කණ කෙකණි විලාපෙන් තිගැස්සී
තුන් පිරිත් හඬ මැකුණු අලුයමක
නොකියාම නුඹ ගිහින් රහසින්ම....
ඔයාගේ නුලට ස්තුතියි සහෝදරයා. මගේ තාත්ත මට නැති උනේ මීට අවුරුදු 11 කට කලින්. ඉන් පස්සේ හුඟක් දුක් විඳලා මම තාත්තගේ හීන හැබෑ කලා. එත් අද ඒවා ඇස් දෙකෙන් දකින්න තාත්ත මගේ ළඟ නැහැ.මේ පද ටික මගේ තාත්ත වෙනුවෙන් ලියවුනේ. එළකිරි එකේම කලින් පොස්ට් කරලා තිබුනත් මෙතනත් දාන්න හිතුනා.
කණ කෙකණි විලාපෙන් තිගැස්සී
තුන් පිරිත් හඬ මැකුණු අලුයමක
නොකියාම නුඹ ගිහින් රහසින්ම
සැඟවුණු තරු පොකුර කොයිබදැයි
විඩාබර දෑසින් සොයන්නෙමි...
මොහොතකට දකින්නට අප්පච්චි...
දිවා රෑ නුඹේ දා බිඳු ඉසී මල් පිපී
කිරි වැදුණු මල් ගොයම දැක දැකම
යන්න ගිය දා ඉඳන් නොකියාම
ඉර හඳ නොපායන කන්නයක
අස්වනු නෙලූ හැටි කියන්නෙමි...
හීනයකවත් එන්න අප්පච්චි...
සැඩ සුළං සැරයෙන් සිත් බිදී
නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම
දුක බෙදා ගන්නට බැරි කමට
මාල ගිරවා ගියා අතහැර මාල හත
දුක දරා ගත් හැටි කියන්නෙමි...
ආයිමත් එයි නම් අප්පච්චි...
ඔයාගේ නුලට ස්තුතියි සහෝදරයා. මගේ තාත්ත මට නැති උනේ මීට අවුරුදු 11 කට කලින්. ඉන් පස්සේ හුඟක් දුක් විඳලා මම තාත්තගේ හීන හැබෑ කලා. එත් අද ඒවා ඇස් දෙකෙන් දකින්න තාත්ත මගේ ළඟ නැහැ.මේ පද ටික මගේ තාත්ත වෙනුවෙන් ලියවුනේ. එළකිරි එකේම කලින් පොස්ට් කරලා තිබුනත් මෙතනත් දාන්න හිතුනා.
මගේ කතාවත් මේ හා සමානම එකක්... නමුත් මගේම නිර්මානයක් නොවුනත් හැමදාම හදවතේ රැඳුනු මේ පදපෙල කවදාවත් අමතක වෙවිද..?
දරු දුක උහුලා... තනිව වැලපෙනා......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා.....
පුජා.... පුජා වෙවා........

මැට්ටා;14835559 said:සාමාන්යෙන් මේ වගේ වටිනා thread එකක් bump වෙනවා අඩුයි .
එක තමයි කොල්ලෝ ලෝක ස්වභාවය .
18+ දැම්ම නම් මෙලහකට උබේ pages 20 ක් විතර ගිහිල්ලා (අත්දැකීමෙන් කියන්නේ)
උබ ගණන් ගන්න එපා .. මේ ත්රෙඅඩ් එක දිගටම ඇදන් පලයන් ..
මම full sup එක දෙන්නම්
rep +++ by මැට්ටා![]()
![]()