අපේ අයියා කෙනෙක් අවුරුද්දකට විතර කලින් රට යවනවා කියලා කෙනෙක්ට මුදල් දුන්නා. මුදල ලක්ෂ 15ක්. මිනිහා කීප දෙනෙක්ටම නය වෙලා. ඒකයි රට යන්න හදලා තියෙන්නේ. අරූ රට යවන එකෙක් නෙවෙයි. පස්සේ තේරුණා අහුවුනා කියලා. ඉන්න ගෙදර ඈපෙට තියෙලා සල්ලි දීලා තියෙන්නේ. කොහොම හරි අරූ බලාපොරොත්තු දුන්නා අයියට රට යන්න බෑග් එකකුත් හොයා ගත්තා පව්. අහල පහල නෑදෑයොන්ට, යාළුවොන්ට ලක්ෂ 40ක් විතර දැන් ණය වෙලා පොලියට අරන්. ගෙදර රත්තරන් බඩු සින්නවෙලා එතනත් පාඩුයි.
අයියා වෘත්තියෙන් ගුරුවරයෙක්, පවුලේ පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මිනිහා කැම්පස් ගිහින් මේ තරම් ඒවට අහු වුනා කියන්නත් හිතා ගන්න බෑ.
දැන් තියෙන ගැටලුව දීපු ලක්ෂ 15 ආපහු ගන්නෙ කොහොමද කියල. මුදල් වංචාවක් නිසා CID එකට complain කරනවද ? මේ වගේ ගැටලුවක් විසඳාගන්න ක්‍රමයක් තියෙනම් ඔයාලා දන්නවනම් පින් අත්වෙයි කියලා දෙන්න. මොකද මේ මුදල ගත්තේ නැත්තම් අයියාගේ ජීවිතේ අනතුරේ. දැනටමත් ඉන්නේ ගොඩක් කලකිරිලා. ලොයාර්ලා අල්ලලා නඩු දාන්නවත් මිනිහා අතේ සල්ලි නෑ. මට මේකට උදව්ව කරන්න.