දුප්පත් ජනාධිපති

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දුප්පත් ජනාධිපති

    533608_549460805079382_737120790_n.jpg


    ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු
    උරුගුවේ රාජ්යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව
    "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි.
    ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම
    ජනතාවගේ සුභසාධන කටයුතු සදාහා යොදවන බැවිනි. ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට
    හිමි දශක ගණනක් පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි.
    ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද
    ඇත්තේ ඔහුගේ බිරිදගේ නමටය. ඔහුගේ මාසික ආදායම ඩොලර් 12 500ක් වන අතර එය
    ලෝකයේ ජනාධිපතිවරුන් උපයන මාසික ආදායම් හා සලකන කල ඉතා සුලු
    වැටුපකි. විශේෂත්වය වන්නේ ඔහු මින් ඔහුගේ වියදම්
    සදහා තබාගන්නේ ඩොලර් 1250ක් වන අතර වැටුපෙන් ඉතිරි 90%වම
    මහජනයාගේ සුභසිද්ධිය සදහා වෙන් කරනු ලැබේ.. 77ත් හැවිරිදි ඔහුගෙන් වරක් මාධ්ය මේ පිළිබද විමසූ විටෙක ඔහු
    පවසා ඇත්තේ "මම ඒ මුදල ගැන සෑහීමට පත්වෙමි, මන්දයත්
    මාගේ උරුගුවේ රාජ්යයෙහි ඊටත් වඩා අඩු මුදලින් ජීවත්වන මිනිසුන්
    සිටිනා බව මා දන්නා හෙයිනි" යැයි පවසමිනි. මොහුගේ පාලනයෙන් හෙබි උරුගුවේ රාජ්යය මේ වන විට "ලොව අවම
    දූෂිත" රාජ්යයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත. යාහූ පුවත් සේවයට අනුව ඔහු හට බැංකු ගිණුම් කිසිවක් නොමැති අතර ඔහු
    තම සරල ජීවිතය සිය සුනඛ සුරතලා "මැනුඑලා" හා සිය බිරිද සමග
    සතුටින් ගතකරයි. ජනාධිපති ධූර කාලය නිමවීමේන් පසුව මීටත් වඩා සරල
    ජීවිතයක් තම ආදරණීයයන් සමග තම ගොවිපලට වී ගත කිරීමට ඔහු අදහස්
    කරන බව වැඩිදුරත් පවසා ඇත...... උරුගුවේ ජනපතිවරයා මෙලෙස තම ධනය මහජනයා වෙනුවෙන් කැපකල
    ප්රථම ජනපතිවරයා නොවන අතර මීට අමතරව ජෝන් එෆ් කෙනඩි වැනි
    ඇමරිකානු ජනපතිවරුන්ද තම ධනය මහජනයා වෙනුවෙන් කැපකර ඇත.
    විශ්ලේෂකයන්ට අනුව මෙසේ වීමට හේතූන් වී ඇත්තේ ඔවුන් හට උපතින්ම
    පිහිටි ත්යාගශිලී මහත්මාගුණයන් හා උපතින්ම රටේ වංශවත් පවුල්වලින්
    පැවත ඒම හේතුවෙන් ඔවුනට රටේ මහජනයාගේ මුදල් නිර්ලජ්ජිත ලෙස සොරාගැනීමට අවශ්ය නොවූ බැවිනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ජනාධිපතිතුමත් ඔය වගේ තමයි,කෝ මේකේ ඉන්න එවුන් එක පිළිගන්නේ නැනේ :lol:
     
    Last edited:

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.
    1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
    2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
    4.ජාතික ඇදුම අදින්න ඕන.
    5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
    6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
    7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
    8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
    9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන.
    15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
    16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
    17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
    18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
    19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    manussayekuta jeewath wenna godak salli on na....
    ape hugak ayata oka therene nathi 1 thamyi prashne...:baffled:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.
    1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
    2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
    4.ජාතික ඇදුම අදින්න ඕන.
    5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
    6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
    7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
    8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
    9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන.
    15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
    16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
    17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
    18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
    19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.


    mehema unanam ela machan.ape ratawal diunu wenne neththe kisima adyapanayak nathi aya thanathuru walata yana nisa :(