දෙමලිච්චො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    දෙමලිච්චන්ට පොල්කිච්චො කියල කියනවද? අර කකුල් දෙකෙන්ම උඩ පැන පැන යන අලු පාට පොඩි කුරුල්ලො ජාතිය

    මේකයි දැං වැඩේ, ඇයි මෙයාල එක්ක ලේන්නුත් එකට ඉන්නෙ? :confused:
    වත්තකට දෙමලිච්චො රංචුවක් ආවම, අනිවා එතන ලේන්නුත් කැරකෙනව දකින්ඩ පුලුවං.. :baffled:

    දෙගොල්ලො යාලුවොද ? :P
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපේ පැත්තෙනම් පොල්කිච්චා කියල කියන්නෙ බං.
    එහෙම එකට ඉන්නවද බන්.
    මං එහෙම අවදානයෙන් බලල නෑ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දෙමලිච්චන්ට පොල්කිච්චො කියල කියනවද කියල නම් දන්නේ නැ. එත් දෙමලිච්ච දුඹුරු පාරයි.
    දෙමලිච්චන් බිම හැමතැනම අව්ස්සන නිසා ලේන්නු උන්ටත් මොන හරි කමට හොයාගන්න පුළුවන් කියල හිතල එනවා වෙන්න ඇති.
    අනික ගිරව් එහෙම ලේන්නු අවම එලවනවා, නමුත් මම කවදාවත් දැකල නැ දෙමලිච්චෝ එහෙම කරනවා.
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    පොඩි කාලේ අහල තියෙනවා දෙමලිච්චෝ වෙලා උපදින්නේ හිර ගෙදර jalor ල ලු. හිරකරයෝන්ගේ කකුල් වලට මාංචු දාන නිසා :P:P
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    යකෝ දෙමලිච්චෝ අළු පාට උන්. කලුයි සුදුයි උන් පොල්කිච්චෝ. පොල්කිච්චා වගේම කලු විතරක් එකා මීච්චා:rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොල්කිච්චා

    IMG_9414.jpg



    දෙමලිච්චා / දෙමලිත්තා

    images



    දෙමලිත්තෝ ඉන්න තැන් වලට ලේන්නු එන්න හේතුව උන් ගොඩක්ම එන්නේ කෑම නිතරම තියෙන තැන් වලට.. ඒ නිසා ලේන්නු නිතරම උන් එක්ක ඉන්නවා. උන්ගෙන් කරදරයක් නැති නිසාත්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    6815774769_59cf937a96_m.jpg
    මේ ඉන්නෙ දෙමලිච්චා

    magpie_robin2.jpg
    මේ ඉන්නේ පොල්කිච්චා

    :yes::yes: ඔව් ඔව් මට වැරදුණා..
    පොල්කිච්ච නෙමේ.. දෙමලිච්ච
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පොඩි කාලේ අහල තියෙනවා දෙමලිච්චෝ වෙලා උපදින්නේ හිර ගෙදර jalor ල ලු. හිරකරයෝන්ගේ කකුල් වලට මාංචු දාන නිසා :P:P

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    දෙමලිච්චගෙයි ලේනගෙයි පාටත් සමානයි.. :P
    ඒකත් හේතුවක් වෙන්ඩ බැරිද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    තව ඉන්නව මචංල කවුඩ කියල එකෙක්..
    අම්මට සිරි ඕකුන් වෙලාවකට පුසෝ ඤාව් ඤාව් ගානව වගේම සද්දයක් දානව :baffled: අපි හොයනව කොහෙන්ද මේ පූසෙක් කෑ ගහන්නෙ කියල :lol:
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    දෙමලිච්චො ඉන්න තැන ලේනුන්ට safty වැඩියි. උන් පොඩි අතුරක් ආවත් බෙරිහන් දීලා කෑගහනවා. උන්ගේ සද්දෙට ලේනා මුලින්ම කරන්නේ කෑගහගෙන දුවන එක. ගහක් උඩට දුවලා තමයි ඌ බලන්නේ මොකක්ද සිද්ධිය කියලා. ලේනා free සිකියුරීටි සර්විස් එකක් අරන් වගේ තමයි.
    අනික දෙමලිචිචො අළු පාටයි, පොල්කිච්චෝ කලු පාටයි. මම වැරදිනම් නිවැරදි කරපන් ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    දෙමලිච්චො ඉන්න තැන ලේනුන්ට safty වැඩියි. උන් පොඩි අතුරක් ආවත් බෙරිහන් දීලා කෑගහනවා. උන්ගේ සද්දෙට ලේනා මුලින්ම කරන්නේ කෑගහගෙන දුවන එක. ගහක් උඩට දුවලා තමයි ඌ බලන්නේ මොකක්ද සිද්ධිය කියලා. ලේනා free සිකියුරීටි සර්විස් එකක් අරන් වගේ තමයි.
    අනික දෙමලිචිචො අළු පාටයි, පොල්කිච්චෝ කලු පාටයි. මම වැරදිනම් නිවැරදි කරපන් ...

    ඔව් ඒවගේ මොකක්හරි හේතුවක් ඇති..