දුරකතන_කලාව

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    දුරකතන කලාව
    spy-to-mobile.jpg


    ඕනෑම ප්‍රචාරක දැන්වීමක නොවැරැදීම ඇතුළත් අංගයක් වන්නේ වෙළෙඳ ආයතනයේ දුරකතන අංකයයි. දුරකතනය සොයාගත් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකතනය ව්‍යාපාරික මෙවලමක් වේවි කියා කවදාවත් නොසිතන්නට ඇත. දුරකතනය හෙවත් ටෙලිෆෝනය ඒත් නැත්නම් "තෙලබනුවෙ" ඉතිහාසය පිළිබඳව නොයෙකුත් රසවත් කතා ඇත.


    ටෙලිෆෝනය ගැන අදහස් පළ කළ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයකු කියා සිටියේ සෑම නගරයකටම ටෙලිෆෝනයක් ලබාදීම තම අරමුණ බවයි.
    ස්වයංක්‍රිය ස්විච් ක්‍රමය බිහිවීම පිළිබඳ කතාන්තරයත් හරිම රසවත්. ඇමෙරිකාවේ එක්තරා නගරයක මල්ශාලා හිමියකුගේ බිරිය ඒ නගරයේ දුරකතන හුවමාරු ස්ථානයේ "හලෝ ගර්ල්" කෙනෙක් ලෙස කටයුතු කළා. මේ හේතුවෙන් අවමංගල ආදී අවශ්‍යතාවන්ට මල් වුවමනා වී මිනිසුන් දුරකතනයෙන් මල් ශාලාවක් සම්බන්ධ කරන්නට ඉල්ලූ බොහෝ විට ඇය එම දුරකතන පණිවුඩය යොමුකළේ තම සැමියාගේ මල් ශාලාවටයි. මේ නිසා තමන්ට වන පාඩුව මකා ගැනීමට අනෙක් මල්ශාලා හිමිකරු නිර්මාණය කළ උපාය අද ස්වයංක්‍රිය ස්විච් මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. හලෝ ගර්ල් ගෙදර යවන්නට මේ උපාය ඉවහල් විය. ශ්‍රී ලංකාවේ අපත් දැන් දුරකතන භාවිතයෙන් බොහෝ ඉදිරියට පැමිණ ඇත. ජංගම දුරකතන හා රැහැන් නැති දුරකතන පද්ධති නිසා දුරකතන ව්‍යාප්තිය වඩාත් ඉක්මන් විය. මේ නිසා ව්‍යාපාරික ගනුදෙනු සිදුකරගැනීමේ එක් ප්‍රධානතම මාර්ගයක් බවට දුරකතන පත්වී ඇත. අද ත්‍රීවීල්කරුවන් පවා ජංගම දුරකතන මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු වර්ධනය කරගන්නා ආකාරය ප්‍රශංසනීයයි.


    කතා කරන්නට පුළුවන් නම් දුරකතනය පාවිච්චි කරන්නට පුළුවන් යැයි අප සිතුවද එය එසේ නොවේ. එහිදී සැලකිලිමත් විය යුතු කරුණු එමටයි. මේවා හරිහැටි නොකිරීම නිසා බිස්නස් ලැබීම කෙසේ වෙතත් නැතිවී යන අවස්ථාද කොතෙකුත් අප හට දක්නට ලැබේ. දුරකතන සංවාදයක් මැනවින් සිදුකිරීම ගැන අවධානය යොමුකිරීම, පාරිභෝගික සත්කාරය ගැන උනන්දු වන අයට විශේෂයෙනුත් පොදුවේ සෙසු සියලුදෙනාටමත් වැදගත්.


    හඳුනාගැනීම
    දුරකතන සංවාදයකදී මතක තබාගත යුතු මුල්ම කාරණය නම් එය කතා කරන පුද්ගලයන් දෙදෙනා එකිනෙකාගේ මුහුණ දකිමින් කරන කතාබහක් නොවන බවයි. සාමාන්‍ය කතාබහකදී අපට එක එල්ලේ දැකගන්නට පුළුවන් අනෙක් තැනැත්තා කවුරුද කියා. ඔහු හෝ ඇය කවුද? මේ මොහොතේ කවර තත්ත්වයකද සිටින්නේ? ආහාර ගනිමින්ද? වැඩක් පලක් කරමින්ද? තවත් කෙනෙක් සමඟ සල්ලාපයක යෙදෙමින්ද? කවර ආකාරයේ මනෝභාවයක සිටිනවාද? යන මේ කරුණු සියල්ල දැනගන්නට දැකගන්නට පුළුවන. ඊට අනුකූලව අපේ ඇමැතුම සකසා ගන්නටද පුළුවන.


    දන්නා හඳුනන කෙනෙක් නම් සුහදව සුබපතා, එසේ නැත්නම් "මට අසවලා" යනුවෙන් තමාව හඳුන්වාදීමක් මුලින්ම සිදුකරනවා. ඒ තැනැත්තාට බාධාවක් කළා නම් ඊට සමාව අයදිනවා. එසේත් නැත්නම් ඒ කරන කාරිය ඉවර කරනතුරු ඉවසා සිටිනවා.
    දුරකතනයේ තිබෙන බලය නම් අනෙක් තැනැත්තා කවර අවස්ථාවක, කවර තත්ත්වයක සිටියත් එක්වනම ළංවන්නට පුළුවන් වීමයි. එසේ නම් දුරකතන සංවාදයකදීත්, අර සාමාන්‍ය හමුවකදී ලෙසින්ම කටයුතු කිරීමයි. සුදුසු වන්නේ.


    * සුදුසු සුබපැතුමක් කරන්න "ආයුබෝවන්"
    * තමාව පළමුවෙන් හඳුන්වා දෙන්න "මම අසවලා"
    * මෙය කතාබහට සුදුසු වෙලාවක්ද? කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක් ගැනද? යන්නත් කෙටියෙන් සඳහන් කිරීම සුදුසු පිළිවෙළයි.
    සාමාන්‍යයෙන් ආයතනයක් කරා ගිය විට පිළිගැනීමේ නිලධාරිනිය හමුවී තමා හඳුන්වාදී අවශ්‍ය නම් හැඳුනුම්පත, නැත්නම් ඇමැතුම්පතක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිතයි. ගෙදරකට ගිය විට වුවත් සීනුව නාදකර තමන් කවුදැයි හඳුන්වා දීම පිළිවෙළයි.


    දුරකතනයෙන් කතා කළ විට අනෙක් කෙළවරේ සිටින දුරකතන පිළිගැනීමේ නිලධාරිනිය ඔබෙන් විමසුවොත් "කවුරුද? මේ අමතන්නේ කියා" "ඔබට වැඩක් නැහැ. මා කවුද කියා. කරුණාකර කළමනාකාරතුමාට දෙන්න" සමහර විට මෙය කියවන ඔබත් එසේ කියා ඇති. බලන්න එය කෙතරම් අසෝබනද කියා. අනෙක් පස සිටින තැනැත්තා කෙසේද දැනගන්නේ ඔබ කවුරුද කියා.


    තව සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කටහ¾ඩින් තමාව හඳුන්නාගත යුතුයි කියා. එයත් එතරම් නුවණැති ක්‍රියාවක් නොවේ. ඔබ කරන්නේ තරගයක් නම් විහිළුවක් නම් එයට කමක් නැත. ව්‍යාපාරික හෝ රාජකාරි දුරකතන පණිවුඩයකදී නම් එය සුදුසු නොවේ.
    තමන් හඳුන්වා දුන් පසු මේ කතාබහ කිරීම සුදුසුම මොහොතදැයි සැකහැර දැනගන්න. යම් ලෙසක මේ අයට අවස්ථාව නොවේ නම් යළි කතාකළ යුතු මොහොත කුමක්දැයි නියම කර ගන්න.


    පණිවුඩය ලබාගැනීම
    ව්‍යාපාරයක නැතිනම් ආයතනයක දුරකතන ඇමැතුම් පිළිගන්නා තැනැත්තා විසින් සිදුකරනු ලැබිය යුතු වැදගත් කටයුත්තක් තිබේ. සාමාන්‍යයෙන් යම් ආයතනයකට කෙනෙක් පැමිණියහොත් ආයතනයේ ඇති නාමපුවරු ආශ්‍රයෙන් තමන් පැමිණ සිටින්නේ කවර ආයතනයටද එහි කවර අංශයකටද කියා දැනගත හැකිය. ආයතනයේ වටා පිටාවෙන් පරිසරයෙන්ද මේ ආයතනය කවර ආකාරයේ තැනක්ද කියාත් තේරුම්ගන්නට පුළුවන්. දුරකතන ඇමැතුම් පිළිගන්නා තැනැත්තාට පැවරෙන වගකීම වන්නේ තම ආයතනය කුමක්ද කියාත්, එය කවර ආකාරයේ එකක්දැයි ඒත්තු යන ලෙස අමතන්නාගේ සිත් තුළ චිත්‍රයක් මැවීමත්ය.


    බොහෝ ආයතන දුරකතන ඇමැතුමකට පිළිතුරු දීමට සෑහෙන වෙලාවක් ගනී. එය සමාන වන්නේ ආයතනයට පැමිණි කෙනෙක් බොහෝ වේලාවක් යනතුරුත් ගණන් ගන්නේ නැතිව පිළිගැනීමක් සිදුකරන්නේ නැතිව සිටීමයි. ආයතනයකට පැමිණෙන කෙනකුට එසේ සිදුවන්නේ නැත. කවුරුන් හෝ සිනහවකට, පිළිගැනීමකට, භාජන වීම සිදුවෙතැයි අපේක්‍ෂා කළ හැකිය. කවුරුත්ම නැත්නම් ආරක්‍ෂක නිලධාරියෙක්වත් ඒ කටයුත්ත කරනු ඇත. දුරකතනයෙන් අමතන තැනැත්තාට කිසිවක් නොපෙනෙන නිසා ඉවසිය හැකි ප්‍රමාණය අඩුයි. ටෙලිෆෝනය තුන් වතාවක් නාදවන්නට පෙර ඇමැතුම පිළිගන්නට පුළුවන් නම් එය ඉතා හොඳ තත්ත්වයකි. දුරකතන ඇමැතුමක් සිදුකරන විට ඇති අඩු ඉවසීම, යාන්ත්‍රිකව අමතන්නන් පිළිගන්නා අවස්ථාවල තත්පර 30ක් ඇතුළත සබඳතාවක් නොලැබුණහොත් අමතන්නන් තම දුරකතනය විසන්ධි කරන්නට පෙලැඹීමෙන් පැහැදිලි වෙයි.


    එසේ නම් ආයතනික මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් ඇමැතුම පිළිගන්නා තැනැත්තා හඳුන්වා දීම ඉතා වැදගත්. නමුත් බොහෝදෙනා පුරුදු වී සිටින්නේ ටෙලිෆෝනය ගත් ගමන්ම "හලෝ" කියා කියන්නටයි. ආයතනයක් නම් "ආයුබෝවන් නම්... ආයතනයයි, වැනි කෙටි වදනක්ද, පුද්ගලයෙක් නම් "ආයුබෝවන් මේ..." එසේත් නැත්නම් හුදෙක් තමන්ගේ නම වුවත් පැවසීම සෑහේ. එවිට දුරකතනයෙන් අනෙක් කෙළවරේ සිටින තැනැත්තාට එකවරම තමා කතා කරන්නේ කාටද කියා දැනගන්නට පුළුවන්.


    අනෙක් තැනැත්තා අමතන්නේ ජංගම දුරකතනයකින් නම් නැත්නම් පොදු ටෙලිෆෝන් කුටියකින් නම් තමන්ගේ ඇමැතුම සම්බන්ධ වී ඇත්තේ කාටදැයි දැනගැනීමට හැකියාව කෙතරම් ප්‍රයෝජනයක්දැයි සිතා බලන්න. ආයතනයේ නම පමණක් නොව ආයතනය කවර ආකාරයේ තැනක්දැයි අනෙක් තැනැත්තාට දැනගන්නට සලස්වන්න දුරකතන ඇමැතුම පිළිගන්නා තැනැත්තාගේ කටහ¾ඩින් පුළුවන.


    ආයතනයකට පැමිණෙන ඕනෑම ආගන්තුකයකුට කෙටි සිනහවකින් සංග්‍රහ කිරිම සිදුනොවුණ ස්ථානයක් පිළිබඳ සිතාගන්නටවත් අසීරුය. එසේ නම් දුරකතනයෙන් එය සිදුකරන්නේත් එසේමයි. ඔබ ආමන්ත්‍රණය කරන විට මඳ සිනහවක් මුවගට නඟාගන්න. එවිට අනෙක් අන්තයේ සිටින තැනැත්තාට දැනේවි තමාව සුහදව පිළිගන්නා බව. එලෙසම ආයතනයේ ප්‍රතිරූපයට ගැළපෙන ආකාරයට බස හසුරුවීම වැදගත් වෙයි. "රෙකෝඩ්බාර්" එකක නැත්නම් "ශබ්දාගාරයක" දුරකතන පිළිගන්නියගේ කටහඬෙත් "මූල්‍ය ආයතනයක" පිළිගන්නියකගේ හ‍ෙ¾ඩ්ත් වෙනස එම ආයතනයන්ට ගැළපෙන ලෙස වෙනස් විය යුතුයි.


    තවත් කෙනෙක් සමඟ කතාබහ කරන්නට පෙර ඊට ඒ වෙලාව සුදුසුද නැද්ද යන්න තහවුරු කරගැනීම වඩා විනීත පිළිවෙළෙයි. එපමණක් නොව තමා බලාපොරොත්තු වන අවධානය අනෙක් තැනැත්තාගෙන් ලබාගත හැක්කේ එවිටයි. "මෙය එතරම් සැලකිල්ලට නොගැනීමට හේතුව තමන්ට අනෙක් කෙළවරේ සිටින තැනැත්තා කවර පසුබිමක සිටිනවාදැයි දැන ගැනීමට නොහැකි වීමයි. ඇත්ත වශයෙන්ම පෙර සඳහන් කළ ලෙස විමසිය යුත්තේද එනිසයි.
    යම් හෙයකින් තමන්ට දුරකතන ඇමැතුමක් ලැබුණු විට එයට පිළිතුරු දීමට අපහසු අවස්ථාවක තමා සිටී නම් ඒ බව සුහදව අනෙක් තැනැත්තාට දැන්වීමට තමන්ට හැකි විය යුතුයි.


    "මා මේ අවස්ථාවේ අවිවේකීවයි සිටින්නේ. තව විනාඩි කිහිපයකින් ඔබට කතා කරන්නම්" වැනි වදනක් ගැන කිසිවකුත් අමනාප වන එකක් නැත. නමුත් කතාබහ කරන අතරතුර අවධානය වෙනත් දෙයකට යොමු කරන බව අනෙක් තැනැත්තාට දැනුණහොත් එය නම් අවිනීත බවක් දනවනවා ඇති.
    මුහුණට මුහුණදී කෙරෙන හමුවකදී ආචාර සමාචාර පවත්වන්නේ යම්සේද දුරකතන ඇමැතුමකදීද වාචික ආචාර, සමාචාර පැවැත්වීම, තම තමන් හඳුනාගැනීම, මේ කතාබහට සුදුසු මොහොතක්ද කියා සහතික කර ගැනීමකි. එය සාර්ථක දුරකතන සංවාදයක මුල් පියවරයි.
     
    • Like
    Reactions: nitrox and Mcalle