දුව මොකෝ මං මොකෝ

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    දුව මොකෝ මං මොකෝ

    දුව මොකෝ මං මොකෝ දියණියට බසයේදී අසුන
    පරිත්‍යාග කළ තරුණයකුට මවගෙන් අපූරු පිළිතුරක්



    කුරුණෑගල දකුණ සමුහ එම්. මහරුප්

    ශ්‍රී ලංගම බස් රථය පිටකොටුවෙන් කුරුණෑගල බලා පිටත් වූයේ හරියටම පස්වරු හතරට පමණය. බස් රථය පිටත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ජැන්ඩි පහට ඇඳගත් තරුණයකු දුවගෙන විත් බසයට ගොඩ විය. ඔහු ඉඳගත්තේ බසයෙහි මැද හරියට වෙන්නට වූ අසුනකය.



    බස් රථය කඩවත පසු කරනවාත් සමගම ලස්සනට ඇඳ පැළඳගත් තරුණියක් තවත් කාන්තාවකද සමග බසයට ගොඩ වූහ. තරුණියට ඉඳගන්නට සුදුසු ආසනයක් නොවූ හෙයින් සිදුවූයේ සිටගෙන යන්නටය.

    ඒ අවස්ථාවේ සිට අර තරුණයාගේ හැසිරීම් රටාවද වෙනස් වෙන්නට විය. තරුණිය සිටගෙන සිටියේ තරුණයාගේ අසුනට ටිකක් ළං වෙන්නටය. වරක් දෙවරක් තරුණයා දෙසද බැලු තරුණිය ඔහුට මදහස පාන්නට වූවාය. එහාට මෙහාට ඇඹරුණු තරුණයාගේ වෑයම තම අසුන තරුණියට පූජා කිරීමය. තරුණියට එය දැනි ක්‍රමයෙන් තරුණයා සිටි අසුන වෙතට ඇය කිට්ටු වූවාය. තරුණයා හිසින් සංඥාාවක් දී ඇයට අසුන දී නැගිට්ටේය. සිදුවූයේ අනෙකකි. තරුණයාගේ අසුන ළඟම සිටගෙන සිටි වයෝවෘද්ධ කාන්තාව එක්වරටම එම අසුනෙන් ඉඳ ගත්තාය. තරුණයාට කරගත හැකි දෙයක් නොවීය.

    මේ! මේ!! නැගිටිනවා ඔහේට නොවෙයි මම සීට් එක දුන්නේ. මෙන්න මෙයාට. තරුණයා කෑ ගැසීය.

    ආ! මෙයාට? ඉතින් ඉඳගත්තාට මොකක් වෙනවාද? වයෝවෘද්ධ කාන්තාව විමසුවාය.

    ඔහේ ඉදගෙන කොහොමද? මම සීට් එක දුන්නෙ මේයාටනේ? තරුණයා පිළිතුරු දුන්නේය.

    ඔව් ඔව් එයාට වෙන්ඩැති සීට් එක දුන්නෙ! එයා වෙන කවුරුවත් නොවෙයි මගේ දුවනේ!!

    ඉතිං මං මොකෝ මගේ දුව මොකෝ!!

    එසේ කියූ කාන්තාව තවත් හොඳට හරි බරි ගැහී අසුනටම බර වූවාය.

    තරුණියට එකෙනෙහිම බක බක ගා හිනා ගියේය. බස් රථයේ මගීන්ගේ අවධානය තමන් වෙත යොමුවෙනු තරුණයාට දැනුනේය.

    කිසිත් කරකියාගත නොහැකි වු තරුණයා හිමින් සීරුවේම පිටුපසට ගිය අතර නිට්ටඹුව පසුවෙනවාත් සමගම බසයෙන් බැස ගියේය
    :P:P:P

    zzzz88.jpg


    Hodanam Rep++ dala Bump 1k dala yaman
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නෙ සිද්ධිය උනේ උඹටද :):sorry:
    lol මට උනා නං මමයි කියන්නෙ අම්මා මොකෝ දුව මොකෝ කියලා.. :lol:
    යකෝ කොල්ලා පිටකොටුවෙං නැග්ග එකෙක්.. ඒ කියන්නෙ කොළඹ කාක්කෙක්...
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ලු නැගලා තියෙන්නෙ ඔය බසයට

    වෙබ් සිරිපාල;12302468 said:


    ඒ කියන්නෙ සිද්ධිය උනේ උඹටද :):sorry:


    lol මට උනා නං මමයි කියන්නෙ අම්මා මොකෝ දුව මොකෝ කියලා.. :lol:
    යකෝ කොල්ලා පිටකොටුවෙං නැග්ග එකෙක්.. ඒ කියන්නෙ කොළඹ කාක්කෙක්...




    Tnx for the comments and bump eya rea ninda giya elaz.:love::love: