මේ ත්රෙඩ් එකේ OP ගේ පෝස්ට් එකට වඩා සමහරු දීලා තිබුන අදහස් දැක්කම ඊට වඩා ඩිප්රෙස් උනා. ත්රෙඩ් එකේ හැම දෙයක්ම කියෙව්වට පස්සේ මට ඉස්සර කාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ, US Army එකේ high ranking General කෙනෙක්ගේ දුවෙක්, training එකක් අතරේ අනිත් සෙබළු අතින් සමූහ දූෂණයට ලක් වෙන කතාවක්. අර general ට හුගක් අය කියන්නේ හමුදා ඇකඩිමි එකේ ගෞරවය ගැන හිතල ඒ සිද්දිය අමතක කරල දාන්න කියලා. පස්සේ ඒ General, හොස්පිටල් එකේ ඉන්න තමන්ගේ දුවටත් කියන්නේ ඒ සිද්දිය අමතක කරල දාන්න කියල. කොහොම හරි ෆිල්ම් එකේ එක තැනක මෙහෙම දෙබසක් තියෙනව,
“What’s worst than rape?”
“Betrayal “
මට op ට දෙන්න තියෙන අදහස තමයි, ප්රශ්ණයට විසදුමකට යන්නම බැරි නම්, එක සැරේ මුළු ගානම අරගෙන "මල්ලිට" ඉඩම දෙන එක. ඊට පස්සේ ඒ අයගෙන් බලාපොර්තු වෙන්න පුළුවන් මොකක්ද කියල තේරුම් අරන් සම්බන්දකම් තියා ගන්නවද නැද්ද අනුව තමන්ගේ පාඩුවේ ඉන්න එක. මිනිස්සුන්ගෙන් ඉස්සරහට බලාපොර්තු වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද කියල තේරුම් ගත්තම තමන්ගේ හිත රිදවගන්න එක අඩු කර ගන්න පුළුවන්.