දෙකම අහිමි වීම
තම සබ්මැරීනයක් මේ මස 16 වන දින සිට සතියක් කොළඹ වරායේ නවතා තැබීමට චීනය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් බැහැර කර තිබේ. ඉන්දියාවට බියෙන් එසේ කරන්නට ඇතැයි සිතිය හැකි ය. චීනය මීට කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වනු ඇතිදැයි දැන්ම කිව නොහැකි වුවත්, නයාට ගසා පොල්ල වරද්දාගත යුතු නැති බවට වන සිංහල කියමන මෙහි දී සිහිපත් කළ යුතු ය. චීනය මෙම ඉල්ලීම හරහා කළේ ආණ්ඩුව තමා වෙත දක්වන අවංකභාවය ප්‍රසිද්ධියේ පිරික්සා බැලීමක් බව ද සිතිය හැකි ය.
මීට කලින් චීන සබ්මැරීනයක් ලංකාවට පැමිණි අවසාන අවස්ථාව වන්නේ 2014 වසරයි. මෙය දැනගත් ඉන්දියාව ලංකාවට දැඩි විරෝධය පා සිටියා ය. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රෝ ඔත්තු සේවයේ දැඩි අවධානයට ලක් වන්නේ ද ඉන්පසු ඔහු බලයෙන් පහ කිරීම සඳහා ලංකාවේ නියෝජිතයින් හරහා කුමන්ත්‍රණය ඉක්මන් වන්නේ ද මෙම සිදු වීමෙන් පසු ය.
රෝ කුමන්ත්‍රණයට නරේන්ද්‍ර මෝඩි සෘජුව සම්බන්ධ නැති බව විස්වසනීය ලෙස අපට සහතික කළ හැකි ය. ඉන්දියානු රාජ්‍ය හා ආණ්ඩුව යනු දෙකක් බව ඉන්දියා පිළිබඳ කතා කිරීමේ දී අප නිරන්තරව සිහි තබා ගත යුතු වැදගත් කරුණකි. සාමාන්‍ය ආණ්ඩුවට පිටතින් ක්‍රියාත්මක වන රෝ යනු ඉන්දියාවේ සමාන්තර ආණ්ඩුවකි. සැම දන්නා පරිදි, මහින්දට එරෙහි සියල්ල සිදුවූයේ මෝඩි බලයට පැමිණි අසබඩම ය. ඔහුට පවතින තත්වය පිළිබඳ නිසි තක්සේරුවක් නොතිබුණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දඩමීමා කර ගනිමින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට කළ දැඩි බලපෑම් හමුවේ, තමාට රට තුළ ජනවරමක් ඇති බව පෙන්වීම සඳහා ජනපතිවරණයක් පැවැත්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ විට, ...... /// සමාවෙන්න. මූලාශ්රයන්ට වන අගතිය සලකා මෙම කොටස අප විසින් ම වාරණය කරන ලදී///..... බටහිර බලපෑම පිරිමැසීම සඳහා තමා සතු එකම ජීවමාන සාක්ෂිකරු ලෙස ජනතාව ඉදිරිපත් කිරීමට මහින්ද තීරණය කරන ලදින් ඔහු ජනපතිවරණයට ගියේ ය.
මහින්ද-මෝඩි හමුව ඊයේ දින සිදුවන්නේ ද ඉහත පසුබිමේ බව සිතිය හැකි ය. මෝඩිගේ බොඩි ලැන්වේජ් හෙවත් ශරීර භාෂාවෙන් ද කියවුණේ මෝඩි විසින් රනිල්ට හා සිරිසේනට වඩා මහින්ද බැරැරුම් ලෙස ගන්නා බව ය. ලංකාවේ ආණ්ඩුව කුමන එකක් වුව ද, ලංකාවේ රාජ්‍ය තාමත් මහින්ද සතු බව මෝඩි දනි. විටෙක රෝ ඔත්තු සේවයට ද එම අවබෝධය ලැබී තිබෙන්නට පුළුවන. ඇරත් මෙවර ද රෝ ඔත්තු සේවයේ ලංකා ප්‍රතිපත්තිය ඔවුන් වෙත ම ආපසු කැරකී ආවේ ය. මහින්ද පරාජය කිරීමෙන් පසු, චීනය ලංකාවෙන් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණ වූයේ නම්, සිදු වූයේ එහි සපුරා අනෙත් පැත්ත ය. එනම් ලංකා රජය යටතේ තිබූ හම්බන්තොට වරාය හා එහි ඉඩම් ද ගෙඩිය පිටින් චීනයට සින්නකර ලැබීම ය. එය ප්රභාකරන් පෝෂණය කොට රජිව් ගාන්ධි මරා ගත්තා සේ ය. එවන් ගුරුහරුකම් පසුබිමක, මහින්ද හමුවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හේතුවක් නොතිබූ හෙයින්, හා තමිල්නාඩු හා වෙනත් දේශීය 'දෙබරයන්ට ගල් නොගසන' රිසියෙන්, උක්ත හමුවීම සඳහා මෝඩි විසින් මහින්ද ලවා ඉල්ලීමක් ගෙන්වාගත් බව ද වාර්තා වේ.
මේ සියල්ල විසින් කියන්නේ, ආණ්ඩුව අල්ලපු අත්ත හා පයගහපු අත්ත යන දෙක ම අහිමි කරගනිමින් සිටින බව ද? ඒ කෙසේ වෙතත්, අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තිබේ. ඒ නම්, තම නොහැකියාව නිසා ගිලිහී යන දේශපාලන පැවැත්ම සකසාගනු වස්, වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව හා චීනය යන දෙක ම පිනවීම අරමුණු කොට ගෙන රටේ ඕනෑම දෙයක් විකිණීමට සූදානමින් සිටින බව ය. මහින්ද සිටි කළ නොපැමිණි බලපෑම් දැන් එන්නේ එනිසා ය.
Mahinda Pathirana