දුමින්ද_ඉවරායි
අත්අඩංගුවට පත් වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය අද පැවසුවා.
මේ වන විට කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට පත් වූ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම වෙලේසුදාගේ සහ ඔහුගේ බිරිඳගේ ගිණුම් පරීක්ෂා කිරීමට ද නියෝග කෙරුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වෙලේ සුදාගේ කුඩු ජාවාරමට මන්ත්‍රී දුමින්ද හවුල්