගෙන් අහනවා, ඇයි ඹබ මෙවැනි ශාසනයක පැවදි වෙන්නෙ නැත්තේ කියලා? ඊට පස්සේ කියනවා මගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නාගෙම ඇස් පෙන්නේ නැහැ ඒ දෙන්නට සලකන්න කෙනෙක් නැති හින්දා මං ගෙදර ඉන්නේ, නැත්නම් මම මහණ වෙලා කියලා. එහෙනම් මම මහණ වෙනවා කියලා ජෝතිපාල මානවක සාසනේ පැවදි වෙලා තෙවලා දහම ති‍්‍රපිටක ධර්මය සම්පුර්ණයෙන්ම ඉගෙනගෙන ධාන්‍ය අභිඥා ඉගෙන ගෙන තව බුදු කෙනෙක් පහල වුනා වගේ දිවි ඇතිතාක් ත්‍රිපිටකය භික්ෂුන් වහන්සේලාට ඉගැන්නුවා කියලා සඳහන් වෙනවා.
එතකොට බලන්න කළ්‍යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයට ගරු නොකල සද්ධර්මයට කැමති නොවුනු කෙනාගේ මනසත් කැමති වෙච්ච හැටි.
ඉතින් මේ පින්වතුන්ගේ මේ පින්වතුන්ට අනුකම්පා කරන තමන්ගේ දරුවෝ ඥතින් විසින් මේ පින්වතුන්ට සද්ධර්මය අහන්න යොමු කළා. මේ පින්වතුනුත් මෙයින් ප්‍රයෝජනයක් ගන්නට ඕනේ කියලා හිතලා බොහොම හොදින් බොහොම උවමනාවෙන් මේ ටික ශ්‍රවනය කරන්නන ඕනේ.
පින්වතුනි, මම අද ධර්ම දේශනාව සදහා මාතෘකා කලේ වටිනා ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”ධනං ධජේ අන්ගං රක්කමානෝ” මේ ලෝකයා තමන්ගේ අඟපසඟ රැකගන්න ධනය අතහරිනවලූ. මේ ශරිරයේ කොටසක් නැතිවෙන්න ගියොත් ඒක බේර ගන්න ගෙවල් දොරවල් වුනත් මිල මුදල් උනත් අපි අත හරින් නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න ඕනේ කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ”ධනං ධජේ අන්ගං රක්කමානෝ” ධනය අත හරිනවා ශරිර අඟපසඟ රැක ගන්නවා. ”අංගං ධජේ ජිවිත රක්ක මානෝ” සමහරු ශරිරයේ කොටස් අත හරිනවා ජිවිතේ රැක ගන්න. මේ දේ අත හැරියේ නැත්නම් ජිවිතේ නැති වෙනවා කිව්වොත් ඒ කොටස අත හරිනවා ජිවිතේ රැකගන්න. ”ජිවිතං අංගං ධනං ධජේ ධං මනුෂ්‍ය ගන්තෝ” ධර්මය සිහි කරන ධර්මයට ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජිවිතයයි ධනයයි අංගයි කියන මේ තුනම අත හරිනවලූ ධර්මය අභියසදි.
ඒකට හොඳ කථාවක් තියෙනවා. මේ කතාව ඉස්සර වෙලා ම කියන්නම්. මේ ලංකාවේ බෝහෝම ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු දෙමහල්ලන්ට හිටියා බොහො ම පින්වත් පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්නා ටිකක් ලොකු වෙනකොට ඒ දරුවන්ට තමන් සතු සියලූ ම ධනය සමානව බෙදලා දුන්නා. මේ දෙමව්පියෝ දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්නා කලූරිය කලා.
ඉතින් මේ අයියයි මල්ලියි දෙන්නා දැන් මේ සිටු දෙමහල්ලන් සතු ධනය පරිහරණය කරමින් ජිවත් වෙනවා. අයියගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදියට හිතනවා ජිවිතය ගැන. ඉතින් මනුෂ්‍යයෝ විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අරගෙන යන කොට මෙයා කල්පනා කරනවා ඇයි මේ මනුෂ්‍යයෝ මල් පහන් අරගෙන යන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇති කියලා. මෙයත් ඒ පස්සෙන් දුවනවා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහන කොට ජිවිතේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුනා. බණ අහනකොට තිස්සට තේරුණා යම් තරුණකමක් මහළුකමෙන් අවසන් වෙනවනම් මේ තරුණ කමෙන් පලක් නෑ නේද? නින්දා වේවා. යම් ජිවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජිවිතයෙන් පලක් නෑ තේරුමක් නෑ නේද? මේ ජිවිත නින්දා වේවා. යම් එක් වීමක් වෙන් වීමකින් අවසන් වෙනවනම් ඒ එකවීමෙන් පලක් නැහැ නේද කියලා මේ වගේ ජීවිතේ ලෝකයා හිතන දේට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුනා. අනන්ත ජාති සංසාරික වු ජරා මරණ දුක තමන්ගේ පිටුපසින් වධකයෙක් වගේ හඹාගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න පටන් ගත්තා.
පසුව විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා ස්වාමිනි මාව මහණ කරන්න කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා තිස්ස ඹයා අවසර අරගෙනද ආවේ? ගෙදර කවුරු හරි ඉන්නවද අවසර ගන්න. ස්වාමිනි මට එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිගෙන් අවසර ගත්තද කියලා ඇහුවා ම, නැහැ ස්වාමිණී. එහෙනම් තිස්ස යන්න ගිහින් මල්ලිගෙන් අවසර ගෙන එන්න කිව්වා. මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලි ගාවට ගිහිල්ලා කියනවා, මල්ලි මේ ජිවිතය හරි ම නිසරුයි ජරා මරණෙන් අවසන් වෙනවනම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නැහැ. ඒ හින්දා මල්ලි මට මහණ වෙන්න ඕනේ කියලා. ඒ පාර ඒ මල්ලි අඩන්න පටන් ගත්තා. අයියයි මායි විතරයි හිටියේ අම්මා තාත්තත් නැ. මට අයියා, අයියා විතරක් නෙමෙයි. මට අම්මත්, මට තාත්තත්, අනිකුත් ඥතින් ඔක්කොම ඔයයි. ඒ හින්දා අනේ අයියේ මහණ වෙන්න නම් එපා. මගේ ධනයත් ඕනේ නම් ගන්න කියලා මල්ලි කිව්වා. මල්ල විවාහ වෙලා හිටියේ. අයියා ගොඩක් කරුණු කියලා අන්නිමට කිව්වා මල්ලි මං සතු සියලූම ධනය ඔයා ගන්න මට එක ම එක දෙයක් දෙන්න. මොකක් ද කිව්වා, මට මහණ වෙන්න අවසර විතරක් දෙන්න කිව්වා.
මෙහෙම නැවත නැවත කරදර කරන කොට මල්ලි අඬ අඬා අයියගේ කැමැත්තක් එහෙනම් කරන්න. මහණ වෙන්න අවසර දුන්නා.
ඒ අයියගේ සියලූම ධනයත් මල්ලිට පවරලා දීලා අයියා විහාරස්ථානයට ගිහින් මහණ වුනා. මහන වෙලා තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉල්ලගෙන පාංශුකූල චිවරයක් පොරව ගත්තා. පාත්තරයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැලේ ඇතුලේ ගල් ලෙනකට ගියා.
උදැසන ගමට ගිහිල්ලා පිඬුසිගා වඩිනවා. හම්බ වෙන පිණ්ඩපාතේ රස දෙයක් ද, නීරස ද කියලා බලන්නේ නැ. සිහිල් වෙච්ච දෙයක් ද, රස්නේ දෙයක් ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි පැවැත්ම පිණීස ම පිණ්ඩ පාතය ඇසුරු කලා. අප්‍රමාදිව මේ වන අරණෙ ගල් ලෙනට වෙලා භාවනා කරනවා.
ඔහොම ඉන්න අතර මල්ලිගේ බිරිඳට එක්තරා විදියේ ක්ලේෂයක් ඇති වුනා. අයියගේ තියෙන සියලූම ධනය අපට පවරලා දීලා මහණ වුනේ, මහා විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවදි ජීවිතේ ගැන කල කිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනය එයාට දෙන්න වෙනවා. මේ ධනය ගන්න එන්න ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් මෙයාව මරන්න ඕනේ කියලා මල්ලිගේ බිරිඳ අදහස් කර ගත්තා. කරගෙන මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් ගෙනල්ලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කිව්වා, අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරුනමක් මෙන්න මේ හාමුදුරුවන්ව මරන්න ඕනේ. මරලා ආවාම මම මීට වඩා තව වැඩිපුර මුදලක් දෙනවා කිව්වා.
ඉතින් මේ ලෝකයේ මුදල ලැබෙන කොට මුදල සදහා ඕනෙම දෙයක් කරන්න සුදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටි මේ අය භාරගත්තා. භාරගෙන කැලේ ගල්ලෙනට ගියා තිස්ස හාමුදුරුවෝ මරන්න. තිස්ස හාමුදුරුවෝ යනකොටත් බොහොම විර්යයෙන් භාවනා කරනවා. මේ ඔක්කොමලා වට කරගත්තා තිස්ස හාමුදුරුවන්ව. තිස්ස හාමුදුරුවෝ අහනවා උපාසකවරුනි කුමක් නිසා මෙහාට ආවද? අපි ආවේ ඹබ වහන්සේව මරන්න කිව්වා. මාව මරන්නේ ඇයි? මාව මැරිමෙන් ඔබට එන ලාභය මොකක් ද? ඔබ වහන්සේ මැරුවාම අපට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ කිව්වා. මැරුවට කමක් නැහැ, එත් මට එක දවසක් දෙන්න. තව එක දවසකින් පස්සේ මාව මරන්න කිව්වා. ඊට පස්සේ මේ හොරු කියනවා නෑ නෑ ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස්වහලා පැනලා යන්න. කපටි කමට එක දවසක් වත් දෙන්න බැහැ. දැන් අපි ආපු කාරණය කරනවා කියලා කඩුව ඇදලා ගත්තා.
ඊට පස්සේ කියනවා තිස්ස හාමුදුරුවෝ ඇවැත්නි, උපාසකයිනි, එක දවසක් මට දෙන්න. ඒ වෙනුවට මං ඹබට ඇපයක් දෙන්නම් කියලා .මේ කැලේ කවුද ඹබ වහන්සේට ඇප වෙන්නේ කියලා ඇහුවා. ඉඳගෙන ඉන්න ආසනේට එහා පැත්තේ තිබුනා මහා විශාල කළු ගලක්. අපහසුවෙන් මේ කළු ගල ඹසවලා අරගෙන තමන්ගේ කකුලේ කලවා ඇට දෙකට වේගෙන් ගහලා ඇට දෙක බිඳ ගත්තා. ඇවැත්නි, මේ ඇපය ඇද්ද කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරිම සංවේගයක් ඇතිවෙච්ච හොරු හරිම සංවේගෙන් ඇති ස්වාමිනි කියලා යන්න ගියා.
දැන් ඉතින් සක්මන් කරන්නත් බැහැ. ආපහු කොහාටවත් යන්නත් බැහැ. මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුලේ කකුල කැඩිම නිසා ඇති වෙච්ච වේදනාව අරමුණු කරලා සියලූ කෙලෙස් නසලා රහත් බවට පත්වුනා. ඒ කකුලේ කලවා ඇට බිඳගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා, කෙලෙස් සහගතව ජීවත් වෙනවට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කලා. ඒ නිසා කෙලෙස් සහගත ව කලූරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්න කොට මෙහෙ ම එක සැරයක් නෙමෙයි කකුල් කැඩෙන්න ඇත්තේ. ඕනේ තරම් මේ කකුල් දෙක කැඩෙන්න ඇති. ඒ ධර්මය වෙනුවෙන් මං මේ කකුල් දෙක කඩා ගත්තට කමක් නැ කියලා තිරණය කරලයි කකුල කඩා ගත්තේ.
පින්වතුනි, අපට තියෙනවා හිතන්න ජිවිතය ගැන ගොඩාක් දේ මේ තුලින්. ඒ හාමුදුරුවෝ සද්ධර්මයට ජිවිතේ පුජා කරලා ඒ වගේ ක්‍රියාවකට පැමිණුනේ පින්වතුනි මේ අනවරාග්ර වු සංසාරේ ගැන යම් පමණක හෝ දැනුමක් අවබෝධයක් තිබුනු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපට නැති නිසයි, අපි බයක් සැකක් නැතිව මේ ජීවිතේ ජීවත් කරන්න ගෙවන්නේ.
ඉතින් මේ සද්ධර්මය අපිට හරියට තේරුණොත්, අපි වුනත් අපේ ජීවිතය සද්ධර්මයට පුජා කරන්න මැලිවෙන්නේ නැහැ.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
”අනම තග්ගෝ යං භික්ක වේ සංසාරෝ පුබ්බා කෝටි න පඤඥායතේ අවිද්‍යා නිවරණානං තන් හා සංයෝජනං සන්ධාවතං සංසරිතං මවන්චේ වත මහා කංච”
මහණෙනි, මේ සසර අති දිර්ඝයි. මේ අති දිර්ඝ සංසාරේ පුර්ව කෙලවරක් හොයන්න බැහැ. ඒ දිර්ඝ සංසාරේ එන කොට, තමන්ට ඇග ලේ කිරි කරලා තමන්ගේ මව්වරුන්ගේ දුකට හඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම්, සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. දහඩිය මහන්සියෙන් හම්බ කරලා තමන් ව පෝෂණය කල පියා ඒ වගේ ම තමන්ගේ තුරුලේ තියාගෙන බොහෝ ම සෙනෙහසින් හදපු දුව පුතා වැලි කෙලියේ පටන් තමන්ගේ ලගින් හිටපු සහෝදරයා සහෝදරී අනෙක් ඥාති හිතෛෂීන් මැරෙන කොට ඒ දුකට පපුවේ අත් ගසමින් අඬනකොට ඒ ගැලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.
ඒ විතරක් නෙමෙයි මේ දිර්ඝ සංසාරෙ අප හැම කෙනෙක් ම මනුෂ්‍ය ආත්ම වලට වඩා ලබලා තියෙන්නේ වැඩිපුර තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලබපු ආත්ම වලදී බෙල්ල කැපුම්, කනකොට බෙලි කැපුම්, කන කොට ගලා ගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන්නම් සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. පෙන්නලා බුදුහාමුදුරුවෝ නැවතත් මෙහෙමත් දේශනා කලා.
මේ පටිච්ච සමුප්පාදය නැමති ධර්මතාවය දන්නා වු මේ සද්ධර්මය ඇසූපිරූ ඇති කෙනෙක් ඇරෙන්න මගේ මේ වචන විශ්වාස කරන්නේ නැහැ. අනෙක් අය කියලා ඒ අයට හිතෙන්නේ මේක අතිශෝක්තියක් මවා පෑමක්, මවා පෙන්වීමක් කියලා. ඇයි මහා සාගරයට වඩා වැඩියි අඩපු කඳුළු කියන කොට.
නමුත් පිනවතුනි, බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිව යහපත් මාර්ගයට ගන්නවත්, බොරු කියන කෙනෙක් නෙමෙයි. බොරුවෙන් උපමා කරන කොනෙක් නෙමෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක් ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපට පෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ සංසාරේ එනකොට, ඇස් දෙක අන්ධ වෙලා, ගල් මුල් වල පය හැපි හැපි ජිවිතේ අවසන් වුනු වාරත් ඕනතරම් ඇති. අතපය හතර නැති වෙලා, කොටයක් වගේ වෙලා කිසි කෙනෙකුගේ හව් හරණක් නැතිව ජිවිතේ අවසන් වෙච්ච වාරත් අපේ ඕනතරම් ඇති. ඒ වගේම ජීවත්ව ඉන්නකොට පණුවෝ ගහලා, හොරි කුෂ්ධ හැදිලා මැරුණු වාරවල් ඕනතරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු වාරවල් ඕනතරම් ඇති.
අද සිහි කරලා බලන්න මේ ලෝකේ දිහා මොන තරම් අනතුරු තියෙනවද? මොන තරම් ලෙඩ රෝග වල ප්‍රභෙද තියෙනවද? ඒ ඔක්කෝම මේ සසරේ, අපි ඉන්නෙත් මේ සසරේ. ඒ හැම දේකටම නෑදැකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා, අපට මේ සසරේ ඇති භයානක කම තේරෙන්නේ නැහැ.
පින්වතුනි අපේ ජිවිතය ගැන අපි මීට වඩානම් ටිකක් හිතන්න ඕනේ. එකම එක දෙයක් හොඳට සිහිකරලා බලන්න. ඇයි අප ජිවත් වෙන්නේ කියලා. අපි ජිවත් වෙන්නේ මොකට ද කියලා.
අපි උදේ ම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා. කෑම කනවා. මේ ටික ඇයි අපි කරන්නේ? මෙහෙම කර කර ඇයි අප ජිවත් වෙන්නේ? අපි මේ කරන ක්‍රියාවන් ඉතා සියුම් විදියට නිරික්ෂණය කරලා ගවේෂණය කරලා බැලූවොත්, අපිට තේරෙයි අපි හැම කෙනෙක් ම උත්සහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති කරුණත්, ලැබිලා නැති කරුණත්, දුක නැති කරගන්න එක. සැනසිල්ල ලබාගන්න එක. ඒ සඳහා මාවතක් ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපිට එහෙම අවශ්‍යතාවක් දැනිලා නැහැ. අපිට අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. අපේ වටපිටාවේ හිස් බවක් නොදැනෙන නිසා, අපිට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපට පේන්නේ නැහැග ඒක අපට සිහි කරගන්න නුවණ ශක්තිය මදිවෙලා. අපි වටා තියෙන්නේ මෙහි ධර්මයන්ගේ ආදිනව ටික.
එක්තරා දවසක් එක්තරා කාලෙක එක පවුලක් හිටියා. අම්මයි, තාත්තයි, දුවයි, පුතාලා දෙන්නයි. මේ අම්මයි, තාත්තයි හරි මිත්‍යාදෘෂ්ටිකයි. දහමක් නැහැ. දහමකට කැමති නැහැ. තාත්තා ඒ කුඹුරු වතුපිටි වලටමයි තන්හාව. ඇවිල්ලා උදේ ඉදන් ඒකමයි කරන්නේ. ඒකට පුදුම ආසාවක්. අම්මා ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරනවා. ගෙදරට පුදුම ආසාවක්. ඒ වත්තේ ලස්සන විලක් තියෙනවා නංගි මේ විලට බොහොම ආසයි. මල්ලිටත් කිසි ම දහමක වුවමනාවක් නැහැ. නමුත් අයියා මේ අය ඔක්කෝටම වඩා වෙනස්. අයියා පන්සලට විහාරස්ථානයට ගිහිල්ලා බණ අහලා ජීවිතේ ගැන කලකිරිලා අයියා මහණ වුනා. මහන වෙලා ටික දවසක් අප්‍රමාදිව කටයුතු කරන කොට සියලූ ම කෙලෙස් නසලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනා. පත් වුනා ට ගෙදර අය අයියා තමන්ගේ දරුවා වෙනුවෙන් කියලවත් දානයක් දෙන්නේ නැහැ. ශිලා දි ගුණ ධර්මයක් අහලවත් නැහැ.
මේ විදියට කටයුතු කරගෙන ඉන්නකොට කාලයක් යන කොට අම්මත් මැරුණා, තාත්තත් මැරුණා. හදිස්සියේ රෝගයක් හැදිලා නංගිත් මැරුණා. මල්ලි විතරයි ගෙදර දැන්. මල්ලි සියලූ ම ධනයට හිමිකරුවෙක් වෙලා. දවසක් මේ රහතන් වහන්සේ ගෙවල් තියෙන පාරේ පිඬුසිගා වඩිනවා. වඩින කොට මල්ලි තමන්ගේ කුඹුරට ආපු විශාල ඌරෙක් ව මරලා අරගෙන එනවා. හාමුදුරුවෝ එනවා දැකලා ස්වාමිනී අද දවසේ අපේ ගෙදරට දවල්ට දානෙට වඩින්න කියලා ආරාධනා කළා.
මොකක් ද හේතුව? මට විශෙෂ ආහාරයක් පුජා කරන්න තියෙනවා. මෙහෙම මස් වගයක් තියෙනවා කියලා. කොහෙන් ද කියලා අහනකොට මේ ඌරෙක් මරලා තියෙන්නේ. රහතන් වහන්සේ කිව්වා හොදයි ඔය ඌරා කපන්න එපා, මම එනකං තියා ගන්න කිව්වා. හමුදුරුවො ගෙදරට වැඩිනතුරු ඌර තිබ්බ.
හාමුදුරුවො ගෙදරට වැඩියට පස්සෙ ඌර කපන්න ඉස්සර කිව්ව ඔය ඌරගෙ බඩ පලල බලන්න ඌරගෙ බඩ ඇතුලෙ ඇති විශාල ගැරඬියක් කියල. ඊට පස්සෙ ඇත්තටම කියපු විදිහට බලනකොට ඌරගෙ බඩ ඇතුලෙ විශාල ගැරඬියෙක් ඉන්නව. ඔය ගැරඬියගෙ බඩ පලල බලන්න ඔය ගැරඬියගෙ බඩ ඇතුලෙ ඇති විශාල ගෙම්බෙක්. පලල බලනකොට විශාල ගෙම්බෙක් ඉන්නව. ඊට පස්සෙ කිව්ව දන්නවද ඔය ඌර කව්ද කියල? ඔය තමයි ඔයාගෙ තාත්තා. දන්නවද ඔය ගැරඬිය කව්ද කියල? ඒ ඔයාගෙ අම්මා. දන්නවද ඔය ගෙම්බා කව්ද කියල? ඒ තමයි ඔයාගෙ නංගි.
පින්වතුනි සම්මතය කියන්නෙ මේක. අපි මගේ කියල, මම කියල නිෂ්ඵල දේ තුරුළු කරගෙන යම් අය නිසා ප්‍රමාද වෙනවනම්, එහා පැත්තට ගියහම අපේ ජීවිතේ පැහැරගන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ හතුරෙක් බවට ම පත්වෙන්න පුළුවන් සසර කය අපෙන්. අම්මා, තාත්තා, දුව, පුතා කියල එකම පවුලෙ හිටපු කිහිපදෙනා ඊට එහා පැත්තට ගිහිල්ල තමන්ගෙ ජීවිතේම ආහාරයක් කරගන්න මට්ටමට පත්වුනා. මේකෙන් මේ කතාව අහල මල්ලි හරීම සංවේගයට පත්වුනා. ඉතින් මේ මහරහතන් වහන්සේ ඒකම උදව් කරගෙන සද්ධර්මය දේශනා කළා. සම්මතය කියන එක තේරුම් ගන්න ඕනවට වඩා ඒ තුළ ගිලෙන්න එපා, ප්රමාදවෙන්න එපා.
මේකෙන් මේ පින්වතුන්ටත් මට මතක් කරන්න තියෙන්නෙ මේ පින්වතුන්ගෙ ජීවිතත් ගෙවෙන්නෙ මේ බුද්ධෝත්පාද කාලෙ මනුස්ස ජීවිතයක් ලැබිල සසර දුක නිමාකරන සද්ධර්මය තියෙද්දිත් තමන්ගෙ දරුවො, මුනුපුරෝ, ගෙවල් දොරවල් කියන මේව නිසානම් තේරුම්ගන්න හරිම අවාසනාවන්ත වටපිටාවක් අපිට තියෙන්නෙ කියල. ඒකාන්තයෙන්ම නොවුවමනා ලැබීමක් අපිට තියෙන්නෙ කියල.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ”වුත්තා මත්ති ධනං මත්තී ඉති බාලෝ උයංඤතී අත්තාහි අත්තනෝ නත්තී ඛුතෝ පුත්තෝ ඛුතෝ ධනං” මට පුත්‍රයන් ඉන්නවා, ධනය තියෙනව කියල නුවණ නැති කෙනා ලෝකෙ වෙහෙසෙනව කියල. ”අත්තාහි අත්තනෝ නත්තී ඛුතෝ පුත්තෝ ඛුතෝ දනං” තමාට තමාවත් නැති වෙනකොට අපි මම මම කියල, මගේ මගේ කියල ඇසුරු කරන මේ ශරීරයත් ඉදිමිලා, නිල්වෙලා, පුපුරල ඕජස් ගලල පොලවට පස් වෙනවනම් යම් දවසක ”ඛුතෝ පුත්තෝ ඛුතෝ ධනං” දරුවො කොහින්ද, පුතෙක් කොහින්ද කියල අහනව. ඇයි පින්වතුන් මේ ගැන හිතන්නෙ නැත්තේ? ඇයි ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතුවෙලා ඔහේ දුවන්නෙ? ඉදිරියෙන් යන එක්කෙනා එක්කෙනා මැරි මැරී වැටෙනව අපිට පේනව. ඇයි අපිට ඒ ගැන හිතෙන්නෙ නැත්තෙ? ලෝවැඩ සගරාවෙ පෙන්නනව කවියක් වීදාගම හාමුදුරුවො,
”අසල් ගේක හොරකම් ගිය දවසක
කුහක සිතින් සිඳිනේ තම ගෙය රැක
සියල් සතුන් මරු ගෙනයනවා දැක
කුසල් නොකර ඉඳිනේ ඇයි නොවැසැක”
අපේ ගෙදරට අල්ලපු ගෙදරට හොරෙක් පැනල බඩු මුට්ටු පැහැරගෙන හොරකම් කරගෙන ගියොත්, හෙට දවසෙ අපේ ගෙදරට පනියි කියල සැක සහගත සිතින් නිදාගන්නෙත් නැතුව ඇහැරගෙන ඉන්නවලූ. ඒත් එක්කෙනා දෙන්න මැරි මැරී යනව කිසිම සැකක් නැතුව බයක් නැතුව ඉන්නවලූ. ඇයි ඒ? අපි ගාව තියෙන කෙලෙස්වල සොභාවය තමයි අනිත් අය මැරුනත් අපි මැරෙන්නෙ නෑ කියන හැගීමක් අපිට තියෙන්නෙ. ඒක ක්ලේෂයක සොභාවය. නුවණින් ජීවිතය දිනුව මිසක, කිසීම දවසක කිසිම කෙනෙක් මේ හිත කියන කියන දේ කරල දිනුවෙ නෑ මේ සසරෙ.
ඉතින් මම මෙතනදි මතක් කලේ මේ ටික බුද්ධෝත්පාද කාලයක් වුනාට සමහරවිටක අපේ ජීවිත ගෙවෙන්නෙ අබුද්ධෝත්පාද කාලෙක විදිහට. ඕගොල්ලො විශ්වාසෙ තියාගෙන තියෙන්නෙ දරුමල්ලො මුනුපුරෝ ගැනනම්, දේපොල, වස්තුව, හරකබාන ගැනනම් මේ විශ්වාසය බොහොම පටු විශ්වාසයක්.
යමෙක් නිසා ඕගොල්ලො ප්‍රමාද වෙනවනම් ඕගොල්ලො තේරුම්ගන්න ඕගොල්ලො දුකට වැටුනු දවසට කවුරුවත් බේරගන්න එන්නෙ නැහැ. මරණෙන් පස්සෙ පැත්තකින් තබන්න මේ ජීවිතේ මේ කය අබල දුබල වෙලා, වලංගු නැති වෙලා. ටික ටික ජරා ජීර්ණ තත්වෙට පත්වෙනකොට, තමන්ට ගොඩක් ආදරෙයි කියනවනම්, තමන් ගොඩක් ආදරෙයි කියනවනම් ඒ දරුවන්ට කියන්න, පුතේ උඹ මට ආදරෙයි නම් මගෙ මහලූ බවින් ටිකක් අරගෙන මාව නිදහස් කරන්න. පුළුවන්ද? බැහැ. මේ කයට හරි හිතට හරි අධිකව දුක් වේදනාවක් දැනුනොත් පුතේ උඹ මගෙ දරුවනම් මට ආදරේනම් මේකෙන් ටිකක් දෙන්න පුළුවන්ද? බැහැ. ඇයි ඒ? ඕනවට වඩා අපි මෝඩවෙන්න, හොඳට තේරෙනව හොඳට පේනව අපේ ජීවිත අප සතුමයි කියල.
ඒ හින්ද මේ පින්වතුන් තමන් තමන්ට පිහිටක් කරගන්න. තමන් ලෝකෙට පිහිටක් කලා, උපකාරයක් කලා. දැන් හැම කෙනාම තමන්ටත් පිහිටක් කරගන්න. මේ මුළු ලෝකෙම දුක නැති කරන්න නොයෙක් ක්‍රම අනුගමනය කරනව. අපිත් ඒ ලෝකයා අතරෙ තවත් එක චරිතයක් වෙලා මිසක ඇත්තටම ජීවිතේ ගැන නුවණින් තේරුම්ගන්න ජීවිතයක් අපේ ගොනුවෙලා නෑ. මම මේ ටික මතක් කලේ අපිට සද්ධර්මයේ වටිනාකම තේරෙන්නෙ මේ ජීවිතේ යම් පමණක හෝ නිසරු බව දැක්ක කෙනෙකුටයි.

සාදු සාදු සාදු