දුව මොකෝ මං මොකෝ
දුව මොකෝ මං මොකෝ දියණියට බසයේදී අසුන
පරිත්‍යාග කළ තරුණයකුට මවගෙන් අපූරු පිළිතුරක්
කුරුණෑගල දකුණ සමුහ එම්. මහරුප්
ශ්‍රී ලංගම බස් රථය පිටකොටුවෙන් කුරුණෑගල බලා පිටත් වූයේ හරියටම පස්වරු හතරට පමණය. බස් රථය පිටත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ජැන්ඩි පහට ඇඳගත් තරුණයකු දුවගෙන විත් බසයට ගොඩ විය. ඔහු ඉඳගත්තේ බසයෙහි මැද හරියට වෙන්නට වූ අසුනකය.
බස් රථය කඩවත පසු කරනවාත් සමගම ලස්සනට ඇඳ පැළඳගත් තරුණියක් තවත් කාන්තාවකද සමග බසයට ගොඩ වූහ. තරුණියට ඉඳගන්නට සුදුසු ආසනයක් නොවූ හෙයින් සිදුවූයේ සිටගෙන යන්නටය.
ඒ අවස්ථාවේ සිට අර තරුණයාගේ හැසිරීම් රටාවද වෙනස් වෙන්නට විය. තරුණිය සිටගෙන සිටියේ තරුණයාගේ අසුනට ටිකක් ළං වෙන්නටය. වරක් දෙවරක් තරුණයා දෙසද බැලු තරුණිය ඔහුට මදහස පාන්නට වූවාය. එහාට මෙහාට ඇඹරුණු තරුණයාගේ වෑයම තම අසුන තරුණියට පූජා කිරීමය. තරුණියට එය දැනි ක්‍රමයෙන් තරුණයා සිටි අසුන වෙතට ඇය කිට්ටු වූවාය. තරුණයා හිසින් සංඥාාවක් දී ඇයට අසුන දී නැගිට්ටේය. සිදුවූයේ අනෙකකි. තරුණයාගේ අසුන ළඟම සිටගෙන සිටි වයෝවෘද්ධ කාන්තාව එක්වරටම එම අසුනෙන් ඉඳ ගත්තාය. තරුණයාට කරගත හැකි දෙයක් නොවීය.
මේ! මේ!! නැගිටිනවා ඔහේට නොවෙයි මම සීට් එක දුන්නේ. මෙන්න මෙයාට. තරුණයා කෑ ගැසීය.
ආ! මෙයාට? ඉතින් ඉඳගත්තාට මොකක් වෙනවාද? වයෝවෘද්ධ කාන්තාව විමසුවාය.
ඔහේ ඉදගෙන කොහොමද? මම සීට් එක දුන්නෙ මේයාටනේ? තරුණයා පිළිතුරු දුන්නේය.
ඔව් ඔව් එයාට වෙන්ඩැති සීට් එක දුන්නෙ! එයා වෙන කවුරුවත් නොවෙයි මගේ දුවනේ!!
ඉතිං මං මොකෝ මගේ දුව මොකෝ!!
එසේ කියූ කාන්තාව තවත් හොඳට හරි බරි ගැහී අසුනටම බර වූවාය.
තරුණියට එකෙනෙහිම බක බක ගා හිනා ගියේය. බස් රථයේ මගීන්ගේ අවධානය තමන් වෙත යොමුවෙනු තරුණයාට දැනුනේය.
කිසිත් කරකියාගත නොහැකි වු තරුණයා හිමින් සීරුවේම පිටුපසට ගිය අතර නිට්ටඹුව පසුවෙනවාත් සමගම බසයෙන් බැස ගියේය

Hodanam Rep++ dala Bump 1k dala yaman