දෙමටගොඩ චමින්ද

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දෙමටගොඩ චමින්ද

    භාරත නඩුවෙන් නිදහස් උනිනම් පැය 24ක් යෑමට මත්තෙන් පරලොව යෑමට නියමවූ දෙමටගොඩ චමින්ද

    භාරත ලක්ෂ්මන් සිද්ධිය නිසා “දෙමටගොඩ චමින්ද” ටත් මහාධිකරණයෙන් මරණ දඩුවම තීන්දුව ලෙස ලැබුණි.ඒ තීන්දුවත් සමඟ “ලංකාවෙ කුඩු හා සම්බන්ධ පාතාලෙ ඉවරයි” කියා සමාජ ජාලා වල යන කතාවක් දුටු නිසයි මේ ලිපිය ලියන්න අදහස් කලේ. දීර්ඝ ලිපියක් ලියන්න අදහසක් නැතත් චමින්දගෙ ඉතිහාසය කොයි වගේ ද කිය විමසා බලමු.

    ��දෙමටගොඩ චමින්ද නමත් එක්කම මතුවෙන අනිත් නම තමා දෙමටගොඩ රුවන්,රුවන් කියන්නෙ චමින්දගෙ සහෝදරයා.මොවුන් මුළ සිටම ගංජා , හෙරොයින් විකුණපු පොළියට සල්ලි දීපු සල්ලිකාරයො ය. පසුව මේ චමින්ද “කරාටෙ ධම්මික” එක්ක සම්බන්ධ වෙනවා.(කරාටෙ ධම්මික යනු කඩුවෙල වසන්තව මරා පාතාල ඔටුන්න හිමිකරගත් කෙනා ) කරාටෙ ධම්මික ලා ගේද ප්‍රධාන ආදායම් මාර්ගය ඌයේ කුඩු ව්‍යාපාරය මය. ධම්මිකලාට අමතරව කොළඹ කුඩු බෙදපු තවත් කෙනෙක් හිටියා ඒ තමයි “වනාතෙ ඔල්කට්” මේ ඔල්කට් ට හිටිය හොද ගෝලයො කීප දෙනෙක්. අපේ කණ් වලට හුරු “ආමි සම්පත්,බ්ලූමැන්ඩල් සංඛ” ඔල්කට්ගෙ ප්‍රධානම ගෝලයො දෙන්නා.කුරුණෑගලදි එස්.ටී.එෆ්. වෙඩි පහරින් ඔල්කට් මැරුණා.එතකොට ඒ තැනට එන්නෙ “බ්ලූමැන්ඩල් සංඛ”.ඔල්කට්,ඔල්කට් ට කලින් මාමස්මි,ෆාජි වගේ අය හැමෝම කලින් ආණ්ඩුව කාලෙ දඩයම් වෙන්වා. ගොඩක් අය කියන්න ගත්තා ඒ කාලෙ පාතාලය මර්ධනය උනා ය කියලා.

    ඇත්තටම උනේ දෙමටගොඩ චමින්දලාව ඉතුරුකර අනිත් කුඩු බිස්නස් කරපු හැමෝවම මර්ධනය කළ එක ය .��කොහොම හරි මේ අතරෙදි තමයි භාරත ලක්ෂ්මන් ඝාතනය සිදුවන්නෙ,ඒකෙ තුන්වෙනි සැකකාරයා විදියට චමින්දට රිමාන්ඩ් වෙන්න සිදුවෙනවා,චමින්ද රිමාන්ඩ් උනාම ඒ වෙනුවට කුඩු බෙදන වැඩේ කරන්නෙ දෙමටගොඩ රුවන්,චමින්දත් රිමාන්ඩ් නිසා “සංඛ ලා” ගෙන් ගොඩක් ප්‍රශ්න රුවන්ට ඇතිවෙනවා.මෙහෙම අවුරුදු දෙකක් ගිහින් 2013 දි චමින්දට ඇප ලැබෙනවා,ඇප ලැබුණ ගමන් චමින්ද කරේ සංඛලාගෙ පස්සෙ එලවන්න එක,මේකෙ උච්චතම සිද්ධිය 2013 අගෝස්තු මාසෙ වාර්තා උනා ඒ තමා “සංඛ,සම්පත්” ඇතුළු ඔවුන්ගෙ ගෝලයො වාහනයක ගමන් කරද්දි දෙමටගොඩ රේල් ගේට්ටුව ළගදි ඒ වාහනයට වෙඩිතැබීම.

    මෙතනදි වාහනේ රියදුරු සුජිත් මියයනවා. ( සුජිත් යනු කාලයක් දෙමටගොඩ රුවන්ගේ දකුණු අත මෙන් සිටි අයෙකි ) වාහනේ සිටි අනෙක් අයට දුම්‍රිය මාර්ගයෙන් ගොස් වනාතට පැන දිවි බේරාගැනීමට හැකිවිය .දුමින්ද සිල්වා ගේ දේශපාලන බලය නිසා චමින්දලාට එකළ අසීමිති බලයක් තිබුණි,ඔවුන්ට එස්.ටී.එෆ් ප්‍රශ්න තිබුණේද නැත. මේ සිද්ධියෙන් පසුබෑ “ආමි සම්පත්,බ්ලූමැන්ඩල් සම්පත් සහ මාකිලංගමුවේ සංජීව” ඩුබායි රාජ්‍යට පැනගැනීමට සමත් විය. ��එයින් පසු දෙමටගොඩ චමින්ද කොළඹ පාතාලයේ ඔටුන්න දරා සිටීමට සමත් විය.නමුත් ඔහුට මේ කිරුළ අවුරුදු දෙකක්වත් දරා සිටීමට නොහැකි විය. ආණ්ඩුව වෙනස් විය,දුමින්දලාගෙ දේශපාලන බලය අහිමි විය.

    ඔල්කට්ලාගේ සිටම එජාප දේශපාලන සම්බන්ධකම් සංඛලා ට තිබුණි, එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව වෙනස්වීමත් සමග ඔවුහු ඩුබායි සිට රහසේම ලංකාවට පැමිණියහ.මොවුන් ලංකාවේ සිටින බව මුලින්ම වාර්ථා උනේ “ජෝන් අමරතුංග” ගේ සාදයකදීය. 2015 අගෝස්තු ජන්දයේදි මොවුන් එජාප ය වෙනුවෙන් ජන්ද ව්‍යාපාරයට එක්වුණ බවට තතු දන්නා අයට නොරහසකි. ��අළු යට ගිණි නැවත පුපුරා යන්නෙ බ්ලූමැන්ඩල් හීදී පැවැත්වුණ එජාපයේ දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.බ්ලූමැන්ඩල් සංඛ හා සම්පත් විසින් මෙහෙයවූ එයට වෙඩි වරුසාවක් එල්ල උනේ ස්ත්‍රියකට හා තවත් තරුණයෙකුට මරු කැදවමිනි නමුත් සුපුරුදු ලෙස සංඛ හා සම්පත් නැවතත් දිවි ගලවා ගත්හ.මෙය දේශපාලන ප්‍රශ්නයක් ලෙස එජාපයෙන් උලුප්පා දැක්වූවත් සැබෑවටම මෙය කල්ලි දෙකක ගැටුමකි.

    මෙහි පළිය චමින්දගෙන් ගැනීමට උවමනා වූවත් රිමාන්ඩ් බන්ධනාගාරයේදී ඔහුට ඕනෑවටත් වඩා ආරක්ෂාවක් තිබුණි.චමින්දගේ ජීවිතයට මාන අල්ලමින් සිටි සංඛලා ට ඒ අවස්ථාව උදාවුනේ 2016 මාර්තු මස 02 දිනයේදීය ,භාරත නඩුවාරයක් අවසන් වී නැවත රැගෙන යමින් සිටි බන්ධනාගාර බසයට වෙඩිතැබුවේ එදින ය. ජනේලයේ දැල අස්සෙන් තුවක්කු බටය දමා චමින්දගේ ශරීරයට වෙඩි දෙකක්ම තැබූවත් ඔහුගේ දී තොර කිරීමට එයද ප්‍රමාණවත් නොවුණි.මේ සිද්ධියට සැකකකරුවෙකු ලෙස ආමි සම්පත් හා බ්ලූමැන්ඩල් සම්පත් ද අත්තඩංගුවට ගන්න ලඳි.එජාප ප්‍රභලයන්ගේ රැකවරණය ලැබුණත් සංඛව හා සම්පත් ව අත්තඩංගුවට ගැනීම පොලීසිය ලඳ තරමක ජයග්‍රහණයකි.

    ( මෙය භාරත ඝාතනයට චමින්ද අත්තඩංගුවට ගැනීම හා සමාන දෙයක් මිසක් ඊට එහා ජයග්‍රහණයක් ද නැත ) ��දැන් චමින්දට මරණ දඩුවම ලැබී ඇත.තීන්දුව ඇසීමට පෙරද,ඇසීමෙන් පසුද චමින්ද සිනාසුනේ ඔහුගේ දිවි ආරක්ෂා කල සතුට වෙනුවෙන් විය යුතුය. මන්ද ඔහු නිදහස් උනි නම් ඔහුගේ මරණ දඩුවම පැය 24ක් තුළ වුවද ක්‍රියාත්මක කිරීමට සංඛලා ගේ ගෝලයින් බලා සිටිනවා නො අනුමානය.ලංකාවේ කුඩු ජාවාරම හා බැදුණ පාතලය චමින්ද සමග අවසන් වූයේ නැත.සිදුවුණේ චමින්ද ලා ලග තිබුණ කුඩු ජාවාරම සංඛලා අතට යාම පමණකි. සංඛ ලා හිරේ සිටියත් ඔවුන්ට ඇති දේශපාලන හයියෙන් නම් අඩුවක් නැත,ඔවුන් ඇප ලබා නැවතත් පෙර පරිදි පිළිල වේවි. ඉතින් සතුටු වන්න ඉක්මන් නොවන්න, පාතාලය ඉවර නැත.
     

    waligamaya

    Well-known member
  • ගෝටා හිටියනම් ඕකුන් ඔක්කොම එලොව

    එතුමා හිටියනම් කලින් කළා වගේන දුමියගේ කට්ටිය ඉතුරු කල්රලා අනිත් ඔක්කොම මරනවා, එය කිව්වේ එක නේද:lol::lol::lol:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එතුමා හිටියනම් කලින් කළා වගේන දුමියගේ කට්ටිය ඉතුරු කල්රලා අනිත් ඔක්කොම මරනවා, එය කිව්වේ එක නේද:lol::lol::lol:

    පාතාලේ රජ වන්නට UNP රජයක් ඕනෑ වේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අපි කලේ බිස්නස් එකක්. මිනී මැරුවෙ නෑ. දැන් මම ඇතුලෙ ඉන්නෙත් ගෝටා ගහපු ප්ලෑනක් නිසා :dull:

    Ewagen wadak na. Kawda bun umbath ekka set wechcha niliyo tika? :rofl: