ඕකෙ ආයිත් අහන්න දෙයක් නෑ බන්, අපි දෙන්නටම ඒ වගේ ආදර හැඟීම් ඇති වුනා. ඒක ස්වාභාවිකයිනෙ. ඒත් අපි දෙන්නා කැම්පස් ඉන්න කාලෙ ඒ හැඟීම් යට කරල තියා ගත්තා. මොකද එයාට කොල්ලෙක් හිටිය හින්දා. දැන් එයා මැරී කරල ඉන්නෙ ඒ කොල්ලව. දැන් එයාට ලස්සන ෂෝක් දුවෙක් ඉන්නවා. අපි මේ හැඟීම ගැන විවෘතව කතා කලේ ගොඩක් පස්සෙ. හැබැයි මචන්, අපි ඒ කාලෙ හොරෙන් අරව මේවා කරා නම් අපිට කවදාවත් අපේ යාලු කම මේ ව්දියට කිට්ටුවෙන් තියා ගන්න බැරි වෙනවා. ඒ හින්ද දැන් අපි දෙන්නට අපි දෙන්නා ගැන ලොකු සතුටක් තියෙනවා අපේ යාලු කම ගැන.
ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනව "when you gain a lover, you lose a friend" කියලා. ඒ කියන්නෙ අපි කාත් එක්ක හරි ලිංගික ඇසුරක් පැවැත්තුවොත් අපිට එයත් එක්ක තියෙන යාලු කම නැති වෙනවා කියල. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඇතිවෙන්නෙ ලිංගික ඊර්ෂ්යාව, ඒ වගේම තරහ.