දෙක පූට්ටු කර අමතන්න (18+ නෙමෙයි)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
දෙක පූට්ටු කර අමතන්න (18+ නෙමෙයි)

දෙක පූට්ටු කර අමතන්න (18+ නෙමෙයි)
දන්නවානේ ඉතින් නුවර බස් වහරයි දකුණු පලාතේ බස් වහරයි එකකට එකක් වෙනස් කියලා. ඉතින් අර ඉස්සර ඇස්. ඇල්. ටී එකට කට්ටිය ගන්න කාලේ දකුණු පළාතේ පොරක් ගියා ඇස්. ඇල්. ටී එකේ රස්සාවකට.
ඉස්සර ඉතින් ටේප් ප්ලේ කරේ සමහර දේවල් වලටනේ. දැන් ඉතින් නුවරින් කෝල් එකක් එනවා. අර අළුතින් 2ක් දාපු කාලේ අංකෙට. අන්න ඒ කාලේ. දැන් ඉතින් පොරට කියන්න ඕනේ අංකේ වැරදියි. අංක දෙක ඇතුලත් කර නැවත අමතන්න කියලා. ගමේ මිනිහනේ. ගමේ ක්‍රමේට කියනවා මෙහෙම.

"ඔබ දෙඩූ අංකය කෙප්පයකි, කරුණාකර දෙක පූට්ටු කර නැවත දොඩන්න"

තේරෙන්නේ නැති පොෂ් පොරවල්ලා ඉන්නවානම්
කෙප්පය = බොරුවක් (වැරැද්දක් කියලත් ඉතින් හිතමු)
දෙඩීම = කථා කිරීම
දෙක පූට්ටු කිරීම = අංක දෙක ඇතුලත් කිරීම


උපුටා ගැනීම: ලහිරුගේ සිංහල බ්ලොග් අඩවිය